From Wikipedia, the free encyclopedia
දෑස් බැඳගෙන ඇල්ලීම [1] ලුහුඹැඳ අල්ලාගැනීමේ ක්‍රීඩාවකි. එය ටැග් ප්‍රභේදයකි ප්‍රභේදයකි. එය ටැග් ක්‍රීඩාවෙන් වෙනස් වන්නේ අල්ලන ක්‍රීඩකයාගේ දෑස් බැඳ ඇති බැවිනි. මෙම ක්‍රීඩාවේ සාම්ප්‍රදායික ඉංග්‍රීසි නම "Blind man's buff" වේ. එහිදී බෆ් (buff) යන වචනය කුඩා තල්ලුවක් යන පැරණි අර්ථයෙන් භාවිතා වේ.
දෑස් බැඳගෙන ඇල්ලීම එළිමහනේ හෝ විශාල කාමරයක වැනි ඉඩකඩ සහිත ප්‍රදේශයක හෝ ක්‍රීඩා කරනු ලැබේ. එහිදී එක් ක්‍රීඩකයෙක් අනෙක් ක්‍රීඩකයන් දැකීමට නොහැකිවන සේ දෑස් බැඳගෙන, ඔවුන්ව ස්පර්ශ කිරීමට උත්සාහ කරයි. අනෙකුත් ක්‍රීඩකයෝ විසිරී ගොස් අල්ලන්න ක්‍රීඩකයාව මග හැරීමට උත්සාහ කරති. ඔවුහු අල්ලන්නා ඉදිරියේ හෝ දෙපස සිටින අතර සමහර විට ඔවුන්ට උසුළු විසුළු කරමින් අල්ලන්නා ගමන් කරන දිශාව වෙනස් කිරීමට බලපෑම් කරති. [2]
දෑස් බැඳි ක්‍රීඩකයා යමෙකු අල්ලා ගත් විට, අල්ලා ගත් ක්‍රීඩකයාගේ නව අල්ලන්නා බවට පත් බවේ. එවිට අල්ලා ගන්නා තැනැත්තා ඔවුන්ගෙන් පලා යයි.
මෙම ක්‍රීඩාවේ අනුවාද කිහිපයක් තිබේ:
මෙම ක්‍රීඩාවේ අනුවාදයක් පුරාණ ග්‍රීසියේ ක්‍රීඩා කරන ලද අතර එය "තඹ මදුරුවා" ලෙස හැඳින්වේ. [3] [4]
මෙම ක්‍රීඩාව බංග්ලාදේශයේ ළමුන් විසින් ක්‍රීඩා කරනු ලබන අතර එය අන්ධ මැස්සිය යන අර්ථය ඇති කනමාචි ලෙස හැඳින්වේ. මෙහිදී "කණ මැස්සිය වේගෙන් පියඹනවා! ඔබට හැකි ඕන කෙනෙක් අල්ලා ගන්න!" යනුවෙන් පුනරුච්චාරණය කරමින් දුවන ක්‍රීඩකයන්ගෙන් කෙනෙකු අල්ලා ගැනීමට හෝ ස්පර්ශ කිරීමට එක් දෑස් බැඳගත් ක්‍රීඩකයෙක් උත්සාහ කරයි.
ටියුඩර් යුගයේ දී දෑස් බැඳගෙන ඇල්ලීම ක්‍රීඩාකර ඇති බව සඳන් වෙන අතර, හෙන්රි VIII ගේ රාජ සභිකයන් විසින් එහි විනෝදාස්වාදය සඳහා ක්‍රීඩා කල බවද පැවසේ. එය වික්ටෝරියානු යුගයේ ජනප්‍රිය ශාලා ක්‍රීඩාවක් ද විය. කවියෙකු වන රොබට් හෙරික් ඔහුගේ 1624දී රචනා කල "A New Yeares Gift Sent to Sir Simeon Steward" යන කාව්‍යයේ විවිධ විනෝද ක්‍රීඩා අතර දෑස් බැඳගෙන ඇල්ලීම ද සඳහන් වේ: [5]
That tells of Winters Tales and Mirth,
That Milk-Maids make about the hearth,
Of Christmas sports, the Wassell-boule,
That tost up, after Fox-i' th' hole:
Of Blind-man-buffe, and of the care
That young men have to shooe the Mare
දෑස් බැඳගෙන ඇල්ලීම ඇෆ්ගනිස්ථානය ඇතුළු ආසියාවේ බොහෝ ප්රදේශවලත සහ යුරෝපය පුරාත් ක්‍රීඩා කරණු ලබයි.
දෑස් බැඳගෙන ඇල්ලීමට සමාන ළමා ක්‍රීඩාවක් වන්නේ මාර්කෝ පෝලෝ ය. මාර්කෝ පෝලෝ සාමාන්‍යයෙන් පිහිනුම් තටාකයක ක්‍රීඩා කරනු ලැබේ; එහිදී දෑස් බැඳ ඇති අල්ලන ක්‍රීඩකයා "මාකෝ" යැයි හඬගසන අතර අනෙක් ක්‍රීඩකයින් "පෝලෝ" ලෙස පිළිතුරු දිය යුතුය. එමඟින් ඔවුන් සිටින ස්ථාන ශබ්දය ආධාරයෙන් අඳුනාගෙන ඔවුන්ව ලුහුබැඳීම සිදු කරයි.
මීට සමාන තවත් ළමා ක්‍රීඩාවක් වන්නේ ඩෙඩ් මෑන් ය. එහිදී අල්ලන ක්‍රීඩකයා ඇස්වැස්මක් පැළඳීම වෙනුවට ඇස් වසාගෙන අන් ක්‍රීඩකයන් ලුහුබැඳ යයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.