ද්විධ්රැව සන්ධි ට්‍රාන්සිස්ටරය
From Wikipedia, the free encyclopedia
BJT redirects here. For the Japanese language proficiency test, see Business Japanese Proficiency Test.
ද්වීධ්‍රැවීය සන්ධි ට්‍රාන්සිස්ටරය (බීජේටී) යනු ට්‍රාන්සිස්ටර වර්ගයකි. මෙම ත්‍රි-අග්‍ර උපාංගය මාත්‍රණය කල අර්ධසන්නායක ද්‍රව්‍යයන් උපයෝගී කොට නිෂ්පාදනය කර ඇති අතර වර්ධන කාර්යයක් සඳහා හෝ ස්විචයක් ආකාර කාර්යයන් සඳහා හෝ භාවිත කල හැක. ද්වීධ්‍රැවීය ට්‍රාන්සිස්ටර එලෙස නම් කර ඇත්තේ ඒවායේ ක්‍රියාකාරිත්වය ඉලෙක්ට්‍රෝනයන් හා කුහරයන් යන දෙක මතම රඳා පවතින නිසාය.
බහුතර වාහකයන් ගලා යෑම මත යැපුනද, ට්‍රාන්සිස්ටර ධාරාවෙන් වැඩි කොටසක් සුළුතර වාහකයන් ගලා යෑම මත රඳා පවතින හෙයින් බීජේටී වර්ගීකරණය වනුයේ 'සුළුතර-වාහක' උපාංගක් ලෙසය.