ද්වාරය:දේශපාලනය
From Wikipedia, the free encyclopedia
![]() | Portal maintenance status: (2022 ජූලි)
|
හැඳින්වීම
දේශපාලනය වූ කලී සමාජ විද්‍යාවකි.
තෝරාගත් සාමාන්‍ය ලිපි
- Image 1ව්‍යවස්ථාදායකය යනු නිති සකස්කරීමට වෙනස් කිරීමට සහ සම්මත කිරීමට බලය ඇති සාකච්ඡා කිරීම සදහා වූ නියෝජිත සහාවකි.
ව්‍යවස්ථාදායකයන්ට විවිධ නම් ඇත. සුලබව යෙදෙන්නේ පාර්ලිමේන්තුව, කොංග්‍රසය වැනි වදන්ය. ව්‍යවස්ථාදායකයේ ප්‍රධාන කාර්ය වන්නේ නිති සෑදීම සහ වෙනස් කිරීමය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයක ව්‍යවස්ථාදායකය උත්තරීතර වන අතර එය මගින් විධායකය පත් කෙරේ. ජනපති ක්‍රමයකදී ව්‍යවස්ථාදායකය යනු විධායකයට සමාන හා ඉන් පරායත්තව බල සහිත ආයතනයකි. නීති සම්මත කිරීමට අමතරව බදු එකතු කිරීමට, අය වැය සහ අනෙක් මූල්‍යයනත් සම්බන්දයෙන් ද ව්‍යවස්ථාදායකයට බලය ඇත. (තව දුරටත්...) - Image 2
The members of political parties coordinate to collectively achieve and use political power.
දේශපාලන පක්ෂයක් (ඉංග්‍රීසි: political party) යනු මැතිවරණ ව්‍යාපාරයන්හී යෙදෙමින් රජයක් තුල දේශපාලන බලතල ලබාගැනිම ට උත්සාහ කරන දේශපාලන සංවිධානයකි. මොවුන් සාමාන්‍යයෙන් මත වාදයක් සහ දෘෂ්ටියක් දරන අතර සමහර විට විවිධ මත දරන කණ්ඩායම් ගණනක එකතුවක්ද විය හැක. සිය දේශපාලන අදහස් හසුරවමින් සහ ප්‍රචාරකරමින් ඡන්දය ලබාගැනිම මේවා සිදූ කරයි. (තව දුරටත්...) - Image 3අන්තර් - ජාතීය සබදතා / අන්තර්ජාජාතික සබදතා ජාත්‍යන්තර සබදතා.
අතීතයේ ලොව බොහො රටවල් ස්වයං පොෂිත අර්ථ ක්‍රම පැවතුනි. පසුව ජනගහණය වර්ධනය සමග ඊට සාපේක්ෂව මිනිස් අවශ්‍යතා සංකීර්ණ වීම පදනම් කරගෙන භාම්ඩ සදහා පවතින ඉල්ලුම වැඩි වුණා.. (තව දුරටත්...) - Image 4දේශපාලන විද්‍යාව යනු රාජ්‍යය, රජය හා දේශපාලනය පිළිබඳ අධ්‍යයනයට අදාළ සමාජ විද්‍යා ශික්ෂණයකි.
දේශපාලනය විවිධ ඓතිහාසික සන්දර්භ වලදී මෙන්ම විවිධ විශ්ලේෂකයන්ගේ අර්ථකතනයන් හා විවිධ තේරුම් ද සහිතව ද ඉදිරිපත් වී ඇත. ඉංග්‍රීසි භාෂවේ politics යන යෙදුම සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දේශපාලනය වශයෙනි. ඒ නිසා බොහෝ දෙනෙකු දේශපාලනය (politics) යනු දේශය පාලනය කිරීම වශයෙන් අර්ථ ගැන්වීමට යොමු වී ඇති බව පෙනෙන්නට ඇත. එහෙත් මෙවැනි අර්ථ දැක්වීමකින් දේශපාලනය යන යෙදුමෙහි අන්තර්ගත වන අර්ථය කිසිසේත්ම පැහැදිළි වන්නේ නැත. වෙනත් ආකාරයකින් කියනවා නම් එය දේශපාලනය අසම්පුර්ණ ලෙස අර්ථ ගැන්වීමකි. ඇතැම් විට ජනප්‍රිය තලයේදී , එනම් එදිනෙදා ජීවිතයේදී සාමාන්‍යයෙන් මිනිසුන් දේශපාලනය අත් දකින ආකාරය අනුව එවැනි අර්ථ ගැන්වීමක් ප්‍රමාණවත් විය හැකි වුවත් දේශපාලන විද්‍යාව හදාරන්නන් එහි අර්ථය එයට වඩා තරමක් ගැඹුරින් අවබෝධ කරගත යුතුය. (තව දුරටත්...) - Image 5
අධිකරණ සංකේතය
අධිකරණය හෝ අධිකරණ පද්ධතිය යනු රාජ්‍යයේ නාමයෙන් සාධාරණත්වය ඉෂ්ඨ කරන උසාවි පද්ධතියකි. මෙය ප්‍රධාන වශයෙන් ගැටුම් විසදීමේ යාන්ත්රනයකි. විනිශ්චයකාරවරුන්, මහේස්ත්‍රාත්වරුන් වැනි ප්‍රධාන චරිතවලට අමතරව සමාජ සාධාරණ ක්‍රියාවලට සහය දක්වන පුද්ගල සමූහයන් සඳහාද මෙම යෙඳුම භාවිතා කෙරේ. බලතල වෙන් කිරීමේ න්‍යාය අනුව අධිකරණයක් යනු නීතිය විවරණය කරන රාජ්‍යයේ, ශාඛාවයි. එම නිසා ව්‍යවස්ථාදායකය මගින් පැනවූ නීති මෙසේ විවරණය කෙරේ.- පොඳු නීතිය බලපාන අධිකරණ ක්ෂේත්රවල අධිකරණ නීති පූර්ව නිගමන න්‍යාය වශයෙන් ගෙන නඩු තීන්දු මගින් නිති සකස්කිරීමට අධිකරණයට හැකිය.
Need help?
Do you have a question about දේශපාලනය to which you can't find the answer?
Consider asking it at the Wikipedia reference desk.
Associated Wikimedia
විකිබුක්ස්
පොත්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fa/Wikibooks-logo.svg/25px-Wikibooks-logo.svg.png)
කොමන්ස්
මාධ්‍ය
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Commons-logo.svg/18px-Commons-logo.svg.png)
විකිනිව්ස්
පුවත්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/24/Wikinews-logo.svg/46px-Wikinews-logo.svg.png)
විකික්වෝට්
කියමන්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fa/Wikiquote-logo.svg/21px-Wikiquote-logo.svg.png)
විකිසෝර්ක්
මූලාශ්‍ර
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4c/Wikisource-logo.svg/24px-Wikisource-logo.svg.png)
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/91/Wikiversity-logo.svg/31px-Wikiversity-logo.svg.png)
වික්ෂනරි
අර්ථ දැක්වීම්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ec/Wiktionary-logo.svg/25px-Wiktionary-logo.svg.png)
විකිඩේටා
දත්ත ගබඩාව
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/ff/Wikidata-logo.svg/45px-Wikidata-logo.svg.png)