ද්වාරය:කෘෂිකර්මය
From Wikipedia, the free encyclopedia
![]() | Portal maintenance status: (2019 සැප්තැම්බර්)
|
හැඳින්වීම
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3d/Tomb_of_Nakht_%282%29.jpg/320px-Tomb_of_Nakht_%282%29.jpg)
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bd/Rice_Field.jpg/220px-Rice_Field.jpg)
කෘෂිකර්මය යනු ගොවිතැන හෝ වැවිලි මගින් ආහාර නිපදවීමයි.
දේශීය වශයෙන් ආහාර නිෂ්පාදනය ඉන්දු නිම්නයේ විශාල ලෙස පැවති බව වර්ෂ 1980 හි පසුභාගයේ දී කරන ලද සමහර අද්ධ්‍යනයක් මගින් පෙන්වා දෙයි. මර්ගාර් (පැයරට්රය) හි ජනයා පරිසරයට හුරු කළ තිරිගු සහ බාර්ලි භාවිතා කළ බවත් වගා කරන ලද ප්‍රධාන ධාන්‍ය වර්ගය වුයේ තිරු දෙකෙහි බාර්ලිවලින් උපදවාගත් බෝගයක් වු වැස්මක් රහිත තිරු හයේ බාර්ලිවලින් වර්ගයක් බවත් ප්රකටය. (සාෆර් සහ ලිච්ස්ටෙන්ස්ටයින් 1995. 1997 මාර්ග භුමිය ‘‘ආහාර නිෂ්පාදනය දේශිය දකුණු ආසියානු ප්රපංචයක් බව පෙන්නුම් කරන බවත් ‘‘දකුණු ආසියාවේ ප්රාග් ඓතිහාසික නාගරිකරණය සහ සංකිර්ණ සමාජය සංවිධානය දේශිය. එහෙත් තනි නොවු සංස්කෘතික සංවර්ධනයක් මත පදනම් වු බවත්’‘ අරුත් දැක්වීමට පවත්නා දත්ත සහාය වන බව පුරාවිද්‍යාඥ ජිම්.ජි ෂ8ාර් 61999: 245) ලියයි. කෙසේ වුව ද සොරියන් ෆුලර් වැනි අනෙකුත් අය මැද පෙරදිග තිරිඟු ආසියානු තත්ත්වයට හුරුවිමට අවුරුදු 2000 ක පමණ කාලයක් ගත වු බව පවසයි.
තෝරාගත් ලිපි
- Image 1කෘෂිකර්මයෙහි මුල් ක්‍රමය වූයේ සාම්ප්‍රදායික ගොවිතැන (විවිධ යුග තුල සහ විවිධ ස්ථානයන්හී යම් විශේෂිත ක්‍රම භාවිතයෙන්) වූ අතර, වසර දහස් ගණනක් මුළුල්ලේ එය භාවිතා කෙරිණි. සියළු සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම දැන් සැලකෙන්නේ "කාබනික ගොවිතැන" ලෙසින් වන අතර එම කාලයෙහිදී දන්නා තරමින් අකාබනික ක්‍රම ගොවිතැන සඳහා භාවිතා නොවිණි. නිදසුනක් වශයෙන්, පූර්ණ වශයෙන් කාබනික ආහාර නිෂ්පාදන ක්‍රමයක් වූ සහ, ප්රාග් ඓතිහාසික සමයයන් දක්වා කාල නිර්ණය කල හැකි කැලෑ ගෙවතු වගාව, ලෝකයෙහි පැරණිතම සහ වඩාත් ප්‍රත්‍යස්තිථ කෘෂි පාරිසරික පද්ධතිය ලෙසින් සැලකෙයි. කාර්මික විප්ලවය විසින් අකාබනික ක්‍රම එක් කරන ලද අතර, ඒවායින් බොහෝමයක් හොඳින් විකාසිතව නොතිබූ අතර එනයින් බරපතළ අතුරු බලපෑම සහිත විය. කෘත්‍රිම පොහොර වර්ග සහ පළිබෝධ නාශක භාවිතය කෘෂිකර්මයෙහි වර්ධනය වෙමින් පැවතුනු අවධියක ඒවාට අධික ලෙසින් පැවති ප්‍රතිෂ්ඨාවට ප්‍රතිචාර වශයෙන් 1940ගණන් වලදී කාබනික ව්‍යාපාරය ඇරඹිනි. මෙලෙස කාබනික ගොවිතැන වෙතට යළි යොමුවීමෙහි නූතන පුනර්ජීවනය 20වන සියවසෙහි පළමු අර්ධය දක්වා කාල නිර්ණය වන අතර එකල වන විට නව කෘත්‍රිම, අකාබනික ක්‍රම කෙරෙහි කෘෂිකර්මයෙහි වර්ධනය වෙමින් පැවතුනු ප්‍රතිෂ්ඨාවක් දක්නට ලැබිණි. (තව දුරටත්...)
- Image 2
කාබනික ගොවිතැන්කරණය යනු කෘෂිකර්මාන්තයේ එක් ආකාරයක් වන අතර එහිදී කෘතීම පොහොර හා පලිබෝධනාශක, ශාක වැඩීම් පාලක, පශු සම්පත් පෝෂණ ආකලන හා ජානමය වශයෙන් නවීකරණය කරන ලද පටක භාවිතා නොකරයි. කාබනික වගාකරුවන් විසින් පාංශු නිෂ්පාදිතය පවත්වා ගැනීමට හා පලිබෝධකයන් පාලනය කිරීම සඳහා හැකිතාක් දුරට වගා භ්‍රමණය, හරිත පොහොර, කොම්පෝස්ට්, ජීව විද්‍යාත්මක පලිබෝධ පාලනය හා යාන්ත්‍රික වගා කිරීම භාවිතා කරයි. කාබනික ගොවිතැන්කරණය බොහෝ විට සාම්ප්‍රදායික රසායනික ගොවිතැන්කරණය සමඟ වෙනස්කම් දක්වයි. කාබනික කෘෂිකර්මාන්තය තිරසාර කෘෂිකර්මාන්තයේ උප අංශයක් ලෙස සැලකිය හැකි අතර වෙනස වන්නේ කාබනික වීම සඳහා නීතිමය සම්මත සමඟ එකඟවීමට යම් සහතික කිරීමක් අවශ්‍ය වන නිසාය. කාබනික ක්‍රම කෘෂි පරිසර විද්‍යා ක්ෂේත්රයේ දී අධ්‍යයනය කරනු ලැබේ. ව
1990 සිට කාබනික නිෂ්පාදන සඳහා වූ වෙළඳ පොළ සීඝ්‍ර වේගයකින් වර්ධනය වී ඇති අතර එය වාර්ෂිකව 20- 25% ට පමණ වේ. තවද මෙමඟින් කාබනික වශයෙන් කළමණාකරණය වන ගොවිතැන් පළවල මේ හා සමානව දියුණු වීමක් ඇති කර ඇත. ලොව පුරා දළ වශයෙන් වර්ග කිලෝ මීටර 306000 පමණ (හෙක්ටයාර මිලියන 30.6) කාබනිකව වගා කරනු ලැබේ. මීට අමතරව 2005 දී කාබනික කැලෑ නිෂ්පාදන දළ වශයෙන් හෙක්ටයාර මිලියන 62ක පමණ වගා කොට තිබුණි. (IFOAM 2007:10) (තව දුරටත්...) - Image 3
පස වෙනුවට පෝෂ්‍ය කොටස් අඩුංගු ද්‍රවණයක් ආධාර කොට ගෙන ශාක වැවීම
මෙහිදි පස වෙනුවට පෝෂ්‍ය කොටස් අඩුංගු ද්‍රවණයක් ආධාර කොට ගෙන ශාක වැවීම සිදු කරන අතර මෙය හැදින්වීමට Hydroponics නම් ඉංග්‍රීසි පදය පිලිවෙලින් ජලය සහ ශ්‍රමය හැදින්වීමට භාවිතා වන ග්‍රීක පදයන් වන hydro සහ ponos යන පදයන් ඇසුරෙන් නිර්මාණය වුවකි. පස මත වැවෙන ශාක වර්ග වර්ධනය සදහා ඒවායේ මුල් පෝෂණ කොටස් අඩංගු ද්‍රවණයක් පමණක් යොදා ගෙන හෝ පර්ලයිට්, බොරළු හෝ ඛණිජ පුළුන් වැනි උදාසීන මාධ්‍යයක ආධාරයෙන් වගාකළ හැක. මේ සදහා ක්‍රම වේද ගණනාවක් පවති. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට කෘෂිකර්මය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
- Image 1විශාල ප්‍රමාණයේ නවීන fertilizer spreader එකක් (from පොහොර)
උප ප්‍රවර්ග
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fa/Wikibooks-logo.svg/25px-Wikibooks-logo.svg.png)
කොමන්ස්
මාධ්‍ය
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Commons-logo.svg/18px-Commons-logo.svg.png)
විකිනිව්ස්
පුවත්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/24/Wikinews-logo.svg/46px-Wikinews-logo.svg.png)
විකික්වෝට්
කියමන්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fa/Wikiquote-logo.svg/21px-Wikiquote-logo.svg.png)
විකිසෝර්ක්
මූලාශ්‍ර
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4c/Wikisource-logo.svg/24px-Wikisource-logo.svg.png)
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/91/Wikiversity-logo.svg/31px-Wikiversity-logo.svg.png)
වික්ෂනරි
අර්ථ දැක්වීම්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ec/Wiktionary-logo.svg/25px-Wiktionary-logo.svg.png)
විකිඩේටා
දත්ත ගබඩාව
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/ff/Wikidata-logo.svg/45px-Wikidata-logo.svg.png)