From Wikipedia, the free encyclopedia
දහසය වැනි ලුවී රජතුමා රටක් පාලනය කරන්න අපේක්ෂාවෙන් සිටියේ නැත. ඔහුගේ පියා 1765 දී මිය යෑම නිසාත් ඔහුගේ සීයා 1774 දී මිය යෑම නිසාත්, වයස 20 දී ඔහුට ප්‍රංශයේ ඔටුන්න හිමි වුණි. ඔටුන්න පැළඳීමට සිද්ධ වීමත් සමඟ ප්‍රංශයේ පරම අධිරාජ්ය්යා බවට පත් වූ දහසය වැනි ලුවී රජතුමා රටේ වූ ආර්ථික අර්බූදය දැන සිටියේය. ප්‍රංශය විසින් විදේශයන් හි වදිනා සටන් ගැන දැන සිටියේය. එසේම ප්‍රංශ වැසියන් බඩු මිල ඉහළ යෑම නිසා අසතුටින් සිටි බවත් දැන සිටියේය. එවක පැතිර ගොස් තිබි බුද්ධිමය අදහස් වලට අවධානයක් යොමු කළ දහසය වැනි ලුවී රජතුමා වදහිංසා හා වහල්ක්රමය ආලෝපනයටත්, ප්රොතෙස්ත්රන්ත්ර සහ යුදෙව්වන්ට සහනදායක නීති ගෙන්නටත් යනාදියට වෑයමක් ගත්තේ ය. ඔහුගේ ප්‍රතිසංස්කරණ අදහස් වලට රදළ පංතියෙන් බාධක එල්ල විය.
Louis XVI | |||||
---|---|---|---|---|---|
King of France and Navarre, later King of the French | |||||
රාජ්‍ය සමය | 10 May 1774 – 21 September 1792 | ||||
සිංහාසනාරූඪය | 11 June 1775 | ||||
පූර්වප්‍රාප්තිකයා | Louis XV | ||||
අනුප්‍රාප්තිකයා | Monarchy abolished French First Republic Maximilien Robespierre leading the National Convention | ||||
උපත | 23 අගෝස්තු 1754 Palace of Versailles, France | ||||
මරණය | 21 January 1793 38) Place de la Révolution, Paris, France | (වයස||||
භූමදානය | 21 January 1815 Basilica of St Denis, north of Paris | ||||
වල්ලභයා | Marie Antoinette | ||||
දරුවන් | Marie Thérèse, Queen of France and Navarre Louis Joseph, Dauphin of France Louis XVII of France Princess Sophie | ||||
| |||||
වංශය | House of Bourbon | ||||
පියා | Louis, Dauphin of France | ||||
මව | Maria Josepha of Saxony | ||||
ආගම | Roman Catholicism | ||||
අත්සන |
යටත්විජිත බ්රිතාන්ය්යෙන් ගැලවෙන්නට නිදහස් අරගලයක යෙදි ඇමෙරිකානුවන්ට ඔහු සහයෝගය දෙන්නට ඉදිරිපත් විය. ප්‍රංශ නාවික හමුදාවන්ට බ්‍රිතාන්‍ය නාවික හමුදාවන් පරදවා මුහුදු සටන් වලින් ජය ලබන්නට නම් ඇමෙරිකාවට පක්ෂපාතී වීම අවශ්ය්ය බව හේ තීරණය කළේය. ඇමෙරිකාවේ නිදහස් අරගලයට හේ තම සේනාධිපතියන් හා නැව් පුරවා අවි ආයුධ ද එවන ලදි. ඇමෙරිකන් නිදහස් අරගලය ජය ගැනීමත් සමඟ බ්රිතාන්ය්යෙන් වෙන් වී ගිය ඇමෙරිකාව ඔටුන්නකට උරුමයක් නොමැති වූ පාලකයෙක් ලොව ප්‍රථම වරට පත්කර ගැනීම ප්‍රංශ විප්ලවයේ ද ආරම්භයට තුඩු දුන්නකි. දෙවැනි හේතුව වූයේ ඇමෙරිකන් නිදහස් අරගලයට උදව් උපකාර කිරීමෙන් තවත් හිස් වූ ප්‍රංශ ආණ්ඩුවේ භාණ්ඩාගාරයයි.
ප්‍රංශයේ වැසියන් පරම අධිරාජ්ය්ය අහෝසි කර ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් 1791 සැප්තැම්බරයේ දී පිහිටුවා ගත්හ. ව්‍යවස්ථාදායක රජෙක් හැටියට දහසය වැනි ලුවී රජතුමා තම ජනතාවගේ ප්‍රසාදය දිනා තිබිය ද, ඔහුට පාලනය නුහුරු වූයෙන් තීරණ ගැනීමේ දී පසුබට වීමත්, කරන්නට ගිය පිළිවෙත් වලට රදළයන් වෙතින් ඉඩ නොලැබීමත් නිසා ජනතා විරෝධයක් නැඟ ආවේය. බඩු මිල ඉහළ යද්දී සහ දුප්පත් ජනතාව වෙතින් අය කෙරෙන බදු බර වැඩි වෙද්දී ජනතාව තවත් කුපීත වූහ. ව්‍යවස්ථාදායී වූ ඔටුන්නක් වුවත් අනවශ්ය්ය යැයි කියන දේශපාලන කල්ලි පැරීසිය පුරා පැතිර ගියේය. ජනතාව ඔවුන්ට සවන් දීමට කැමැත්ත දැක්වූහ. ගිරොන්ඩින් හා ජැකෝබියන් නම් වූ ඒ දේශපාලන කල්ලි විසින් දහසය වැනි ලුවීගේ රැජින වූ මාරී ඇන්ටොනෙට් ගැන කටකතා පතුරවන්නට ද පටන් ගති. ජනතාවගේ අප්‍රසාදය තවත් තීව්ර විය. ජාතික සමුළුවක් විසින් දහසය වැනි ලුවී ජනතා විරෝධියෙක් දැයි විමසන නඩු විභාගයක් පැවැත්වුණි. ඔහුව අත් අඩංගුවට ගැනිණ. ඉන් මාසයකට පසුව ව්‍යවස්ථාදායක රාජාණ්ඩුව විසුරුවා හැර ජාතික සමුළුව විසින් ප්‍රංශය ජනරජයක් යැයි ප්‍රකාශ කරන ලදි. 1793 ජනවාරි 21 වැනිදා දහසය වැනි ලුවී රජුගේ හිස ගිලටිනයට යොමු කර ඔහුට මරණ දණ්ඩනය නියම විය. ප්‍රංශයේ මරණ දණ්ඩනය ලද එකම රජතුමා දහසය වැනි ලුවී වෙයි.
උප්පත්තියේ දී ඔහුගේ නම ලුවී ඕගස්ට් විය. ඔහුගේ රදළ නම්බු නාමය වූයේ ඩ්යුක් ඩ බෙරි නමිනි. පහළොස් වැනි ලුවී නම් වූ ප්‍රංශ රජුගේ වැඩිමහල් පුත්‍රයා වූ ලුවී ඔහුගේ පියායි. ඔහුගේ මව වූයේ සැක්සනි හි මාරී-ජෝසපී (ඇයගේ පියා සැක්සනියේ දෙවැනි ෆෙඩ්රික් ඕගස්ටස්, සක්සනියේ කුමරා හා පෝලන්තයේ රජු) කුමරියයි. දහසය වැනි ලුවීගේ පියා ප්‍රංශයේ රජකම නොලබා වයස 36 දී ක්ෂය රෝගයෙන් මිය ගියේ 1765 දෙසැම්බර් 20 වැනිදා ය. එවක දී ලුවීගේ වයස අවුරුදු එකොළහකි. ඔහුගේ මව ද පියාගේ අභාවයෙන් පසු 1767 මාර්තු 13 දින ඒ රෝගයට ම ගොදුරු වන්නීය. දහසය වැනි ලුවී සහ ඔහුගේ සහෝදර සහෝදරයින් හැදෙනු වැඩෙනුයේ මිත්තණිය සමඟ ය. මිත්තණිය ද ඊ ළඟ වසරේ දී මිය යන්නීය. දහසය වැනි ලුවී පවුලේ වැඩිමලා වූයේ නැත. සහෝදර සහෝදරියන් හත් දෙනෙකු අතරින් ඔහු ලුවීගේ තුන්වැනි පුතා විය. ඔහුගේ වැඩිමහල් සහෝදරයා, ඔටුන්නට හිමිකම් කියූ ලුවී, ඩ්යුක් ඩ බූගාන්ය, 1761 දී වයස නවයේ දී මිය ගියේය. පොතපතට ලැදියාවක් තිබුණත් දහසය වැනි ලුවීගේ හිත වැඩියෙන් ඇදී ගියේ දඩයමටයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.