From Wikipedia, the free encyclopedia
පරිගණක විද්‍යාවේදී දත්ත ව්‍යුහයක් යනු දත්ත පරිගණක තුල ගබඩා කිරීමේ ක්‍රමවේදයක් වේ. මෙමගින් එම දත්ත වලට ප්‍රවේශ වීම හා එම දත්ත සංස්කරණය කාර්යක්ෂම ලෙස සිදුකල හැකිය. ඉතා නිවැරදි ලෙස ගතහොත් , දත්ත වලින් සමන්විත දත්ත එකතුවක් දත්ත ව්‍යුහයක් ලෙස හඳුන්වයි එසේම ඒවා අතර සබැඳියාවක් මෙන්ම විවිධාකාරයෙන් එම දත්ත මෙහෙයවුම් මගින් හැසිරවීම් ද ඒවා සමග කළ හැකිය..[1]
දත්ත ව්‍යුහ තුල තනි හෝ එකකට වැඩි දත්ත ප්‍රවර්ග තිබිය හැකිය. එමගින් දත්ත ව්‍යුහ මත කළහැකි මෙහෙයවුම් සහ එමගින් ඉටු කළහැකි ගණිත කර්මවල සංකීර්ණත්වය විශේශිකරණය කළ හැකිය.විවිධාකාර දත්ත ව්‍යුහ විවිධාකාර යෙදුම් වලට යෝග්‍ය වේ. ඒවා අතරින් සමහරක් ඉතා විෂේශිත කර්තව්‍යන් සඳහා වේ.
උදාහරණයක් ලෙස පරිගණක භාෂා සම්පාදක යෙදුම් සාමාන්යෙන් හෑෂ් ටේබල් විචල්‍යයන් තෝරාබේරා ගන්නා අතරේ දත්ත සමුදා සාමාන්‍යන් B-Tree indexes දත්ත නැවත ලබාගැනීමේදී යොදාගනී ඉහත උදාහරණයේ හෑෂ් ටේබල් , B-Tree වැනි විවිධ දත්ත ව්‍යුහ විවිධ දත්ත ව්‍යුහ විවිධ කාර්යයන් සඳහා යොදාගනී.
විශාල දත්ත සමුදා පාදක සහ අන්තර්ජාල සුචිකරණ සේවා වැනි විශාල ප්‍රමාණයේ දත්ත කාර්යක්ෂම ලෙස කළමනාකරණයේදී ඒ සඳහා දත්ත ව්‍යුහ මගින් ක්‍රමවේද සපයයි.
සාමාන්‍යයෙන් කාර්යක්ෂම දත්ත ව්‍යුහ භාවිතය කාර්යක්ෂම ඇල්ගොරිතම නිර්මාණයට ඉතා වැදගත් සාධකයකි.
ඇතැම් විධිමත් නිර්මාණ ක්‍රමවේද සහ පරිගණක භාෂා අවධාරණය කොටම කියා සිටිනවා, ඇල්ගොරිතම වලටත් වඩා දත්ත ව්‍යුහ යනු මෘදුකාංග නිර්මාණයේ ප්‍රධාන සංවිධාන සාධකයක් ලෙස.ප්‍රධාන මතකයේත් , ද්විතීයක මතකයේත් දත්ත තැන්පත් කිරීමටත් නැවත ලබාගැනීමටත් දත්ත ව්‍යුහ යොදාගත හැකිය.
දත්ත ව්‍යුහ සාමාන්‍යයෙන් දත්ත ගෙනහැර ගැනීමටත් දත්ත ගබඩා කිරීමටත් හැකියාවෙන් යුක්තය මේ සඳහා පොයින්ටර් යොදාගනු ලබනවා මෙහිදී යොදාගනු ලබන්නේ අදාළ දත්තය ගබඩාවී ඇති භෞතික මතක කෝටසට අදාළ මතක ලිපිනයයි.[තහවුරු කර නොමැත]
විවිධාකාරයේ දත්ත ව්‍යුහ පවතී මේවා බොහෝ විට "මූලික දත්ත ප්රරුප" (primitive data types) හා බැඳී පවතී. [2]
ඇසෙම්බ්ලි භාෂා සහ BCPL වැනි පහල මට්ටමේ භෂාවන් නිතැතින්ම දත්ත ව්‍යුහ සඳහා සහාය දක්වයි. එසේම උසස් මට්ටමේ පරිගණක භාෂා විශාල ප්‍රමාණයක් සහ MASM වැනි උසස් මට්ටමේ ඇසෙම්බ්ලි භාෂාවන් සතුව දත්ත ව්‍යුහ සම්බන්ද විශේෂ පහසුකම් අන්තර්ගත වේ. රෙකොඩ සහ අරාවන් මෙයට උදාහරණ වේ.
බොහෝ පරිගණක භාෂාවල යම් ආකාරයක "ලයිබ්රි යාන්ත්‍රණයක් " අන්තර්ගත වේ මේ හරහා විවිධ වැඩසටහන් වලට පරිහරණයට ගත හැකි දත්ත ව්‍යුහ නිර්මාණය කළ හැකිය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.