![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cd/Chapeaux_en_peau_de_castor.jpg/640px-Chapeaux_en_peau_de_castor.jpg&w=640&q=50)
තොප්පිය
From Wikipedia, the free encyclopedia
තොප්පිය හිස් ආවරණයක් වන අතර, විවිධ හේතු නිසා තොප්පි පලඳි. ඒ අතර මුලිකාංග ආරක්ෂාව, උත්සවාකාර හේතු, ආගමික හේතු, ආරක්ෂාව, හෝ විලාසිතා ආයිත්තමක්[1] ලෙසද යොදාගනී. අතීතයේදී තොප්පි, සමාජ තත්වය[2] පෙන්වන දර්ශකයක් විය. හමුදාවේදී තොප්පි ජාතිකත්වය, ශාඛා සේවාව, තනතුරු සහ/හෝ රෙජිමේන්තු[3] පිලිබිඹු කිරීම වෙනුවෙන් භාවිතා කර ඇත. පොලිසිය සාමාන්‍යයෙන් සුවිශේෂී තොප්පි පලඳි. ඒවා නම් පීක් තොප්පි හෝ ක්වාන් තොප්පි වේ. අතීතයේදී රාජකීය කැනේඩියානු පොලිසිය මේ තොප්පි පැළඳ ඇත. සමහර තොප්පි ආරක්ෂක ක්‍රියාවන්ට උපකාරී වේ. උදාහරණයක් ලෙස තද තොප්පි ඉදිකිරීම් කම්කරුවන්ගේ හිස් මතට, වස්තූන් පතිතවීමෙන් සිදුවන තුවාල වලින් ආරක්ෂා කරන අතර, බ්‍රිතාන්‍ය පොලීස් ආරක්ෂකයාගේ හිස් ආවරණය, ඔහුගේ හිස ආරක්ෂා කරයි. හිරු තොප්පි, හිරුගෙන් මුහුණ හා උරහිස් ආවරණය කරන අතර කව් බෝයි තොප්පි, හිරු රශ්මියෙන් හා වැස්සෙන් ආරක්ෂා කරයි. කණෙන් පහළට-ෆ්ලැප් සමග ඇති Ushanka ලොම් තොප්පියකින් හිස හා කන් උණුසුම් කරයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cd/Chapeaux_en_peau_de_castor.jpg/320px-Chapeaux_en_peau_de_castor.jpg)
සමහර තොප්පි චාරිත්‍රානුකූල අරමුණු සඳහා පළඳී. ප්‍රති මණ්ඩලය එවන් තොප්පියකි. එය විශ්වවිද්‍යල උපාධි උත්සව අතරතුර පැළඳ ඇත. ඇතැම් තොප්පි සමහර වෘත්තියයන් වල සාමාජිකයන් විසින් පළඳියි. සූපවේදීන් විසින් පළඳින Toque එයට උදාහරණයක් වේ. එපමණක් නොව සමහර තොප්පි ආගමික කෘත්‍යයන් ඉටුකෙරේ. පාරිදර්ශක මකූටය බිෂොප් ව්සින් පළඳින අතර සීක් ජාතිකයන් විසින් පළඳින හිස්වැස්ම තලප්පාව නම් වේ .
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5d/Pierre_Auguste_Renoir_-_Woman_in_a_Flowered_Hat_-_Google_Art_Project.jpg/640px-Pierre_Auguste_Renoir_-_Woman_in_a_Flowered_Hat_-_Google_Art_Project.jpg)