From Wikipedia, the free encyclopedia
තෙකලා විදුලි බලය යනු, ප්‍රත්‍යාවර්තක-ධාරා විදුලි බලය ජනනය, සම්ප්‍රේෂණය, සහ බෙදාහැරීම සඳහා, සුලභ භාවිතයේ පවතින ක්රමයකි. [1] බහුකලා පද්ධතීන් අතුරින් එක් ආකාරයක් වන එය, විදුලි බලය විසුරුවා හැරීමට විදුලි ජාලක විසින් ලොවපුරා වඩාත් බහුල ලෙසින් භාවිතා වන ක්‍රමයයි. විශාල මෝටර් දහ අනෙකුත් විශාල බැර බල ගැන්වීමටද එය භාවිතා කෙරෙයි. එකම වෝල්ටීයතාවයක ක්‍රියාත්මක වන, සමතුල්‍ය එකලා හෝ දෙකලා පද්ධතියකට වඩා, තෙකලා පද්ධතියක් වඩාත් සකසුරුවම් සහිත වන්නේ, විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමට එය විසින් සන්නායක දුව්‍යය අඩුවෙන් භාවිතා කරන බැවිනි. [2] 1880 ගණන් වල අග භාගයෙහිදී, තෙකලා පද්ධතිය ස්වායත්ත ලෙසින් සොයාගනු ලැබුවේ, ගැලීලියෝ ෆෙරාරිස්, මිකායෙල් ඩොලිවෝ-ඩොබ්රවෝල්ස්කයි සහ නිකොලා ටෙස්ලා විසිනි.
තෙකලා පද්ධතියකදී, පරිපථ සන්නායක තුනක් විසින්, ප්‍රත්‍යාවර්තක ධාරා (එකම සංඛ්‍යාතයෙහි වන) තුනක් රැගෙන යනු ලබන අතර, ඒවායේ ක්ෂණික උපරි අගය හිමිකරගනුයේ, එක් චක්රයකින් තුනෙන් පංගුවක කාලයක් එකිනෙක අතර තබමිනි. එක් ධාරාවක් සමුද්දේශය ලෙසින් ගණිමින්, අනෙකුත් ධාරා දෙක සැලකූ කළ, ඒවා විද්‍යුත් ධාරාවෙහි එක් චක්රයක කාලයෙන් තුනෙන් එකක් හා තුනෙන් දෙකක කාලයකින් ප්‍රමාද වෙයි. කලාවන් අතර මෙම ප්‍රමාදය නිසා ධාරාවෙහි එක් චක්‍රයක් පුරාවට නියත ජවය සමර්පණය කිරීමට සහ විදුලි මෝටරයක භ්‍රමණය වන චුම්බක ක්ෂේත්රයක් ජනිත කිරීමටද හැකි වෙයි.
තෙකලා පද්ධතීන් වෙත උදාසීන කම්බියක් තිබිය හැක. තෙකලා පද්ධතියකට අධික වෝලටීයතාවයක් භාවිතා කරමින්ම, අඩු වෝල්ටීයතාවයක එකලා භාරයන්හට ජවය සැපයීමට මෙම උදාසීන කම්බිය නිසා හැකි වෙයි. අධි-වෝල්ටීයතා බෙදාහැරුම් අවස්ථාවලදී, උදාසීන කම්බිය නොමැතිවීම සාමාන්‍ය දෙයක් වන්නේ කලා අග්‍රයන් අතර භාරයන් සම්බන්ධ කළ හැකි බැවිනි (කලා අග්‍ර-කලා අග්‍ර සම්බන්ධතාවය).
විදුලි බල පද්ධතීන් සඳහා එය භාවිතා කිරීම අතිශයින් යෝග්‍ය කරවන ගුණාංග තෙකලා පද්ධතිය සතු වෙයි:
බොහෝ ගෘහස්ත භාරයන් එකලා වෙති. උතුරු ඇමරිකානු තනි-පවුල් නිවාස සඳහා, තෙකලා විදුලි බලය නිවෙස් වලට නොසැපයෙයි; බහු-ඒකක නිවාස කට්ටල සඳහා තෙකලා විදුලි බලය සැපයෙනු ඇති වුවද ගෘහස්ත උවාරණ සඳහා තෙකලා විදුලි බලය නොසැපයෙයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.