![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cd/Spot-winged_Thrush_%25285320522326%2529.jpg/640px-Spot-winged_Thrush_%25285320522326%2529.jpg&w=640&q=50)
තිත්පිය තිරාසිකයා
From Wikipedia, the free encyclopedia
තිත්පිය තිරාසිකයා (Geokichla spiloptera) යනුවෙන් හඳුන්වන්නේ විශාල තිරාසික කුලය වන Turdidae කුලයට අයත්, ආසියානු තිරාසිකයෙකි.
තිත්පිය තිරාසිකයා | |
---|---|
![]() | |
ලැහැබක් අසල සිටින තිත්පිය තිරාසිකයෙක් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | Passeriformes |
කුලය: | Turdidae |
ගණය: | 'Geokichla' |
විශේෂය: | G. spiloptera |
ද්වීපද නාමය | |
Geokichla spiloptera (බ්ලිත්, 1847) | |
පර්යාය නාම(ය) | |
Zoothera spiloptera |
මෙම පක්ෂියා ශ්‍රී ලංකාවට ආවේණික නේවාසික අභිජනන පක්ෂියෙකි. මෙම සුලබ නොවන පක්ෂියා සාමාන්‍යයෙන් කඳුකර වැසි වනාන්තර සහ අඩු වශයෙන් වියළි වන බිම්වල උන්නතාංශය 500 m සහ 2000 m අතර පෙදෙස්වල හමුවේ. සාමාන්‍යයෙන් තනිව වෙසෙන පක්ෂියකු වන අතර ඝන යටිවියනක් සහ උණ වදුලු සහිත ස්ථානවල සිටීමට ප්‍රියකරයි.
තිත්පිය තිරාසිකයින් සර්වභක්ෂක ය. නමුත් ඵලවලට වඩා වැඩියෙන් කෘමීන්ට ප්‍රිය කරයි. ආහාර ගන්නේ බිම සිට ය.
මෙම විශේෂයේ වැඩිහිටි පක්ෂීන් 27 cm පමණ දිගැති අතර, ඉහළ පෙදෙස ලා දුඹුරු අතර, ද්විත්ව පියා දණ්ඩේ සුදු තිත් දැකගත හැක. ලා පැහැ මුහුණේ අඳුරු ඉරි දෙකක් දැකගත හැක. හොටය කළු පැහැ අතර, පාද කහ පැහැති ය. නාදය ගීතමය ස්වභාවයක් ගන්නා අතර, විවිධ උරුවන් හඬවල් ශ්‍රවණය කළ හැක.
ලාබාල පක්ෂීන්ගේ උඩුකයෙහි අඳුරු කහ පැහැ වයිරම් දැකගත හැක. ඔවුන්ගේ මුහුණ සහ යටිකය ලා දුඹුරු පැහැ අතර, දැඩි වයිරම් රටා දැකගත හැක.
වනවැස්ම සහිත ස්ථානවල අතු දෙබලක් මත ලිහිල් කෝප්පාකාර කැදැල්ලක් තනයි. අඳුරු කහ පැහැ හෝ නිල්-කොළ පැහැ බිත්තර 2-3 පමණ දමයි. සෑම වසරකම මෙම විශේෂයේ අභිජනන වාර දෙකක් දැකගත හැක.