තලබුමු-විදලුව
From Wikipedia, the free encyclopedia
තලබුමු-විදලුව[1](ඉංගිරිසියෙන්: Turbojet //ටර්බෝජෙට්//; ජර්මානුවෙන්: Turbotriebwerk(?) [turbo engine], //තෝබෝතහ්යිබ්වෙයාහ්ක්//(?)) යනු සැමැනි විසින් අයස් යානාහි ගැනෙනා පවන්-සිස්මුම් විදලු ඇන්ජිමෙකි.[2] එය පෙරයැතුම් නැසින්නක් හා ඇති ගෑසි තලබමනයකින් යුතුයි. ගෑසි තලබමනයට පවන් තුළුමුවක් ඇති අතර එයට තුළුමුව-නුයැවි-පිති(?),[3] පිරිතෙරපනයක්[4], පිරිදැවුම් ගබක් හා තලබමනයක් (පිරිතෙරපනය දිවෙනුයේ[5] මෙයිනි) හා අයත් වේ. පිරිතෙරපනයෙන් එන පිරිතෙරැපූ පවන පිරිදැවුම් ගැබෙහි ඇති දැවි[6] දවා රත් කැරැ තලබමනය හරහා ඈරීමට සැලැස්වේ. තලබමන පිටාරය පෙරයැතුම් නැසින්න තුළැ දී ඈරැවෙත යතුව ලබා දෙනුව අදි වෙයකට ත්වරණය කෙරේ. [7] මේ සංකල්පය එක්සත් රජදහනේ ෆ්රෑනක් විටල් හා ජර්මනියේ හාන්ස් වොන් ඕහයින් හා යන දෙ ඉදිකුරුවන් විසින් 1930 ගණන්හි අග හරියේ දී ස්වාධීන වැ කම්හුරු ඇන්ජින් බවට දිවැඩුණි.[8]
අඩු රිය වෙයකැ දී දුසුරුවක් ඇතියෙන්, ගුවන් යානාහි හැර අනෙකුදු රියෙහි දී තලබුමු-විදලුවලැ වැඩකුරු බව (usefulness) ස-හිම් වේ. ගුවන් යානා හැර අනෙකුදු රිය බලගන්වනුව සැමැනි විසින් වෙන් වෙන් විටවලැ දී ගොඩබිම් වේග වාර්තා සඳහා උසහ දරත තලබුමු-විදලු ඇන්ජින් යොදාගෙනැ ඇති. රිය "තලබමනයකින් බලගැන්වෙන" තැන්හි දී, මෙය බෙහෙවින් මැ සිදු වන්නේ ගෑසි තලබමන ඇන්ජිමේ දිවැඩුමක් වන, බෙමෙන පිටාර දඬුවක් දිවැවීමට අමතර තලබමනයක් ගැනෙනා තලබුමු-දඬු ඇන්ජිමක් යොදාගැන්මෙනි. මේවා හෙලිකොප්ටරහි ද හූවරක්රාෆ්ටරහි ද සුලබ වැ දැකියැ හැකි. සද-වෙය ඉක්මවා දිගු කලක් පියාසැරියැ යුතු වූ කොන්කෝඩ් හා අනෙකුදු ටීයූ-144හි දිගු-පරාස සැකැසුම් හා සඳහා තලබුමු-විදලු ගැනිණ. තලබුමු-විදලු තවමත් මැදි දුර කෲස මිසයිලවලැ බෙහෙවින් දැකියැ හෙන්නේ ඒවායේ වැඩි පිටාර වෙය ද කුඩා ඉදිරිපස කඩ ද අනෙක්වා හා සසඳත අති සරල බව ද හෙයිනි. එසේ මැ ඒවා තවමත් මිග්-25 වැනි ඇතැම් සද-වෙය ඉක්මවන (සුපර්සොනික) සටන්-හුරු යානාහි යෙදැවෙතුදු බොහොවක් සද-වෙය ඉක්මවා පියාසරනුයේ සුළු වේලාවක් හෙයින් තලබුමු-පංකා ගැනෙන අතර සද-වෙය පරයන කෙටි පියාසැරි (සුපර්සොනික ස්ප්රින්ට) සඳහා පිටාර වෙය හුවනුව පසු-දවන ගැනේ.