![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/62/Starsinthesky.jpg/640px-Starsinthesky.jpg&w=640&q=50)
තරු
තාරකා යනු පෘථිවියට ඔබ්බෙන් පිහිටා ඇති අකාශමය වස්තූන් ය / From Wikipedia, the free encyclopedia
තාරකාවක් යනු, එහි ගුරුත්වය විසින්ම බැඳ තබා ගන්නාවූ දීප්ත ප්ලාස්මා ගෝලයකි. තරුවක ආයු කාලය අවසානයේ එය තුල පිරිහුණු පදාර්ථ ප්‍රමාණයක්ද අඩංගු වේ. පෘථිවියට ළඟම තාරකාව සූර්යයා වන අතර පෘථිවිය මත ඇති ශක්තියෙන් බොහෝ ප්‍රමාණයක මූලාශ්‍රය වනුයේ සූර්යයාය. අනෙකුත් තාරකා රාත්‍රි කාලයේදී පෘථිවියට දර්ශනය වන අතර සූර්යයා වඩා දීප්තියෙන් නොබබළන අවස්ථාවන්හිදී හෝ වායුගෝලීය සංසිද්ධි වලින් අවහිර නොවූ අවස්ථාවන්හිදී අචල දීප්තිමත් ලක්ෂ්‍ය සමූහයක් ලෙස බොහෝ විට දැක ගත හැක. ඉතිහාසයෙහි අහසේ වඩා හොඳින් මතු වී පෙනුනු තාරකා එකට එකතු කොට තාරකා රාශි සහ තාරකා මණ්ඩල වශයෙන් හඳුනාගත් අතර වඩාත්ම දීප්තිමත් තාරකා සුදුසු ලෙස නම් කරනු ලැබීය. තාරකා විද්‍යාඥයින් විසින් සකස් කරන ලද සවිස්තර තාරකාවන්ගේ නාමාවලිය සම්මත වූ තාරකාවන්ගේ තත්වයන් පිළිබඳ විස්තර අඩංගු වේ.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/62/Starsinthesky.jpg/640px-Starsinthesky.jpg)
අවම වශයෙන් තරුවක ආයු කාලයෙහි එක් කොටසකදී හෝ එහි මධ්‍යයේ පවතින හයිඩ්රජන්, තාපන්‍යෂ්ටික විලයනයෙන් මුදා හරින ශක්තිය තරුවෙහි අභ්‍යන්තරය හරහා ගමන් කර පිටත අවකාශයට නිකුත් කිරීම නිසා එහි දීප්තිය විහිදීම සිදු වේ. තාරකාවක ජීවිත කාලය තුල සිදුවන තාරීය න්‍යෂ්ටිකසංස්ලේශණය හෝ තාරකා පිපිරීමට ලක් වන අවස්ථාවේදී සිදුවන අද්භූත තාරකා න්‍යෂ්ටිකසංස්ලේශණය මගින් ස්වභාවිකව පවතින හීලියම් වලට වඩා බරින් වැඩි මූලද්‍රව්‍ය සියල්ලක්ම පාහේ නිර්මාණය වීම සිදු වේ. තාරකා විද්‍යාඥයන් හට තාරකාවක වර්ණාවලිය, දීප්තිය සහ අභ්‍යවකාශය තුලින් චලිතය නිරීක්ෂණය කිරීම මගින් තාරකාවක ස්කන්ධය, වයස, රසයනික සංයෝජනය සහ තවත් අනෙකුත් ගුණාංග නිර්ණය කර ගත හැක. තාරකාවක සම්පූර්ණ ස්කන්ධය එහි පරිණාමයෙහි හා අවසාන ඉරණමෙහි ප්‍රධානතම නිර්ණායකය වේ. පරිණාමීය ඉතිහාසය, විශ්කම්භය, පරිභ්‍රමණය, සංචලනය සහ උෂ්ණත්වය මගින් තාරකාවක අනෙකුත් ලක්ෂණ නිර්ණය කරනු ලබයි. බොහෝ තාරකා වල උෂ්ණත්වය, එහි දීප්තියට එදිරිව අඳින ලද ප්‍රස්තාරය, හර්ට්ස්ප්‍රන්ග් - රසල් ප්‍රස්තාරය (H - R ප්‍රස්තාරය) ලෙස හඳුන්වන අතර එය තාරකාවක වයස සහ පරිණාමීය තත්වය නිර්ණය කිරීමට උපකාරී වේ.
මූලික වශයෙන් හීලියම් සමග හයිඩ්රජන් සහ බරින් වැඩි මූලද්‍රව්‍ය) සුලු ප්‍රමාණ වලින් සෑදුනු බිඳ වැටෙන ද්‍රව්‍යමය වළාකුලක් ලෙස තාරකාවක ආරම්භය සිදුවේ. තාරකා මධ්‍යය අවශ්‍ය පමණට ඝන වූ පසු න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය මගින් හයිඩ්රජන් වලින් කොටසක් හීලියම් බවට ක්‍රමයෙන් පරිවර්තනය වේ. තාරකාවෙහි අභ්‍යන්තරයෙහි අවශේෂ ශක්තිය විකිරණශීලී සහ සංවාහී ක්‍රියාවලි වල සංයෝජනයක් ලෙස එහි මධ්‍යයෙන් ඉවතට ගෙන යනු ලබයි. තාරකාවෙහි අභ්‍යන්තර පීඩනය එය තවදුරටත් එහි ගුරුත්වාකර්ශණය යටතේ බිඳ වැටීමෙන් වලකනු ලබයි. තාරකාවක හරයෙහි ඇති හයිඩ්රජන් ඉන්ධන අඩපණ වූ පසු, එම තාරකා වල ස්කන්ධය අවම වශයෙන් සූර්යයාගේ ස්කන්ධයෙන් 0.4ගුණයක් වන අතර රතු යෝධයකු බවට පත් වීමට ප්‍රසාරණය වීම සිදු වේ. තවද ඇතැම් අවස්ථාවලදී බරින් වැඩි මූලද්‍රව්‍ය තාරකාවෙහි හරයෙහි හෝ හරය අවට ඇති කවච වලදී විලයනය වීම සිදු වේ. පසුව තාරකාව පිරිහුනු තත්වයකට පත් වන අතර පදාර්ථයෙන් කොටසක් තාරකා අතර පවත්නා පරිසරය බවට ප්‍රතිචක්‍රීකරණය කර වැඩි ප්‍රමාණයක් බරින් වැඩි මූලද්‍රව්‍ය වලින් සමන්විත තාරකා නව පරම්පරාවක් ඇති කරනු ලබයි.
යුගල සහ බහු තාරකා පද්ධති ගුරුත්වාකර්ශණ බලයෙන් බැඳුනු තාරකා දෙකකින් හෝ වැඩි ප්‍රමාණයකින් සමන්විත වන අතර ඒවා එකිනෙක වටා ස්ථායි කක්ෂ වල චලනය වීම සිදු වේ.එවැනි තාරකා දෙකකට සාපේක්ෂ වශයෙන් සමීප කක්ෂ ඇති විට ඒවායේ ගුරුත්වාකර්ශණ අන්තර් ක්‍රියාව ඒවායේ පරිණාමය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. තාරකා වලට පොකුරු හෝ මන්දාකිණි වැනි තරමක් විශාල ගුරුත්වාකර්ශණ බන්ධන ආකෘතිද පිහිටවා ගත හැකිය.