From Wikipedia, the free encyclopedia
ඩොලර් මිලියනයේ මුල් පිටුව යනු එංගලන්තයේ විල්ට්ශයර් විශ්වවිද්‍යාලට මුදල් රැස් කිරීමේ අරමුණින් එහි ශිෂ්‍යයෙකු වු ඇලෙක්ස් ටිව්ගේ සංකල්පයක් මත ඔහුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය මුදල් රැස් කිරීම සඳහා, වසර 2005 දී ඇරඹුනු වෙබ් අඩවියකි. මෙහි මුල් පිටුව පික්සල් 1000*1000 ලෙස පික්සල් මිලියනයකින් සමන්විත විය;එහි ඇති පින්තුර පාදක සබැඳි පික්සල 10*10 බැගින් වන කොටසක් ඩොලර් එක බැගින් අලෙවි කරන ලදී. මෙම කුඩා කොටස් මිලදී ගත් අයට තමන්ට අදාල කොටසෙහි පින්තුරයක්, එම පින්තුරයට අදාල සබැඳියක් සහ පින්තුරය උඩට මූසිකය ගෙනාවිට පාඨයක් ප්‍රදර්ශනය කිරීමට හැකියාව ලැබිනි. මෙම වෙබ් පිටුවේ මූලික අරමුණ වූයේ සියලු පික්සල විකිනීම මගින් ඩොලර් මිලියනයක් සොයා ගැනීමයි. වොල් ස්ට්‍රීට් සගරාවට අනුව මෙම වෙබ් පිටුව අනිත් පික්සල විකුණන වෙබ් අඩවි වලටත් මූලික ආදර්ශයක් විය.[2][3]
The Million Dollar Homepage වෙතින්, මෙම ලිපිය වෙතට ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) 2024 සැප්තැම්බර් සිට යෝජිතය. |
ගොනුව:The Million Dollar Homepage.png | |
අඩවියේ ප්‍රභේදය | Pixel advertising |
---|---|
හිමිකරු | Alex Tew |
නිර්මාණකරු(වෝ) | Alex Tew |
ආදායම | US$1,037,100 |
වෙබ් ලිපිනය | MillionDollarHomepage.com |
වාණිජ | Yes |
ලියාපදිංචිය | none |
දියත් කළ දිනය | 26 August 2005 |
වර්තමාන තත්ත්වය | Active |
අමතර තොරතුරු | |
ඇලෙක්සා ශ්‍රේණිය | 58,222 (March 2013[update])[1] |
වසර 2006 අගොස්තු මස 26 වන දින ඇරඹි මෙම වෙබ් අඩවිය අන්තර්ජාල ප්රපංචයක් බවට පත්විය. 2009 දෙසැම්බර් 18ඇලෙක්සා ශ්‍රේණිගත කිරිමට අනුව මෙම වෙබ් අඩවිය 127 වන තැනට වැඩිම වෙබ් තදබදය සහිත වෙබ් අඩවිය බවට පත් විය, එම තදබදය මිනුම් වලට අනුව 35,983 විය.[4] 2006 ජන්වාරි 1 වනදා මෙම වෙබ් අඩවියේ අවසන් පික්සල 1000 ඊබේ හි දී වෙන්දේසි කෙරිනි.ජනවාරි මස 11 වනදා අවසන් වුනු මෙම වෙන්දේසියේ ජයග්‍රාහී ලන්සුව ඩොලර් 38,100ක් වූ අතර එම නිසා වෙබ් අඩවියේ අවසාන දළ ආදායම ඩොලර් 1,037,100ක් බවට පත් විය. මේ නිසා මෙම වෙබ් අඩවිය "Cool Tech Gadgets, Games, Robots, and the Digital World" පොතෙහිත් විෂය මාතෘකාවක් විය.
මෙම 2006 වෙන්දේසිය අතරතුර, මෙම වෙබ් අඩවිය ව්‍යාප්ත ප්රතිශෝධන සේවා අන්තර්ජාල පහර දීම් සහ කප්පම් ඉල්ලීම් ආදී විවිධ අන්තර්ජාල පහරදීම් වලට ලක් වීම හේතුවෙන් ආරක්ෂිත පද්ධතියේ නවීකරණයන්ට හා අලුත්වැඩියා කටයුතු අවසන් වන තුරු සතියක පමණ කාලයක් වෙබ් අඩවියට පිවිසීමට නොහැකි විය.අවසානයේ ෆෙඩරල් සමීක්ෂණ කාර්යාලය විසින් මෙම අන්ත්ජාල පහරදීම් පිලිබදව සමීක්ෂණයක්ද පැවැත්විය.[5][6]
මුල සිටම මම දැන සිටියා මෙය ක්‍රියාත්මක කල හැකි අදහසක් බව, නමුත් එය ඕනෑම අතකට වෙනස් විය හැකිව තිබුනා.මම හිතපු විදියට මට අහිමි වෙන්න දෙයක් තිබුනේ නෑ.(යූරෝ 50 හෝ ලියාපදිංචි ඩොමේන් නාමය හා host කිරීමට ගිය පිරිවැය හැර). මම දැනගෙන හිටියා මිනිසුන්ගේ සිත් ඇදගැනීමට මෙම අදහස හොදටම ප්‍රමාණවත් කියලා... ඒ වගේම අන්තර්ජාලය ඉතාමත් ශක්තිමත් මාධ්‍යයක්.
එංගලන්තයේ විල්ට්ශයර් විශ්වවිද්‍යාලයේහි ශිෂ්‍යයෙකුවු අලෙක්ස් ටිව් මෙම වෙබ් අඩවිය ආරම්භ කරන්නේ 2005 අගොස්තු මාසයේ ඔහුට වයස අවුරුදු 21 දීය. [8] ඔහු නොටින්හැම් විශ්වවිද්‍යාලයේහි ව්‍යාපාර කලමනාකරණ උපාධියක් හැදෑරීමට සිටි අතර වසරක කාලයක ශිෂ්‍ය ණය ලබාගැනීම පිළිබඳව ඔහු කල්පනා කරේය.[8] මුදල් රැස් කර ගැනීමේ අදහස ඇතිව ඔහු මෙම වෙබ් අඩවිය ආරම්භ කරේය. ඔහු මෙම වෙබ් අඩවියේ විකිනිමේ කටයුතු සදහා එක්සත් රාජධානි පවුම් වෙනුවට ඇමරිකන් ඩොලර් යොදා ගැනීමට ප්‍රධානම හේතුව වුයේ එක්සත් රාජධානියට වඩා එක්සත් ජනපදයේ අන්තර්ජාල භාවිතය වැඩිවීම හා එම නිසාම පික්සල එක්සත් ජනපද ව්‍යවහාර මුදල් වලින් අලෙවි කලොත් මෙම සංකල්පය මිනිසුන්ට වඩාත් සමීප විය හැකි බවට ටිව් විශ්වාස කලේය. [9] 2005 දී පවුමේ අගය, ඩොලර් අගයට වඩා ශක්තිමත් විය. £1 ආසන්න අගයට $1.80 පමණ වූ අතර .[10] එම පික්සල එකක් සදහා වන පිරිවැය බොහෝ විභව ගැනුම්කරුවන් සදහා අධික මිලක් විය.[9] මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි හා ඩොමේන් නාමය සදහා ඔහුට €50ක මුදලක් වැයවිය.මෙම වෙබ් අඩවිය 2005 අගෝස්තු 26 වන දින සිට ක්‍රියාත්මක විය.[11]
මෙම වෙබ් මුල් පිටුවේ වෙබ් බැනරයක් මගින් වෙබ් පිටුවේ නම සහ විකුණන ලද පික්සල ප්‍රමාණය ප්‍රදර්ශනය කෙරිනි.මෙහි යාන්ත්‍රණ බාරයෙහි ප්රමුඛ වෙබ් අඩවි වලට අදාල කුඩා ලින්ක්ස් 9ක් ද අන්තර්ගත වූ අතර පික්සල 1000,000 ක හිස් වර්ග කොටුවක්, 100 පික්සල කොටස් 10,000 කට බෙදන ලදී. ටිව් ඔහුගේ පාරිබොගිකයන්ට මෙම වෙබ් අඩවිය අවම වශයෙන් වසර පහක්වත් එනම් 26 අගොස්තු 2010 වනතෙක් සක්‍රීයව තබන බව පොරොන්දු විය.[12][13]
එක පික්සලයක් පමණක් ගත් විට එය ඉතා කුඩා ප්‍රමාණයක් නිසා මෙහි පික්සල විකිනීම සිදු වූවේ පික්සල10 × 10 බැගින් වූ පික්සල 100 කොටස් වශයෙනි.; එමනිසා අවම මුදල $100ක් විය.[14][15] මෙහි ප්‍රථම පික්සල් මිලදී ගැනීම වෙබ් අඩවිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර දින 3කට පසු, අන්තර්ජාල සින්දු වෙබ් අඩවියක් පවත්වා ගෙන යන ඔහුගේ යාලුවෙකු විසින් මිලදී ගන්නා ලදී.එහිදී ඔහු පික්සල 400 ක, 20 × 20 කොටසක් මිලදී ගන්නා ලදී. මෙම වෙබ් අඩවිය පළමුව අලෙවි කරන කටයුතු කරනු ලැබුවේ කටින් කට ප්‍රචාරය තුලින් පමණි. ;[3] කෙසේ වෙතත්, වෙබ් අඩවිය $1000ක ආදායමක් වාර්තාකල පසු බී.බී.සී මාධ්‍යය හරහා පුවත් පත් නිවේදනයක් නිකුත් කරන ලදී..[8][16] තාක්ෂණික පුවත් විකාශය කරන ද රෙජිස්ටර් වෙබ් අඩවියේද මෙම වෙබ් අඩවිය ගැන විශේෂාංග ලිපි 2 ක් පමණ සැප්තැම්බර් මාසයේදී පලවිය..[17][18] එම මාසයේ අවසානයේදී වෙබ් අඩවියේ ආදායම $250,000 පසුකල අතර ඇලෙක්සා අන්තර්ජාලයේ "Movers and Shakers" ලයිස්තුවට අනුව බ්‍රිට්නි ස්පියර් සහ photo istrict News වෙබ් අඩවි පසු 3 වන ස්ථානයට පත් විය .[19] ඔක්තෝබර් 6 වෙනිදා වන විට මෙම වෙබ් අඩවියට අනන්‍ය ආගන්තුකයන් 65000ක් පැමිණි අතර එම ප්‍රමාණය දින 11 කට පසු 100000ක් දක්වා වැඩි විය.ඔක්තෝබර් 26, එනම් ඩොලර් මිලියන මුල් පිටුව ආරම්භ කර මාස 2 කට පසු, පික්සල 500,900 වඩා වැඩි ප්‍රමාණයක් ගනුදෙනුකරුවන් 1400 අතර අලෙවි කරන ලදී.[20] ටිව් වාර්තා කරන අන්දමට, නව වසර සන්ධ්‍යාවේ දී සෑම පැයකටම අනන්‍ය ආගන්තුකයන් 25,000 පැමිණි අතර Alexa ශ්‍රේණි ගත කිරීම් වලට අනුව 127 වන ස්ථානයේ පසු විය. එමෙන්ම ,[20] පික්සල 1,000,000 යෙන් 999,000ක්ම අලෙවි කර තිබුනි.[3]
2006 ජනවාරි 1 දින, අවසාන පික්සල 1000 සදහා අධික ඉල්ලුමක් ඇති නිසා දෙවන වරටත් Million Dollar Homepage එකක් දියත් කිරීම මගින් මෙතෙක් පවත්වාගෙන ආ million-pixel සංකල්පයේ සම්පුර්ණ බව හා සීමා කරන ලද නෛසර්ගික තත්වය අහිමි කර ගැනීමට වඩා සාධාරණ හා තාර්කික පදනම වන්නේ eBay හි පික්සල වෙන්දේසියක් පැවැත්වීම බව ටිව් නිවේදනය කළේය.[20] වෙන්දේසිය දින 10කින් අවසන් වූ අතර නීත්‍යානුකූල ලන්සු 99 ලැබුණි. ජයග්‍රාහී ලන්සුව වන $38,100,[21][22] තබන ලද්දේ පථ්‍ය ආහාර හා සම්බන්ධ මාර්ග ගත අලෙවි සැලක් පවත්වාගෙන යන MillionDollarWeightLoss.com, වේ.[23] මාධ්‍ය වල අවධානය ලැබුණු නිසා අවසාන ලන්සුව ඉහළ අගයක් ගනු ඇතැයි තමා අපේක්ෂා කල බව ටිව් ප්‍රකාශ කළේය.[24] මාස පහක් තුල ඩොලර් මිලියන මුල් පිටුව $1,037,100 ක් gross ආදායමක් උපයන ලදී.[25][26] සියලු පිරිවැය, බදු සහ The Prince's Trust යන තරුණයන්ගේ පුණ්‍යායතනයට කල පරිත්‍යාග වලින් පසු, ටිව් ඔහුගේ Tew expected his net ආදායම ලෙස $650,000–$700,000 අතර මුදලක් අපේක්ෂා කළේය.[3]
පික්සල ගැණුම්කරුවන් ලෙස අයත් වන්නේBonanza Gift Shop, Panda Software, the producers of Wal-Mart: The High Cost of Low Price, British Schools Karting Championship, Book of Cool, Orange, The Times, Cheapflights.com, Schiffer Publishing, Rhapsody, Tenacious D, GoldenPalace.com, 888.com and other online casinos, Independiente Records, Yahoo!, small privately owned businesses, and companies offering get-rich-quick schemes, online dating services, personal loans, free samples, website designs and holidays.[27]
සැප්තැම්බර් මාසයේ පැවති මාධ්‍ය සාකච්ඡාවෙන් පසු ප්‍රථම වතාවට ඩොලර් මිලියන මුල් පිටුව වෙත වැඩි ආකර්ශනයක් හා අවධානයක් ලැබුණු අතර BBC Online,[8] The Register,[17] The Daily Telegraph,[28] and PC Pro.[29] යන කලාප වල විශේෂාංග ලිපි පලවිය. ඒ වගේම වෙබ් අඩවිය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ටිව් උදෑසන රූපවාහිනී වැඩසටහන්breakfast television programmes Sky News Sunrise and BBC Breakfast to discuss the website.[30][31] වලට ඉදිරිපත් විය.
මාධ්‍යයේ අවධානය , සැලකිල්ල ලබා ගැනීමේ තීරණාත්මක සාධකය වන්නේ, එම නව සංකල්පයයි:එය අනන්‍ය හා ඉක්මනින් ක්‍රියාත්මක කල හැකි විය යුතුයි. මට මුල් දින කිහිපයේ කිරීමට සිදු වුයේ ප්‍රධාන වශයෙන්ම උත්ප්‍රේරකයක් ලෙස පුවත්පත් නිවේදන මගින් මගේ සංකල්පයට පොඩි තල්ලුවක් දීම පමණයි. මාධ්‍ය මගින් ලැබුන අවධානය හා සාම්ප්‍රදායික කට කථා මගින් homepage එක පිළිබඳ තැනින් තැන එක එක පුවත් නිර්මාණය වූ අතර එමගින් මේ පිළිබඳ ඇති අවධානය තවත් වැඩි විය.
නොවැම්බර් වන විට වෙබ් අඩවිය ලෝකය පුරා ප්‍රසිද්ධ වූ අතර,ජර්මනියේ Financial Times Deutschland [32]නවසීලන්තයේ TVNZ ,[33] ලතින් ඇමරිකාවේTerra Networks [34] the China Daily,[35] විශේෂයෙන්ම ඇමරිකාවේ Adweek,[36] Florida Today,[37] සහ Wall Street Journal[2] වැනි මාධ්‍ය වෙතින් ලෝකයේ අවධානය ලබා ගැනීමට හැකි විය.
මෙම සංකල්පය විස්තර කරන්නන් පවසන්නේ , සරල සහ සුපිරි",[37] "දක්ශ",[38] "උපාය ශූර",[16] සහ "අසහාය වේදිකාවක් [වෙලද දැන්වීම් සදහා]එමෙන්ම එය විනොද ජනකයි".[28]ව්‍යවසායකත්ව නව්‍යකරණය ආයතනය නොටින්හෙම් විශ්වවිද්‍යාලයේ අධ්යක්ෂ මහාචාර්ය මාර්ටින් බින්ක්ස්,පවසන ආකාරයට,"එහි සරල බව මත එය අති විශිෂ්ඨය;... වෙලද ප්රචාරකවරු මෙයට ඇදී ඒමට හේතුව මෙහි නවතාවයයි...;මෙම වෙබ් අඩවිය ආශ්චර්යයක් බවට පත් වී ඇත"[16] පොපියුලර් ම්කෑනික් පවසන ආකාරයට , "මෙහි කිසිම අන්තර්ගතයක් නැත.ලස්සන ග්රැෆික්ස්ද නැත, පැමිනෙන අය ආකර්ශනය අරන වීඩියොස්ද නැත.වෙලද දැන්වීම් පමනක් ඇති රූපවාහිනී චැනලයක් ගැන සිතන්න, දැන්වීම් පමනක් ඇති පත්තරයක්. ඩොලර් මිලියනයේ මුල් පිටුව යනු එයයි.මෙය වයිරල් මාකටින් සදහා පුදුම සහගත උදාහරනයකි.".[39] වොශින්ටන් පොස්ට්හි ඩොන් ඔල්ඩෙන්බර්ග් මේ පිලිබද නරක ආකල්පයකින් සිටි කිහිප දෙනා අතරින් එක් අයෙක් වූ අතර ඔහුට අනුව මෙය ,"ලාබ ,මනස විකාර කරන ලාබ උපදවන විරූපයකි, වෙලද ප්‍රචාරණයට නිසරුබිමකි."[15] තවදුරටත්, "බැලීමට අප්‍රසන්න දැන්වීම් කොච්චියකි ". එය හරියට ඔබ ජීව්ත කාලයටම ලබාගන්නා පොප් අප් ඇඩ් සියල්ල එකවර බැලීමක් වැනිය.එය අන්තර්ජාලයේ ඇති බැලූ පසු නෑමට සිතෙන තරමේ කුනු ගොඩකි"[15]
අවසාන පික්සල් වෙන්දේසියත් සමග , "රිච්මන්ඩ් ඇන්ඩ් රේ" මගින් ටිව්ව සම්මුඛ පරීක්ෂණයකට ලක්කරේය එපමනක් නොව, ඔහුට බීබීසී පුවත් සගරාවේද අවස්ථාවක් ලැබුනි. ද වොල් ස්ට්‍රීට් සගරාව ඩොලර් මිලියන මුල් පිටුව ගැන හා එහි අන්තර්ජාල සමාජයට ඇති බලපෑම ගැන ලියන ලදී. "ටිව් මහතා අන්තර්ජාල සමාජය තුල ඉතාමත් කීර්තිමත් පුද්ගලයෙක් බවට පත්ව ඇත...නිර්මානශීලී සාරය...අන්තර්ජාල ව්‍යවසායකත්වය තුල මෙය නව ච්ත්‍රයක් ඇදීමකි"
ටිව් ඔහු මුදල් එකතු කල වයාපාර උපාධිය එක් වාරයකට පසු අත ඇර දැම්මේය.2008 දී ඔහු විසින් පොප්ජෑම් , ලෙස අන්තර්ජාල සමූහන හා සමාජ ජාල වයාපාරයක් ඇරඹීය
2007 ජනවාරි 7 වනදා , අවසාන පික්සල 1000හි වෙන්දේසිය අවසන් වීමට දින 3කට පෙර , ටිව්ට "ද ඩාර්ක් ගෘප්" නම් සංවිධානයකින් ඊමේල් පණිවිඩයක් ලැබුන අතර,එහි සදහන් වූවේ ජනවාරි 10 වන දිනට පෙර $5000 ක් නොගෙව්වොත් මෙම වෙබ් අඩවියdistributed denial-of-service attack ඩීඩොස් ආක්‍රමණයකට ලක්වෙනබවයි.[40][41] එම තර්ජනය බොරු රැවටීමක් ලෙස සිතා, ඔහු එය නොසලකා හරියේය,නමුත් තව සතියකට පසු ඔහුට දෙවන අනතුරු ඇගවීමද ලැබුනි: "හෙලො ඔබේ වෙබ් අඩවිය අපේ ඩීඩොස් ආක්රමණයේ පාලනයේ ඇත එය වැලැක්වීමට $5000 ක් ගෙවන්න". [40] නැවත වරක්, ඔහු එම අනතුරද නොසලකා හරියි,එහි ප්‍රතිපලයක් ලෙස වෙබ් අඩවිය අතිරේක බාධක හා ඊමේල විශාල ප්‍රමාණයක් මගින් උතුරා යයි, එම නිසා වෙබ් අඩවිය හදිසි බිද වැටීමකට ලක් වෙයි. "මම ඔවුන් කිසිවකුට ප්‍රතිචාර දැක්වුවේ නැත්තේ මට ඔවුන්ට සතුට ලබාදීමට අවශය නොවුන අතර මට ඇත්ත වශයෙන්ම ඔවුන්ට කිසිදු මුදලක් ලබා දීමට අවශ්‍ය නොවීය. මගේ වෙබ් අඩවියට සිදුවූ දෙය ත්රස්තවාදයකි.ඔබ ඔවුන්ට මුදල් ගෙව්වේනම්, තවත් ප්‍රහාර ඇතිවීමට ඉඩ තිබුනි, " ටිව් පැවසීය. [5]
මෙම වෙබ් අඩවිය ධාරක සර්වරය අලුත් කර වෙනස් කරන තුරු සතියක පමන කාලයක් ක්‍රියා විරහිතව තිබිනි, සහ තදබදය anti-DDoS මෘදුකාංගයක් මගින් අධයනය කරන ලදී.[41][5] විල්ට්ශෙයා පොලිස්බට කන්ඩායමේ අධි තාක්ශණික අපරධ නිරීක්ශන අංශය හා Federal Bureau of Investigation යන අංශ මෙම නිරීක්ෂණයට කැදවීය;ඔවුන් විශ්වාස කරේ මෙම ප්‍රහාරය රුසියාව මගින් සිදු කල එකක් බවයි.[5][6]
අනිකුත් බොහො වෙබ් අඩවිත් වෙළද ප්‍රචාරණය සදහා පික්සල අලවිය සිදු කරයි.[3][15] ටිව්ට අනුව "එම වෙබ් අඩවි ඒවා ඉතාමත් ඉක්මනට මතුව එයි; දැන් පික්සල් විකුණන වෙබ් අඩවි සිය ගණනක් ඇත.මේ අනුකරණය කරන අය ඔවුන්ම එකිනෙකා සමග තරග වදියි"."[2] එමෙන්ම ඔහු සදහන් කරන ආකාරයට "ඔවුන්ට ඇත්තේ ඉතා කුඩා ඇඩ් ප්රමාණයකි, එම නිසා මා සිතන ආකාරයට ඔවුන්ට මෙය එතරම් සාර්තක නැත. අදහසක් උපරිම ආකාරයෙන් ඵල දරන්නේ පළමු වර පමණක් වන අතර එයද රදා පවතින්නේ එම අදහසේ නවතාවය මතය...ඔනෑම අනුකාරක වෙබ් අඩවියකට ඇත්තේ ප්‍රහසන අගයක් පමනි, කෙසේද යත් මගේ වෙබ් අඩවියට ප්‍රහසන අගයක් මෙන්ම වෙළද ප්‍රචාරණයෙන් ලැබුනු ආදායමක් යන 2ම ඇත...එමනිසා මට අනුකරණය කරන අයට කීමට ඇත්තේ මගේ සුබ පැතුම් කියා පමණි" [42][43]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.