එෆ්බීඅයි විශේෂ නියෝජිත ඩේනා ස්කලී යනු ෆොක්ස් විද්‍යා ප්‍රබන්ධ-අධිස්වාභාවික රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස් හි එන ප්‍රබන්ධ චරිතයකි. මෙම චරිතය නිරූපණය කරනු ලබන්නේ ගිලියන් ඇන්ඩර්සන් විසිනි. එෆ්බීඅයි නියෝජිතවරියක මෙන්ම වෛද්‍යවරියක (M.D.) වන ස්කලී පළමු කථාවාර හත සහ දසවන කථාවාරයේ විශේෂ නියෝජිත ෆොක්ස් මෝල්ඩර් සමගත්, අටවන සහ නවවන කථාවාරයන්හි ජෝන් ඩොගට් සමගත් හවුල්කරුවන් ලෙස කටයුතු කරයි. රූපවාහිනී කතාමාලාවෙහි ඔවුන් සේවය කරන්නේ වොෂිංටන්, ඩී.සී. හි එෆ්බීඅයි ප්‍රධාන මූලස්ථානයේ පහළ මහලේ කාර්යාලයක ය. ඔවුහු "එක්ස්-ෆයිල්" යන ලේබලය යටතේ ගැනෙන නොවිසඳුණු අභිරහස් විමර්ශනය කරති. 2002දී, ස්කලී රාජ්‍ය සේවයෙන් ඉවත් වූ අතර, 2008දී ඇය ශෝකයේ අප ස්වාමි දියණිය නම් පෞද්ගලික කතෝලික රෝහලක ශල්‍යවේදිනියක ලෙස කටයුතු කළා ය. එහි වසර හතක් සේවය කළ ඇය නැවත එෆ්බීඅයි සමග සම්බන්ධ වූවා ය. මෝල්ඩර්ගේ ඉක්මන් "විශ්වාසවත්" චරිතයට සාපේක්ෂව, ස්කලී පළමු කථාවාර හත තුළ සංශයාර්ථවාදී අදහස් දරන්නී ය. ඇය සිය විශ්වාසයන්ට පාදක කරගන්නේ විද්‍යාවෙන් පැහැදිළි කළ හැකි දේ පිළිබඳවයි. නමුත් හත්වන කථාවාරය අවසන් වන විට, ඇය ද "විශ්වාස කරන්නියක" බවට පත්වන්නේ මෝල්ඩර්ගේ පැහැරගැනීමෙන් පසුවයි.

Quick Facts වෛද්‍ය ඩේනා ස්කලී, පළමු පෙනීසිටීම ...
වෛද්‍ය ඩේනා ස්කලී
ද එක්ස්-ෆයිල්ස් චරිතය
Thumb
පළමු පෙනීසිටීම "පයිලට්"
නිරූපණය කරන ලද්දේ ගිලියන් ඇන්ඩර්සන්
පදිංචිය වොෂිංටන්, ඩී.සී., එක්ස්ත ජනපදය
තොරතුරු
වෘත්තියඑෆ්බීඅයි විශේෂ නියෝජිත, වෛද්‍යවරිය
පවුලජ්‍යෙෂ්ඨ බිල් ස්කලී
මාගරට් ස්කලී
කනිෂ්ඨ බිල් ස්කලී
මලීසා ස්කලී
චාල්ස් ස්කලී
දරුවෝඑමිලි සිම්
විලියම් ස්කලී
ආගමරෝමානු කතෝලික
සහකරු ෆොක්ස් මෝල්ඩර්
ජෝන් ඩොගට්
අනුබැඳි මොනිකා රයස්
වෝල්ටර් ස්කිනර්
ද ලෝන් ගන්මෙන්
කාලසීමාව 1993–2002, 2008, 2016
කථාවාර 12345678910
චිත්‍රපට ද එක්ස්-ෆයිල්ස්, ද එක්ස්-ෆයිල්ස්: අයි වෝන්ට් ටු බිලීව්
Close

ස්කලී කථාංග හතරක හැර සෙසු ද එක්ස්-ෆයිල්ස් කථාංගවල පෙනී සිට ඇති අතර, 20ත් සෙන්චරි ෆොක්ස් චිත්‍රපට වන 1998 ද එක්ස්-ෆයිල්ස් සහ එයට වසර දහයකට පසු මුදාහළ ද එක්ස්-ෆයිල්ස්: අයි වෝන්ට් ටු බිලීව් චිත්‍රපටවල ද චරිත නිරූපණය කොට ඇත. ඇය පෙනී නොසිටි ද එක්ස්-ෆයිල්ස් කථාංග වන්නේ "3", "සීරෝ සම්", "අන්යූෂුවල් සස්පෙක්ට්ස්", සහ "ට්‍රැවලර්ස්" යන කථාංගයි.

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.