From Wikipedia, the free encyclopedia
දෙවන මාග්‍රෙත් රැජිණ (උපත 16 අප්‍රේල් 1940 ) යනු ඩෙන්මාර්කයේ වත්මන් රැජිණ මෙන්ම ඩෙන්මාර්ක පල්ලියේ උත්තරීතර අධිකාරිය සහ ඩෙන්මාර්ක ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරියා ද වේ. වසර 50 කට වැඩි කාලයක් ඩෙන්මාර්කයේ රැජින ලෙස පාලනය කර ඇති එතුමිය, දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවයත් සමඟ යුරෝපයේ දීර්ඝතම වත්මන් රාජ්‍ය නායිකාව සහ ලොව දීර්ඝතම කාලයක් සේවය කරන වත්මන් රාජ්‍ය නායිකාව විය .
ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජින | |||||
---|---|---|---|---|---|
ඩෙන්මාර්කයේ රැජින | |||||
රාජ්‍ය සමය | 1972 ජනවාරි 14 – වර්තමානය | ||||
පූර්වප්‍රාප්තිකයා | නවවන ෆ්රෙඩ්රික් රජතුමා | ||||
උපත | 16 අප්‍රේල් 1940 අමාලියෙන්බර්ග්, කෝපන්හේගන්, ඩෙන්මාර්කය | ||||
Spouse | හෙන්රික්, ඩෙන්මාර්කයේ වල්ලභ කුමරු (වි. 1967; මි. 2018) | ||||
දරුවන් Detail | |||||
| |||||
වංශය | ග්ලූක්ස්බර්ග් වංශය [1] | ||||
පියා | නවවන ෆ්රෙඩ්රික් රජතුමා | ||||
මව | ඉන්ග්‍රිඩ් රැජින | ||||
ආගම | ඩෙන්මාර්ක පල්ලිය | ||||
අත්සන |
ඕල්ඩන්බර්ග් රාජවංශයේ කැඩෙට් ශාඛාවක් වන ග්ලූක්ස්බර්ග් රාජවංශයේ උපත ලද මාග්‍රෙත් රැජින ඩෙන්මාර්කයේ නවවන ෆෙඩ්රික් රජතුමාගේ සහ ඉන්ග්‍රිඩ් රැජිනගේ වැඩිමහල් දරුවා වේ . 1953 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් කාන්තාවන්ට සිංහාසනය උරුම කර ගැනීමට අවසර දුන් විට එතුමිය එතුමියගේ පිය රජතුමාගේ නියත උරුමක්කාරිය බවට පත්විය. 1972 ජනවාරි 14 වන දින එතුමියගේ පියාගේ මරණයෙන් පසු මාග්රේත් කුමරිය රජකමට පත් විය. කල්මාර් යූනියන් සමයේදී ස්කැන්ඩිනේවියානු රාජධානිවල 1376-1412 කාලයේ පාලකයා වූ පළවෙනි මාග්‍රෙත් රැජිනගෙන් පසුව පත් පළමු ඩෙන්මාර්කයේ පාලක රැජින බවට එතුමිය පත්විය . 1967 දී එතුමිය හෙන්රි ද ලැබෝඩ් ද මොන්පෙසාට් උතුමාණන් සමඟ විවාහ විය, එතුමියට පුත් කුමාරවරු දෙදෙනෙක් සිටී: ඔටුන්න හිමි ෆෙඩ්රික් කුමරු සහ ජෝකිම් කුමරුය . මාග්‍රෙත් රැජින ඇගේ දැඩි පුරාවිද්‍යාත්මක ආශාව සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර ඉතාලිය, ඊජිප්තුව, ඩෙන්මාර්කය සහ දකුණු ඇමරිකාව ඇතුළු රටවල් වල කැණීම් කිහිපයකට සහභාගී වී ඇත . එතුමියට මෙම උනන්දුව ඇගේ මව් පාර්ශවීය සීයා වන ස්වීඩනයේ හයවන ගුස්ටාෆ් ඇඩොල්ෆ් රජතුමාගෙන් උරුම වූවකි, ඇය 1962 දී එට්රුරියා අසල කෞතුක වස්තු සොයා ගැනීමට යම් කාලයක් ගත කළාය .
2023 වන විට, මාග්‍රෙත් රැජින රාජෝත්තමාවිය ලෙස නිල රාජ්‍ය සංචාර 42 ක් එරටට පිළිගෙන ඇති අතර ඇය විසින්ම විදේශ රාජ්‍ය සංචාර 55 ක් සිදු කර ඇත. එතුමිය සහ රාජකීය පවුල තවත් විදේශ සංචාර කිහිපයක්ම කර ඇත.ඩෙන්මාර්කයේ රාජාණ්ඩුව සඳහා වන සහයෝගය මාග්‍රෙත් රැජිනගේ පුද්ගලික ජනප්‍රියත්වය මෙන් 82% ක් පමණ අඛණ්ඩව ඉහළ මට්ටමක පවතී.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.