ඩෙකෑන් සානුව
ඉන්දියාවේ විශාල සානුව / From Wikipedia, the free encyclopedia
"ඩෙකෑනය" මෙතැනට යළියොමුවෙයි. වෙනත් භාවිතා සඳහා, ඩෙකෑනය (බහුරුත්හරණය) බලන්න.
ඩෙකෑන් සානුව[1] යනු බටහිර සහ දක්ෂිණ ඉන්දියාවේ පිහිටි විශාල සානුවකි. මෙය උතුරු ප්‍රදේශයෙහි දී 100 මීටර (330 ft) දක්වා උසකටත්, දකුණු ප්‍රදේශයේ දී 1,000 මීටර (3,300 ft) ට වැඩි උසකටත් විහිදෙන අතර, එමඟින් ඉන්දියානු සමුද්‍ර තීරයේ පිහිටි දකුණට යොමුවූ ත්‍රිකෝණාකාර භූමිය තුළ උස්වූ ත්‍රිකෝණාකාර භූමියක් සෑදේ.[2]
Quick Facts ඩෙකෑන් සානුව, Highest point ...
ඩෙකෑන් සානුව | |
---|---|
අර්ධද්වීපික සානුව | |
Highest point | |
උන්නතාංශය | 600 m (2,000 ft) |
Parent peak | අනාමුඩි, කේරළ |
ඛණ්ඩාංක | 15°N 77°E / 15; 77 |
Naming | |
ස්වදේශික නාමය | දක්කාණ්, දක්ඛිණ්, දක්ඛාණ් |
Close
මෙය ඉන්දියානු ප්‍රාන්ත අටක් ආවරණය කරමින් විහිදෙන අතර, එයට විවිධ ගණයේ වාසස්ථාන කලාප ගණනාවක් අයත් වේ. මෙමඟින් තෙලංගානා, මහාරාෂ්ට්‍ර, කර්ණාටක , ආන්ධ්‍ර ප්‍රදේශ් , කේරළ සහ තමිල් නාඩු යන ප්‍රාන්තවල සැළකිය යුතු භූමි ප්‍රමාණයක් ආවරණය වේ.[3]