![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ed/Daniel_Craig_3%252C_2012.jpg/640px-Daniel_Craig_3%252C_2012.jpg&w=640&q=50)
ඩැනියෙල් ක්‍රේග්
From Wikipedia, the free encyclopedia
ඩැනියෙල් වොරොග්ටන් ක්‍රේග්[2] බ්‍රිතාන්‍ය ජාතික නළුවෙකි. ඔහු 2006 වර්ෂයේ සිට ජේම්ස් බොන්ඩ් (James Bond) චරිතයට පණ පෙවීමෙන් ඉමහත් ජනාදරයට පත් විය[3]. ඔහු ජාතික තරුණ නාට්‍යය පාසලේ (National Youth Theatre ) ආදි සිසුවෙකු හා ලන්ඩන්හි ගිල්ඩ් හොල් සංගිත හා නාට්‍යය පාසලේ (Guildhall School of Music and Drama) උපාධි ධාරියෙකි. ඔහුගේ රංගන දිවියේ ආරම්භය එළිසෙබෙත් (Elizabeth), ද පවර් ඔෆ් වන් (The Power of One), අ කිඩ් ඉන් කිංග් ආතර්ස් කෝට් (A Kid in King Arthur's Court) වැනි සිනමා පට හා ෂාප් ඊගල් (Sharpe's Eagle), සෝරෝ (Zorro) වැනි රූපවාහිනි මලා නාටක වල සුළු චරිත රඟපෑමෙන් සනිටුවහන් විය. ලව් ඉස් ද ඩෙවිල් (Love Is the Devil), ද ට්‍රෙන්ච් (The Trench) හා සම් වොඊසස් (Some Voices) යන සිනමා පට වල ඔහුගේ රඟපෑම් සිනමා කර්මාන්තයේ වැඩි අවධානයක් ඔහු වෙත දිනා දීමට සමත් විය. එමගින් ඔහුට ලාරා ක්‍රොෆ්ට්:ටූම්බ් රයිඩර් (Lara Croft:Tomb Raider), මියුනිච් (Munich) වැනි විශාල නිෂ්පාදන වල චරිත නිරූපනයට අවස්ථාව උදා විය.
ඩැනියෙල් ක්‍රේග් | |
---|---|
![]() ඩැනියෙල් ක්‍රේග් ස්කයි ෆෝල් මංගල දර්ශනයදා, 2012 නොවැම්බර් 16 සිඩ්නිහිදි | |
උපත | ඩැනියෙල් වොරොග්ටන් ක්‍රේග් 2 මාර්තු 1968 (1968-03-02) (වයස 56)[1] චෙස්ටර්(Chester),චෙෂර්,එංගලන්තය |
රැකියාව | රංගනය |
සක්‍රීය වසර | 1992–වර්තමානය |
කලත්‍රයා(යන්) | ෆියෝනා ලුඩන් (1992–1994) රේචල් වයිස් (2011–present) |
දරුවන් | 2 |
පියර්ස් බ්‍රොන්සන් (Pierce Brosnan) ගෙන් පසු ජේම්ස් බොන්ඩ් චරිතය ක්‍රේග් හට හිමි වීම අන්තර්ජාතිකව ඔහුට කීර්තිය අත් කර දෙන ලදි. ජේම්ස් බොන්ඩ්ගේ චරිතය සඳහා ක්‍රේග් ගැලපීම පිළිබඳව ආරම්භයේදි බොහෝ දෙනා සැක පහළ කරන ලද නමුත් කැසිනෝ රෝයල් (Casino Royale) හි ඔහුගේ ප්‍රථම ජේම්ස් බොන්ඩ් නිරූපණයෙන්ම මහත් ප්‍රේක්ෂක හා විචාරක ප්‍රතිචාරයක් දිනා ගන්නා ලදි. එම රංගන කුසලතාව ඔහුව බැෆ්ටා සිනමා සම්මාන උළෙලේ (BAFTA award)හොඳම රංගනය සඳහා යෝජනා වීමට තරම් ප්‍රභල විය. එමෙන්ම කැසිනෝ රෝයල් සිනමා පටය ඒ වන විට ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් උපයා තිබු ඉහළම ආදායම ලබා ගැනිමටද සමත් විය. ඔහුගේ දෙවන බොන්ඩ් නිරූපනය ඊට වසර දෙකකට පසු කොවොන්ටම් ඔෆ් සොලෙස් (Quantum of Solace) සිනමා පටයෙන් දැකගත හැකි විය.ඔහුගේ තෙවන බොන්ඩ් චිත්‍රපටය වන ස්කයි ෆෝල් (Skyfall) 2012 වසරේ අග භාගයේදි තිර ගත වු අතර එය මෙතක් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් ඉපැයූ ඉහළම ආදායම් වාර්තාවට හිමි කම් කියයි.[4][5]
ඩැනියෙල් ක්‍රේග් ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවට සහභාගී වන අතර තුරම අනෙකුත් චිත්‍රපට වලටද රංගනයෙන් දායක වනු ලබයි. ඔහු මෑතකදි ද ගර්ල් විත් ද ඩ්‍රැගන් ටැටූ (The Girl with the Dragon Tattoo) සිනමා පටයට රංගනයෙන් දායකත්වය සැපයීය.
ක්‍රේග් 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේදි දෙවන එළිසෙබෙත් මහ රැජින (Queen Elizabeth II) සමග අරාධිත රංගනයකද නිරත විය.
ක්‍රේග් විවාහ වි සිටින්නේ නිළියක වන රේචල් වයිස් (Rachel Weisz) සමඟය ඇය ඔහුගේ දෙවන බිරිඳයි.ඔහුගේ පළමු විවාහයෙන් එලා නම් වු දියණියක් සිටි.