![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1a/Sucrose_molecule.svg/langsi-640px-Sucrose_molecule.svg.png&w=640&q=50)
ඩයිසැකරයිඩ
From Wikipedia, the free encyclopedia
ඩයිසැකරයිඩයක් හෝ බයොසයක්[1] යනු මොනොසැකරයිඩ දෙකක් සංඝනන ප්‍රතික්‍රියාවකට භාජනය වීමෙන් ක්‍රියාකාරී කාණ්ඩවලින් පමණක් ජලය වැනි කුඩා අණුවක් බැහැරීම නිසා සැදෙන කාබොහයිඩ්රේටයයි. මොනොසැකරයිඩ ලෙසින්ම, ඩයිසැකරයිඩද ජලයේ දිය කළ විට ජලීය ද්‍රාවණයක් තනයි. වඩාත් ප්‍රචලිත ලෙසින් දන්නා නිදසුනක් වන්නේ සුක්රෝස් වන අතර, අනෙක ලැක්ටෝස් වෙයි.[2]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1a/Sucrose_molecule.svg/320px-Sucrose_molecule.svg.png)
'ඩයිසැකරයිඩ' යනු කාබොහයිඩ්රේටයන්හී රසායනික කාණ්ඩ සතර අතුරින් එකකි (මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ, ඔලිගොසැකරයිඩ, හා පොලිසැකරයිඩ).