ටැබ්ලොයිඩ් පුවත්පත් කලාව
From Wikipedia, the free encyclopedia
"ටැබ්ලොයිඩ්" මෙතැනට යළියොමුවෙයි. වෙනත් භාවිතා සඳහා, ටැබ්ලොයිඩ් (බහුරුත්හරණය) බලන්න.
ටැබ්ලොයිඩ් යනු ප්රමාණයෙන් කුඩා පුවත්පත්ය. ප්රාදේශීය වශයෙන් වැදගත් පුවත් පළ කෙරෙන සතිපතා විකාශනය කෙරෙන හෝ උද්වේග කර අපරාධ සිදුවීම් හෝ ඕපාදුප වාර්තා කරන පුවත්පත් හැදින්වීම සදහා පුවත් පත් කර්මාන්තය තුළ මේ නම භාවිතා කෙරේ. ටැබ්ලොයිඩ් යන පදය කිසියම් අප්රසාදයකට ලක්ව ඇති බැවින් සමහරුන්, “ සංක්ෂිප්ත ” පුවත් පත් යන යෙදුම භාවිතා කරයි.
ටැබ්ලොයිඩ් පුවත් පත් ආකෘතිය විශේෂයෙන්ම එක්සත් රාජධානිය තුළ ජනප්රිය වී ඇත. එය දළ වශයෙන් අගල් 17 x 11 පමණ වේ. මෙයට වඩා තරමක් විශාල පුවත් පත් වන “ පුළුල් තිර ” පුවත් පත් ගුණාත්මක බවින් ඉහළ යැයි සැලකේ. මේ සදහා තෙවන ආකෘතිය වන්නේ කුඩා හා විශාල ප්රමාණ දෙක අතර මැදි ප්රමාණයක් ගත් බර්ලනර් ආකෘතියයි.