![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a1/The-Last-Supper-large.jpg/640px-The-Last-Supper-large.jpg&w=640&q=50)
ජුදාස් ඉස්කාරියොත්
From Wikipedia, the free encyclopedia
ජුදාස් ඉස්කොරියොත් (මරණය ක්‍රි.ව 29-33 අප්‍රේල්) නව ගිවිසුමට අනුව, ජෙසුස් වහන්සේගේ ධර්ම දූතවරුන් දොළොස් දෙනාගෙන් එක් අයෙකි. ගිණුම් පිළිබඳව වාර්තා තැබීම මොහුට භාර වු වගකීමකි. ජෙසුස්ට ද්‍රෝහි වු වරදට මොහු සම්බන්ධ විය.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a1/The-Last-Supper-large.jpg/640px-The-Last-Supper-large.jpg)
ජුදාස් සුවිශේෂය ( 4 වන සියවස මුල් කාලයේ පැවතුණු) සමඟ ජුදාස් සම්බන්ධ වි ඇත. ගුප්ත කණ්ඩායම් අතර ප්‍රසිද්ධ චරිතයක් ලෙස පෙනී සිටිය අතර මොහු දාර්ශනික ලේඛනවල විශේෂ මාතෘකාවක් බවටද පත් වූවේය. බොහෝ ක්රිස්තියානිවරු (ගිහියෝ, පුජකවරු හෝ දේව ධාර්මිකයෝ) ජුදාස්ව ද්‍රෝහියෙක් ලෙස තවමත් සළකති. ද්‍රෝහියට සමාන අර්ථයෙන් ‘ජුදාස්’ යන නම භාෂා කිහිපයකින්ම සඳහන් වේ. කෙසේ වුවත් ඇතැම් වියතුන් ජුදාස් පිළිබඳව විකල්පීය අදහස් දක්වයි.ඒ අනුව ජෙසුගේ දැනුම හා කැමැත්ත පරිදි ,යලි බයිබලයේ දිවැස්වැකි නියෝග කිරීමෙන් පසුව ද්‍රෝහියා යන ස්වරූපය ගොඩ නැඟීමට ඉතිහාසික විරූපීකරණය කර ඇති බව ඍවුන්ගේ පිළිගැනීමයි.