From Wikipedia, the free encyclopedia
ජීන් පිලිෆේ ආතර් ඩුබුෆේ (1901 ජූලි 31 - 1985 මැයි 12) 20 වැනි සියවසේ අවසන් භාගයේදී අතිශයින් කීර්තියට පත් ප්‍රංශ ජාතික සිත්තරෙක් සහ මූර්තිශිල්පියෙකි
ඩුබුෆේ ලා හව්රෙ හිදී උපත ලැබිය. 1918 දී ජූලියන් ඇකඩමියෙන් කලාව ඉගෙන ගැනීම සඳහා ඔහු පැරීසියට පැමිණීයේය. නමුත් මාස 6 කට පසුව ඔහු ඇකඩමියෙන් නික්ම ස්වාධීනව අධ්‍යයන කටයුතු කිරීමට පටන් ගත්තේය. 1924 දී කලාවේ වටිනාකම පිළිබඳව සැක සිතූ ඔහු චිත්‍ර ඇඳීම නවතාදමා ඔහුගේ පියාගේ වයින් විකිණීමේ ව්‍යාපාරයේ කටයුතු භාරගත්තේය. 1930 ගණන්වලදී ඔහු නැවත චිත්‍ර ඇඳීමට පටන්ගත් අතර නැවත එය නවතා දමන ලදී . නැවතත් 1942 දී චිත්‍ර අඳින්නට පටන්ගත් ඔහු එතැන්සිට එය අඛණ්ඩවම කරගෙන ගියේය. 1944 දී ඔහු සිය ප්‍රථම ඒකපුද්ගල ප්‍රදර්ශනය පැවැත්වීය. 1948 දී ඔහු අධිතාත්විකවාදී කණ්ඩායම් හා එක්වූ අතර 1954 දී කොලේජ් ඔෆ් පැටැෆසික් හි අධ්‍යාපනය ආරම්භ කළේය.
Artistry of the Mentally Ill කෘතියේ ආභාෂය ලද ඔහු Art Brut (කලාවෙන් පිටත) නම් යෙදුමක් ඉදිරිපත් කළේය. මානසික රෝගීන්, සිරකරුවන් සහ කුඩා දරුවන් වැනි සෞන්දර්යවාදයේ රීතීන්ගෙන් බැහැරව කටයුතු කරන වෘත්තීමය නොවන්නන් හැඳින්වීම සඳහා එම යෙදුම යොදාගන්නා ලදී. එවැනි කලාකෘතීන් රැසක් ඔහු විසින් එකතු කරන ලදී. එම එකතුව වර්තමානයේ ස්විට්සර්ලන්තයේ Musée de l'Art Brut හි ප්‍රදර්ශනය කෙරේ. ඩුෆෙට් කලාව ශාස්ත්රාලීය සම්බන්ධතාවන්ගෙන් විනිර්මුක්තව තබාගැනීමට උත්සාහ කළ අතර ඔහුගේ නිර්මාණයන් බොහෝවිට ප්‍රාථමික හෝ අව්‍යාජ ඒවාවෙයි.
ඩුබුෆේගේ කෘතීන් බොහොමයක්ම තෙල් සායමින් නිර්මාණය කොට ඇති අතර ඒ මතුපිට ඝනාලේපයක් ආලේපකොට වැලි, තාර සහ පිදුරු යොදාගනිමින් ඝනත්වය වැඩිකිරීම මඟින් නිර්මාණයට අසාමාන්‍ය මතුපිට ස්වභාවයක් ලබාගෙන ඇත. 1962 න් පසුව රතු , සුදු, කලූ සහ නිල් යන වර්ණයන්ට සීමා වෙමින් ඔහු නිර්මාණ මාලාවක්ම නිර්මාණය කළ අතර 1960 ගණන්වල අවසන් භාගයේදී ඔහු මූර්ති කලාව වෙත යොමුවිය. පොලිතීන් මඟින් සිදුකළ එම නිර්මාණයන් අනතුරුව ප්ලාස්ටික් තීන්ත විශේෂයක් යොදාගනිමින් වර්ණ ගන්වන ලදී. 1960-61 අවසන් භාගයේ ඩුබුෆේ සංගීතය හා ශබ්දය පිළිබඳව පර්යේෂණයන් ආරම්භ කළ අතර ඇස්ගර් ජෝන් නම් ඩෙන්මාර්ක් ජාතික සිත්තරකු සමග පටිගත කිරීම් කිහිපයක් සිදු කරන ලදී.
1978 දී ඩුබුෆේ ඇමරිකානු සංගීතඥ හා ස්වර රචක ජේසන් මාර්ට්ස් සමග එක්වී The Pillory නම්වූ මාර්ට්ස්ගේ පෙරටුගාමී සිම්පනිය වෙනුවෙන් ඇල්බමයක් නිර්මාණය කරන ලදී.
ඩුබුෆේගේ අවසන් නිර්මාණයන් අතර 1984 දී කළ නිර්මාණය වැදගත් වේ. 1985 දී ඩුබුෆේ පැරීසියේදී මියගියේය
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.