ජාත්‍යන්තර රූ රැජිණ
From Wikipedia, the free encyclopedia
ජාත්‍යන්තර රූ රැජිණ (Miss International) යනු 1960 වර්ෂයේ සිට පවත්වනු ලබන, එක් එක් වසර වලදී ලෝක මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරගයකි.[1]
Quick Facts සංස්ථාපනය, වර්ගය ...
![]() ජාත්‍යන්තර රූ රැජිණ ලාංඡනය. | |
සංස්ථාපනය | 1960 |
---|---|
වර්ගය | රූ රැජිණ තරඟයකි. |
මූලස්ථානය | ටෝකියෝ. |
පිහිටුම | |
වෙබ් අඩවිය | Official website |
Close
මෙහිදී තරගකාරියන් ගෙන් බලාපොරොත්තු වන මූලික කරුණු වන්නේ "සාමය සහ සුන්දරත්වය" නියෝජනය කිරීමයි. ඒ අනූව තරගකාරියන්ගේ කාරුණිකත්වය, දයාව, මිත්රශීලීත්වය, සුන්දරත්වය, බුද්ධිමත් බව, තීරණ ගැනීමේ හැකියාව, සහ ජාත්‍යන්තරය පිළිබඳ සංවේදීතාවය මැන බලනු ලබයි. සමස්ථ ජාත්‍යන්තර රූ රැජිණ තරගයේ ප්‍රධාන පරමාර්ථ වන්නේ ලෝක සාමය, හොඳ හිත, සහ අනොන්‍යය අවබෝධය ඇතිකරවීමයි.[2] ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරග 5 න් එකක් ලෙසද ජාත්‍යන්තර රූ රැජිණ තරගය නම් දරයි.[3]