ජාත්‍යන්තර මූල්‍ය සමායතනය
From Wikipedia, the free encyclopedia
ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) යනු සංවර්ධනය වෙමින් පවතින රටවල්වල පෞද්ගලික අංශය දිරිමත් කිරීම සඳහා ආයෝජන, උපදේශන සහ වත්කම් කළමනාකරණ සේවා සපයන ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකි. IFC සාමාජික ආයතනයක් වන අතර එහි මූලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. නගරයේ පිහිටා තිබේ. ලෝක බැංකුවේ පෞද්ගලික අංශයට සේවා සපයන ආයතනය ලෙස එය 1956 දී පිහිටවන ලද්දේ දිළිඳුබව අඩු කිරීම සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට අනුග්‍රහය දැකිවීමත්, අනිවාර්යයෙන් ලාභ අරමුණු කරගත් සහ වාණිජමය ව්‍යාපෘතීන්හි ආයෝජනය කිරීම මඟින් ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙන යාමත් සඳහාය. [1][2][3] IFCහි ප්‍රකාශිත අරමුණ වනුයේ දිළිඳුබවින් පෙළෙන හෝ වෙනත් අන්දමකින් අවදානමට මුහුණ දී සිටින ජනතාවට රැකියා උත්පාදනය සහ අවශ්‍ය සේවා සැයපීය සඳහා පුද්ගලික ව්‍යවසායයන්ට අවශ්‍ය මූල්‍ය සම්පත් සැපයීම, පහසුවෙන් ප්‍රවේශවිය හැකි හා තරඟකාරී වෙළඳපොළවල් ප්‍රවර්ධනය, සහ ව්‍යාපාර සහ අනෙකුත් අනෙකුත් පෞද්ගලික අංශයේ සංවිධාන සඳහා සහය වීම මගින් දිළිඳුබවින් මිදීමට සහ වඩා යහපත් ජීවන තත්ත්වයන් අත්පත් කරගෙනීම සඳහා ජනතාවට අවස්ථාවන් නිර්මාණය කිරීමය.[4] 2009 සිට IFC සිය ව්‍යාපෘති වලින් ඉලක්ක කරගත යුතු යැයි අපේක්ෂා කරන සංවර්ධන අරමුණු කිහිපයක් වෙත අවධානය යොමු කර තිබේ. එම අරමුණු වන්නේ තිරසාර කෘෂිකාර්මික අවස්ථා වර්ධනය, සුළු මූල්‍ය සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා ඇති අවස්ථාවන් ඉහළ නැංවීම, යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, කුඩා ව්‍යාපාර වල ආදායම් ඉහළ නැංවීම සහ සෞඛ්යාරක්ෂිත දේශගුණක තත්ත්වයන් සඳහා ආයෝජනය කිරීමත්ය. [5]
සංස්ථාපනය | 1956 |
---|---|
වර්ගය | මූල්‍ය සංවර්ධන ආයතන |
නෛතික තත්ත්වය | ගිවිසුම |
අභිප්‍රාය | පෞද්ගලික අංශ සංවර්ධනය, දිළිදු බව අඩු කිරීම |
මූලස්ථානය | වොෂින්ටන් ඩී.සී. |
Membership | රටවල් 184 |
පීතෘ සංවිධානය | ලෝක බැංකු සමූහය |
වෙබ් අඩවිය | ifc.org |
IFC, එහි සාමාජික රටවල් වලට අයත් සහ ඔවුන් විසින් පාලනය කරනු ලබන ආයතනයක් නමුත් එහි සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු කරගෙන යාම සඳහා තමන්ගේම විධායක නායකත්වයක් සහ කාර්ය මණ්ඩලයක් සිටී. එය ගෙවා නිමි ප්රාග්ධනය සපයන සහ අවශ්‍ය කරුණු වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති, සාමාජික රටවල් කොටස් හිමියන් වන සමායතනයකි. ආරම්භයේදී ලෝක බැංකු සමූහය සමඟ මූල්‍යමය වශයෙන් වඩාත් ඒකාබද්ධ වූ IFC, පසුව වෙනම සංස්ථාපිත කරනු ලැබ අනතුරුව මූල්‍යමට වශයෙන් ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියා කිරීමය සහ ආයෝජන තීරණ ස්වාධීන ලෙස ගැනීමට බලය ලද්දේය. ව්‍යාපාර ආයතන වලට කළමනාකරණ මට්ටමෙන් සහභාගී වීමෙන් වැලකී සිටින අතර IFC ණය සහ ප්‍රාග්ධන මූල්‍යකරණ සේවා රැසක් සැපයීම තුළින් එම ආයතන වලට තම අරමුදල් පිළිබඳ අවදානම් වලට මුහුණ දීමට උපකාරී වේ. සමාගම් විසින් තීරණ ගැනීමේදී, සමාජයට සහ පරිසරයට එම තීරණ වලින් ඇතිවන බලපෑම ඇගැයීම සහ වගවීම පිළිබඳව උපදෙස් ලබාදීමද IFC විසින් සිදු කරනු ලැබේ. තවද යටිතල පහසුකම් ගොඩනැංවීම පිළිබඳව සහ පෞද්ගලික අංශය තව දුරටත් සංවර්ධනය කිරීමේ හවුල් ව්‍යාපාර පිළිබඳව රජයන්ට උපදෙස් ලබාදීමද ඔවුන් විසින් සිදු කරයි.
සෑම වර්ෂයකදීම ස්වාධීන ඇගැයුම්කරුවෙකු විසින් IFCය ඇගැයීමකට ලක් කරනු ලැබේ. 2011 එම ඇගැයීම් වාර්තාවට අනුව එම ආයතනයේ ආයෝජනයන් මනාව ක්‍රියාත්මක වී දිළිඳුබව අඩු කිරීමට දායක වී තිබෙන බව වාර්තා කරන අතරතුරම, ආයතනය විසින් දිළිඳුබව සහ අපේක්ෂිත ප්‍රතිඵල වඩාත් පැහැදිලි ලෙස නිර්වචනය කරනු ලැබීම හේතුවෙන් එහි කාර්ය සාධනය වඩා හොඳින් අවබෝධ කරගැනීමට සහ දිළිඳුබව අඩු කිරීමේ ප්රයත්නයට වඩාත් උපායමාර්ගික ලෙස ප්‍රවේශ වීමට හැකි වූ බවද නිර්දේශ කර තිබේ. 2011 වන විට IFC මුළු ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 18.66ක් විය. 2011 දී ව්‍යාපෘති 642 සඳහා උපදේශන සේවා සැපයීමට ඇමරිකානු ඩොලර් මිලියන 820ක් අනුමත කළ අතර ඇමරිකනු ඩොලර් බිලියන 24.5ක් වටිනා ද්‍රවශීල වත්කම් ප්‍රමාණයක් එය සතුව පැවතිණි. IFC යනු හොඳ මූල්‍ය ස්ථාවරත්වයක් සහිත ආයතනයක් වන අතර 2010 සහ 2011 යන වර්ෂ වලදී ස්වාධීන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකකින් ඉහළම ශ්‍රේණි ලබාගත්තේය.