![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/60/ISSFinalConfigEnd2006.jpg/640px-ISSFinalConfigEnd2006.jpg&w=640&q=50)
ජාත්‍යන්තර අජටාකාශ මධ්‍යස්ථානය එකලස් කිරීම
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
ලොව පුරා අභ්‍යවකාශ එජන්සි ගණනාවක සහභාගිත්වයෙන් පෘථිවියේ පහළ කක්ෂයක දී, අති දැවැන්ත අජටාකාශ ඉංජිනේරු කටයුත්තක් වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදි කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/60/ISSFinalConfigEnd2006.jpg/640px-ISSFinalConfigEnd2006.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b6/NASA-Krikalev-inside-ISS.jpg/640px-NASA-Krikalev-inside-ISS.jpg)
මධ්‍යස්ථානයේ ප්‍රථම මොඩියුලය වන සර්යා, 1998 නොවැම්බරයේදී ප්රෝටෝන් රොකට්ටුවක් ආධාරයෙන් අජටාකාශගත කරනු ලැබීය. ඉන් දෙසතියකට පසු STS – 88 ශටල මෙහෙයුම මගින් ප්‍රධාන මොඩියුල 3න් එකක් වන යුනිටි (Unity) ගුවන්ගත කරන ලදුව එය Zarya හා එක් කෙරුණි. මෙම මොඩියුල 2 ඊළග වසර එකහමාර තුළ මිනිසුන් රහිතව කක්ෂගතව තිබුණි. 2000 ජූලි මස දී රුසියානු මොඩියුල වන Zvezda (ස්වෙස්ඩා) එක් කිරීමත් සමගම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වශයෙන් අජටාකාශ ගාමීන් දෙදෙනෙකුට නිත්‍ය පහසුකම් සැපයිය හැකි ස්ථානයක් බවට පත් වුණි.
ඉදිකිරීම් හමාර වූ පසු ජාත්‍යන්තර අජටාකාශ මධ්‍යස්ථානයේ වාසය කළ හැකි ඉඩ ප්‍රමාණය දළ වශයෙන් ඝන මීටර 1000 ක් පමණ හා එහි ස්කන්ධය දළ වශයෙන් 400000kg ක් පමණ වනු ඇත. 100kw පමණ වන විදුලි බල ජනන හැකියාවකින් යුත් එහි සැකිල්ල මීටර් 108.4 දිගකින් ද මොඩියුල මීටර් 74 ක දිගකින් හා 6 දෙනෙකුගේ කාර්ය මණ්ඩලයකින් ද සමන්විත වනු ඇත. මෙය එකලස් කිරීම සදහා අභ්‍යවකාශ ගමන් වාර 40ක් පමණ අවශ්‍යවන අතර මින් 33ක්ම ෂටල ගමන්වාර වීම විශේෂත්වයකි. දැනට ඉන් ෂටල ගමන් වාර 21ක් හමාර වී ඇති අතර ඉතිරි 13, 2007 – 2010 කාල වකවානුවේ දී සපුරාලීමට සැලසුම් කර ඇත. අනෙකුත් එකලස් කිරීමේ ගමන්වාර රුසියානු ප්රෝටෝන් රොකට්ටුවල හෝ සෝයුස් රොකට්ටුවල ආධාරයෙන් සිදු කිරීමට නියමිතය.