ජපානයෙහි භූතාපජ බලශක්තිය
From Wikipedia, the free encyclopedia
ඊෂු-බුනින්-මරියානා චාපයට එහි සමීපත්වය නිසාම, භූතාපජ බලශක්තිය සැපයීම කෙරෙහි වාසිදායක භූමිභාගයන් කිහිපයක් ජපානය සතුව පවතියි. 2007 වසර වන විට, ජපානය සතුව 535.2 MW පිහිටුවුනු විදුලි ජනක ධාරිතාවක් වූ අතර, එය ලෝකයෙහි මුළු ප්‍රමාණයෙන් 5% පමණ විය.[1][2] රටෙහි බලශක්ති පාර්ශවයෙහි සුළුතර භූමිකාවක් භූතාපජ බලශක්තිය විසින් ඉටුකරයි: 2013 වසර වන විට එය විසින් 2596 GWh ප්‍රමාණයක විදුලිය සැපයූ අතර, එය රටෙහි සම්පූර්ණ විදුලි සැපයුමෙන් 0.25% පමණ විය.[3]
1990 ගණන් වල මැද භාගයෙහි පටන්, නව භූතාපජ බලාගාරයන්හී සංවර්ධන කටයුතු ඇණහිටුනු අතර, එසේ වූයේ ප්‍රධාන වශයෙන් ප්‍රාදේශීය ප්රජාවන්ගේ බලවත් විරෝධය නිසාවෙනි. බොහෝ විභව්‍ය අඩවි පිහිටා තිබුණේ රජය-විසින්-රක්ෂිත ප්‍රදේශයන්හී සහ සංචාරකයන් පැමිණෙන ස්ථානයන්හී වූයේ, සාම්ප්‍රදායික උණුදිය උල්පත් හෝ ඔන්සෙං එහි පැවැති නිසාය.[4][2] මෙම පෙදෙස්හී ප්‍රාදේශීය ප්‍රජාවන් බොහෝ විට සංචාරකයින් ඔන්සෙං වෙත පැමිණීම නිසා ලැබෙන ආදායම මත යැපුනු අතර, භූතාපජ සංවර්ධන කටයුතු වලට විරුද්ධත්වයක් දැක්වූයේ, මෙම කර්මාන්තය විසින් ස්වභාවික සෞන්දර්යය මත සිදු කල හැකි සෘණාත්මක බලපෑම සහ එය නිසා සංචාරක ව්‍යාපාරය සහ ප්‍රාදේශීය ආර්ථිකයට එය විසින් සිදු කල හැකි හානිය නිසාවෙනි.[5][6] කෙසේවෙතත්, ෆුකුෂිමා ව්‍යසනයෙන් අනතුරුව සහ ඉන්පසුව රටෙහි බොහෝ න්‍යෂ්ටික බලාගාර වැසී යෑමෙන් අනතුරුව ඇතිවූ ජපාන බලශක්ති අර්බුදය නිසාවෙන්, මෑත වසර කිහිපය තුලදී භූතාපජ බලශක්තිය කෙරෙහි උනන්දුව වැඩිවීමක් දක්නට ලැබිණි. මේ අවස්ථාව වන විට, ව්‍යාපාර ප්‍රජාවන් සහ රජය විසින්, නව භූතාපජ බලශක්ති ප්‍රවර්ධනය සඳහා භව්‍ය අඩවි 60 කට වැඩි ප්‍රමාණයක් පිළිබඳව කටයුතු සිදු කරමින් පවතියි. 23 GW ප්‍රමාණයක සම්පූර්ණ භූතාපජ බලශක්ති ධාරිතාවක් ඇස්මේන්තුගත කර ඇති අතර, එක්සත් ජනපදය සහ ඉන්දුනීසියාවෙන් අනතුරුව, එය ලෝකයේ තුන්වන ස්ථානයෙහි පවතියි.[4] ඇස්මේන්තුවක් විසින් අඟවනුයේ, උණු දිය ලිං සහ උල්පත් 1,500 පමණ විසින් 723 MWe පමණ අමතර ධාරිතාවක් ජනිත කරන බවයි.[2]