ජපන් සංස්කෘතිය
From Wikipedia, the free encyclopedia
ජපානයේ සංස්කෘතිය ප්රාග් ඓතිහාසික ජෝමොන් යුගයේ සිට ආසියානු, යුරෝපීය සහ උතුරු ඇමරිකානු ආභාෂය ලබන සමකාලීන නූතන සංස්කෘතිය දක්වා වන සහශ්‍රය පුරා මහත් සේ වෙනස් වී ඇත.
ජපානයේ ක්‍රි.පූ. 1000ත් 300ත් අතර කාලයේ ජපානයේ පදිංචි වූ යයොයි ජනයාගෙන් ජපන් දේශීය සංස්කෘතිය මූලිකව ම හට ගනී. යයොයි සංස්කෘතිය ස්වදේශික ජෝමොන් සංස්කෘතියත් සමඟ මුසු වී ප්‍රධාන දූපත වන හොන්ෂූ වෙත සීග්‍රයෙන් ව්‍යාප්ත විය. තක්සේරුගත පරිදි, නූතන ජපන් ජනයාගෙන් 80% ක් යයොයි පරම්පරානුගත වන අතර 20% ක් ජෝමොන් පරම්පරානුගත වේ.
මූලිකව ම ජපන් සංස්කෘතියට පුරාතනයේ සිට මධ්‍යතන යුගය දක්වා බහු චීන රාජවංශයන්ගේ මෙන් ම සුළු වශයෙන් අනෙකුත් ආසියාතික රටවල ආභාසය ද ලැබිණි. නිදසුනක් ලෙස, ජපන් භාෂාව ලේඛනය සඳහා චීන අක්ෂර (කන්ජි) භාවිත කරන නමුදු, ජපන් භාෂාවෙහි උපත හා සම්බන්ධයක් චීන භාෂාවට නොමැත. මෙයිජි යුගයේ සිට ආසන්න-සමකාලීන ඉතිහාසයේ ජපානයට මූලික වශයෙන් බටහිර රටවල ආභාසය ලැබිණි. පුනරාවර්ත බලපෑම, අවශෝෂණය සහ විවිධාකාර තෝරාගැනීම් සුවිශේෂී මෙන් ම අද්විතීය සංස්කෘතික සංවර්ධනයක සාධක ලෙස එක්කර ඇත.
ජපන් වැසියෝ ''තොකුවා ෂොගුනතේ'' හි ''කාල නෞකා''වල ආගමනය සහ මෙයිජි යුගය දක්වා අවුරුදු 220ක් පුරා පිටස්තර ලෝකයෙන් සාපේක්ෂ දීර්ඝ කාලීන හුදෙකලා බවක් අත්වින්දහ. අද ජපන් සංස්කෘතිය ප්‍රධාන වශයෙන් එම සංස්කෘතියේ ගෝලීය ප්‍රවේශය හේතුවෙන් ලෝකයේ ප්රමුඛ සහ වඩාත් කැපී පෙනෙන සංස්කෘතීන් අතරින් එකක් ලෙස පවතී.