From Wikipedia, the free encyclopedia
ජනාධිපති ලේකම් කාර්යාලය (ඉංග්‍රීසි උච්චාරණය: /The Presidential Secretariat/) යනු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ කාර්යාලය යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති යුතුකම්, වගකීම් සහ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා පරිපාලනමය සහ ආයතනික රාමුව එය සපයයි. ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටා ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධානියා ජනාධිපති ලේකම්වරයා (ජනාධිපති ලේකම් ලෙස ද හැඳින්වේ), ඔහු නිල වශයෙන් ජ්‍යෙෂ්ඨතම සිවිල් සේවකයා සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ප්‍රධානියා වේ. වත්මන් ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා ය.[1] මෙම තනතුර ලංකාවේ ආණ්ඩුකාරවරුන්ගේ ලේකම් තනතුරෙන් සහ ඉන් පසුව ලංකාවේ ආණ්ඩුකාරවරයාගේ ලේකම් තනතුරෙන් එහි මූලයන් ඇත.
Agency overview | |
---|---|
Formed | 1978 |
Jurisdiction | ශ්‍රී ලංකා රජය |
Headquarters | පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, කොළඹ |
Agency executive |
|
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
ජනාධිපති ලේකම් කාර්යාලයය සැළකිල්ලක් දැක්විය යුත්තේ රාජ්‍ය පාලනයෙහි පහත පාර්ශව කෙරෙහිය:-
ජනාධිපති කාර්යාලයය පහත දැක්වෙන අංශ වලින් සමන්විත වේ:
පහත සඳහන් ආයතනයන් ජනාධිපති ලේකම්ගේ විෂයපාත්රයට හසුවෙයි;
2022 ජූලි 9 වන දින, 2022 ශ්‍රී ලංකාවේ විරෝධතා අතරතුර, දහස් ගණන් විරෝධතාකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම වහාම ඉල්ලා අස්විය යුතු යැයි බල කරමින් ජනාධිපති මන්දිරයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට, අරලියගහ මන්දිරයට (අගමැති නිවස) කඩා වැදී වාඩිලා ගත්හ.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.