Remove ads
From Wikipedia, the free encyclopedia
ජනක කුඹුකගේ, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.[1] ප්‍රධාන වශයෙන්ම රූපවාහිනියේ නියැලී සිටින බහුවිධ රංගන ශිල්පියෙකු වන කුඹුකගේ "සරෝජා", "දරුවනේ" සහ "උදුම්බරා" චිත්‍රපට චරිත සඳහා කැපී පෙනේ.[2]
ජනක කුඹුකගේ Janaka Kumbukage | |
---|---|
උපත | වාද්දුව, ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | නළුවා, නාට්‍යකරුවා, අධ්‍යක්ෂක |
සක්‍රීය වසර | 1984–වර්තමාන |
සම්මාන | ජනාධිපති හොඳම නළුවා |
ඔහුට එක් බාල සහෝදරයෙක් සිටී. ඔහුගේ පියා සහ මව විශ්‍රාමික ගුරුවරුන් වේ. දෙමාපිය මාරුවීම් නිසා පාසල් පහකට වැඩි ගණනකින් ඔහු ඉගෙන ගත්තේය.[3] නාට්‍ය කෙරෙහි ඇති උනන්දුව වැඩි වූ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයෙන් ඔහු ඉගෙනුම ලැබීය. ඔහු උසස් පෙළ අධ්‍යාපනය නිම කළේ වාණිජ විෂය ධාරාවෙන්. නාට්‍ය කලාවට පිවිසීමට පෙර ඔහු මරදාන කාර්මික විද්‍යාලයට ඇතුළත් වී වසර හතරක් ව්‍යාපාර අධ්‍යයනය හැදෑරුවා. නාට්‍යවලට සම්බන්ධ වෙලා කිරි මණ්ඩලයෙත් වැඩ කළා.
1994 වසරේ ඔහු අනුෂා සමඟ විවාහ වූ අතර මෙම යුවළට එක් පුතෙක් සිටී.[3]
1984 දී, කුඹුකගේ ගාමිණී හත්තොටුවේගමගේ නාට්‍ය වැඩමුළුවල මගපෙන්වීම යටතේ සිය නාට්‍ය ජීවිතය ආරම්භ කළ අතර පසුව ඔහුගේ වීදි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු විය.[4] ඔහු වීදි නාට්‍යවල සිටියදී ධර්මසිරි බණ්ඩාරනායක, සෝමලතා සුබසිංහ, අශෝක හඳගම සහ ජර්මානු නාට්‍ය රචක ක්ලවුස් කූසෙම්බර්ග් සමඟ වේදිකා නාට්‍ය රැසක ද කටයුතු කළේය. 2000 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ බීහම බුහුමි නාට්‍ය වෙනුවෙන් හොඳම වේදිකා නළුවාට හිමි සම්මානය හිමි වුණා. ඔහුගේ මංගල රූපවාහිනී රංගනය විමලරන්ත අදිකාරි විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘සිව රහස පුරා’’ හරහා සිදු විය.[5]
2009 දී ඔහු සිය මංගල වේදිකා නාට්‍යය වන සුළඟ මත කතා කරයි අධ්‍යක්ෂණය කළේය. එය ජූලි 25 සහ 26 දෙදින කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකාගත විය.[6][7] කුඹුකගේ සිය සිනමා ජීවිතය ආරම්භ කළේ 1996 දී බූඩී කීර්තිසේන විසින් අධ්‍යක්ෂණය කරන ලද සිහින දේශයෙන් චිත්‍රපටියෙනි.[8][9]
වසර | චිත්‍රපටය | භූමිකාව | Ref. |
---|---|---|---|
1996 | සිහින දේශයෙන් | [82] | |
1997 | බව කර්ම | [83] | |
1999 | මන්දාකිනි | [84] | |
2000 | සරෝජා | වරුණිගේ තාත්තා | [85] |
2002 | පුංචි සුරංගනාවි | සුරේන් | [86] |
2003 | පුර සක්මන | [87] | |
2008 | පිටසක්වල කුමාරයයි පංචෝ හතයි | පිටසක්වල | [88] |
2012 | දරුවනේ | සමරසේකර | [89] |
2018 | උදුම්බරා | ආනන්දගේ මිතුරෙකි | [90] |
2019 | ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් | ISIS නායකයා | [91] |
TBD | හොරා අන්කල් | [92] | |
TBD | තානාපතිලගේ ගෙදර | [93] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.