![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/34/Charlie_Chaplin_portrait.jpg/640px-Charlie_Chaplin_portrait.jpg&w=640&q=50)
චාලි චැප්ලින්
From Wikipedia, the free encyclopedia
ඉංග්‍රීසි ජාතික හාස්‍ය උත්පාදක නලුවකු, චිත්‍රපටකරුවකු සහ රචකයකුද වන ශ්‍රීමත් චාල්ස් ස්පෙන්සර් 'චාලි' චැප්ලින් KBE (1889 අප්‍රේල් 16 – 1977 දෙසැම්බර්) නිහඩ චිත්‍රපට (එනම් සයිලන්ට් මූවීස් ) තුලින් තම කීර්තිය ලගා කර ගත්තෙකි. චැප්ලින් චිත්‍රපට කර්මාන්ත ඉතිහසයේ ඉතා සුවිශේෂී පුද්ගලයකු ලෙස සලකනු ලබන අතර ද ට්‍රෑම්ප් නම් රූප කථනය තුලින් ඔහු ලෝක ප්‍රසිද්ධ සිනමා ප්‍රතිමූර්තියක් බවට පත්විය. ළමා අවදියේදිම (එවකට වික්ටෝරියනු රජ සමයේදී) රංගනයට අවතීරනය වූ මොහු 88 වියේදි මරනයට පත්වීමට වසරකට පෙරද රංගන කටයුතු වල නිරත විය. වසර 75කට අධික වූ චැප්ලින්ගේ රංගන දිවිය අධික ප්‍රශංසාවට පාත්‍ර වූද මතභේදයන්ට භාජනය වූද එකක් විය.
ශ්‍රීමත් චාල්ස් ස්පෙන්සර් චැප්ලින් KBE | |
---|---|
![]() චැප්ලින්, 1920 දශකයේ මුල් භාගයේදි | |
උපත | චාල්ස් ස්පෙන්සර් චැප්ලින් 1889 අප්‍රේල් 16 දින |
මියගිය දිනය | 1977 දෙසැම්බර් 25 දින (වයස 88) |
ජාතිකත්වය | බ්‍රිතාන්‍ය ජාතික |
වෙනත් නම් | චාලි |
රැකියාව | හාස්‍ය උත්පාදක රංගනය, චිත්‍රපට නිශ්පාදනය, චිත්‍රපට අධ්‍යක්ෂණය හා සංස්කරණය, තිර රචනය, සංගීත සංයෝජනය |
සක්‍රීය වසර | 1899–1976 |
වෙබ් අඩවිය | charliechaplin.com |
අත්සන | |
![]() |
චැප්ලින්ගේ ලමා කාලය අධික දරිද්‍රතාවයෙන්ද, දුක්කම්කටොලු වලින්ද පිරි එකක් විය. පියාගේ නික්මයාමත්, මව මුදල් අගහිගකම් වලින් පෙලීමත් නිසා, නවවැනි විය පිරීමටත් පෙර දෙවරක්ම වර්ක්හවුස් වෙත යාමට මොහුට සිදුවිය. ඔහුට අවුරුදු 14ක් වන විට මව මානසික රෝගයකින් පෙලෙන්නට විය. ලාබාල වියේදීම සංගීත ශාලාවලට සංචාරය කරමින්, ඉදිරිපත් කිරීම් කරමින් ඔහු තම රංගන දිවිය අරඹි අතර පසුකාලීනව වේදිකා නලුවෙකු සහ හාස්‍යෝත්පාදක නලුවෙකු ලෙස රංගන කටයුතු වල නිරතවිය. 19 වියේදි එවකට සුප්‍රසිද්ධ සමාගමක් වූ ෆ්‍රෙඩ් කානෝ සමාගම සමඟ ගිවිසුම් අත්සන් කිරීමෙන් ඇමරිකා එක්සත් ජනපදයට යාමට චැප්ලින්ට අවස්ථාව සැලසින. එහිදී ඔහු සිනමා රංගනය පිලිබඳ පුහුණුවක් ලබූ අතර 1914 වසරේදී කීස්ටෝන් ස්ටුඩියෝහීදී මේකින්ග් අ ලිවින්ග් නම් චිත්‍රපටය වෙනුවෙනන් තම ප්‍රථම දර්ශනයට පෙනී සිටිමට අවස්ථාව උදාවිය. ඔහු විසින් පනපෙවූ 'ද ට්‍රෑම්ප්' නම් චරිතය කෙටි කාලයක් ඇතුලත ඉතා විශාල රසික සමූහයක් විසින් වැලඳ ගන්නා ලදී. වැඩිකලක් ගතවීමට මත්තෙන් චිත්‍රපට අධ්යක්ෂණයට එලඹි චැප්ලින්, 1918 වර්ශය වනවිට ලොව ජනප්‍රියම පුද්ගලයකු බවට පත්වසිටි අතර Essanay, Mutual, සහ First National යන සමාගම් හා සම්බන්ධ වීමත් සමඟ ඔහුට තම කෞශල්‍යයන් ඔපමට්ටම් කරගැනීමට හැකිවිණි.
1919 වසරේදී සම-ස්ථාපනය කරන ලද යුනයිටඩ් ආටිස්ට් සමාගම මඟින් ඔහු තම චිත්‍රපට පිලිබඳ සම්පූර්ණ පාලනය ලබාගන්නා ලදී. ඔහුගේ පළමු ෆීචර් ලෙන්ත් සිනමා පටය වනුයේ 1921 දී තිරගත වූ කිඩ් චිත්‍රපටයයි. ඉන් අනතුරුව වුමන් ඔෆ් පැරිස්(1923), ද ගෝල්ඩ් රශ්(1925), ද සර්කස් (1928) වැනි නිර්මාණ බිහිවිය. සිටි ලයිට්ස්, මොඩර්න් ටයිම්ස් වැනි දෙබස් රහිත චිත්‍රපට බිහිකලේ, කථන චිත්‍රපට (1930 වසරේදී) වලට යොමුවීම ප්‍රතික්ෂේප කරමිනි. චැප්ලින්ගේ පසු කලීනව දේශපලනික තේමා යටතේ නිර්මාණකරණයේ යෙදුනු අතර ද ග්‍රේට් ඩික්ටේටර් නමින් කල නිර්මාණ ඇඩොල්ෆ් හිට්ලර් අලලා උපහාසාත්මකව නිර්මාණය වූවකි. 1940 දශකය චැප්ලින්ගේ දිවියේ මතභේදාත්මක කාලවකවානුවක් වූ අතර ජනප්රියත්වද සීඝ්රයෙන් ගිලිහී යන්නට විය. ඔහුට කොමියුනිස්ට්වාදියෙකැයි චෝදනා එල්ලවූ අතර පීතෲත්වය සම්බන්ධ නඩු සහ ලාබාල කාන්තා සම්බන්ධතා හේතුවෙන් විවේචනයන්ට මුහුණපෑමටද සිදුවිය. FBI ආයතනයෙන් සිදුකල පරීක්ෂණයකින් අනතුරුව චැප්ලින්හට එක්සත් ජනපදයෙන් පිටවීමයාමටැයි බලපෑම් එල්ල වූ නිසා ඇමරිකාවෙන් පිටවී ස්විට්සර්ලන්තයේ පදිංචි විය. ඔහුගේ පසුකාලීන නිර්මාණ වන Monsieur Verdoux (1947), 'ලයිම්ලයිට්' (1952), අ කින්ග් ඉන් ද නිව්යෝක්, කවුන්ටස් ෆ්‍රොම් හොන්ග් කොන්ග් (1967) වැනි චිත්‍රපට වලින් 'ට්‍රෑම්ප්' ඉවත්කර තිබුණා.
තම සිනමා ග්‍රන්ත තිර පිටපත් ලිවීම, අධ්‍යක්ෂණය, නිශ්පාදනය, සංස්කරණය, රංගන කටයුතු සහ සංගීත සනන්යෝජනය සිදු වූයේ චැප්ලින් අතිනි. ඔහු සිය ක්ෂේත්රයේ පරිපූර්ණත්වයට පැමිණි අයෙක් වූ අතර තමා සතු වූ මූල්‍යමය ස්ථාවරත්වය නිසා සිනමා නිශ්පාදන කටයුතු වෙනුවෙන් වසර ගන්නාවක් වුවද ගතකරීමේ හැකියාව ඔහු සතු විය. ඔහුගේ සිනමාපට දැඩි හා රළු රඟපෑම් ඇති විනෝදජනක (Slapstick) චරිතද, අනුකම්පා උපදවන සුලු (Pathos) චරිත සහිත රඟපෑම් වලින් යුක්ත විය.1972දී ඔහුගේ නිර්මාණ කාර්යයන් අගය කරනු වස් ගෞරවනීය ඇකැඩමි සම්මානයෙන් පිදුම් ලබන ලදී. ද ගෝල්ඩ් රශ්, මොඩර්න් ටයිම්ස්, සිටි ලයිට්ස්, ද ග්‍රේට් ඩික්ටේටර් වැනි නිර්මාණ, සිනමා ක්ෂේත්රයේ ඉතා විශිෂ්ට ඝණයේ ඒවා ලෙස අදටත් සැලකේ.