චතුරාර්ය සත්‍යය
From Wikipedia, the free encyclopedia
බරණැස් නුවර අසළ පිහිටි මෙකල සාරානාථ නමින් හඳුන්වනු ලබන ඉසිපතනයේදී බුදුන් වහන්සේ විසින් පස්වග මහණුන් උදෙසා පවත්වන ලද පළමු වැනි දේශනාවටම ඇතුළත් වූ චතුරාර්‍ය්‍ය සත්‍යය බුදු දහමේ හදවතය. එසේ වන්නේ බුදු දහමේ මූලික අරමුණ වන නිර්වාණය අවබෝධ කර ගැනීම යනු චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමම වන බැවිනි. "මහණෙනි , මෙම චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ නොකිරීමේ හේතුවෙන් මටත් ඔබටත් බොහෝ කලක් සසර සැරිසරන්නට සිදු විය." [1] බෞද්ධ දර්ශනයට අනුව මෙම සත්‍යය මෙලොවදීම ප්රත්යක්ෂ කළ හැකිය.
![]() | මෙම ලිපිය ලියා ඇත්තේ පුද්ගලික අදහසක්, පුද්ගලික රචනාවක්, හෝ වාදාත්මක රචනාවක් ලෙස වෙයි. (2023 නොවැම්බර්) |
- දුක පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛාර්ය සත්‍ය )
- දුකට හේතුව පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛ සමුදයාර්ය සත්‍යයය )
- දුක නැති කිරීම පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛ නිරෝධාර්ය සත්‍යයය )
- දුක නැති කිරීමේ මාර්ගය පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යයය )
දුක්ඛ සත්‍යය යනු පංච උපාදානස්ඛන්ධයයි. සමුදය සත්‍ය යනු තෘෂ්ණාවයි. නිරෝධ සත්‍ය යනු නිර්වාණයයි. මර්ග සත්‍ය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.