![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/si/thumb/8/87/Gv2.jpg/640px-Gv2.jpg&w=640&q=50)
ගෝතමී විහාරය
From Wikipedia, the free encyclopedia
කොළඹ බොරැල්ලේ ගෝතමී පාරේ පිහිටා ඇති ගෝතමී විහාරය වර්ෂ 1900 හි වෙසක් පුර පසලොස්වක දින අරඹන ලද්දකි. ගෝතමී විහාරය, එහි ඇති පුරාණ බිතු සිතුවම් නිසා මහත් ප්රසිද්ධියට පත් වූ විහාරයකි. ප්රාචීන භාෂාවන්ගෙන් මෙන් ම බුරුම හා තායි භාෂාවන්ගෙන් ද ලියැවුණු දුර්ලභ ග්රන්ථ රාශියක් ඇතුළත් පුස්තකාලයක් ද දඹදිව ජය ශ්රී මහා බෝධීන් වහන්සේගේ ඵලරුහ බෝධියක් ද මෙහි ඇත. මෙම විහාරයේ වැඩ වාසය කළ ස්වාමීන් වහන්සේලා අතර ප්රාචීන භාෂෘ ශාස්ත්ර පිළිබඳ විශිෂ්ට පඬිරුවන් වූ තෙල්වත්තේ අමරවංශ, තෙල්වත්තේ ශ්රී ආරියවංශ යන හිමිවරු වෙත්.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/si/thumb/8/8f/Gv1.jpg/320px-Gv1.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/si/thumb/8/87/Gv2.jpg/320px-Gv2.jpg)