ගෘහස්ත බැටළුවන්ගේ ඉතිහාසය
From Wikipedia, the free encyclopedia
ගෘහස්ත බැටළුවන්ගේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 11000 සහ 9000 කාලයට දිව යන අතර වන මෆ්ලන් නම් වල් බැටළු විශේෂය හීලෑ කිරීම පෞරාණික මෙසපොතේමියාව තෙක් දිව යයි. මිනිසා විසින් හික්මවන ලද පළමු සත්ව කොට්ඨාශයන්ගෙන් එකක් බැටළුවන් වනවාක් මෙන්ම ඉරානියානු සැටර්ඩේ වකවානුවෙහි ද බැටළු පාලනය පැවතින. මොවුන් මූලිකවම ඇති කරන ලද්දේ මාංශ, කිරි සහ සම් ලබා ගනු පිණිසයි. ලොම් සහිත බැටළුවන් බිහි කිරීම ඇරඹුණේ ක්‍රිස්තු පූර්ව 6000 න් පසුවයි. පර්සියානු සංස්කෘතිය බැටළු ලෝම වෙළඳාම මත රඳා පැවතුණු අතර අප්‍රිකාවෙන් සහ යුරෝපයෙන් ඒවා ආනයනය කෙරිණි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f6/Breviarium_Grimani_-_Juli_detail.jpg/320px-Breviarium_Grimani_-_Juli_detail.jpg)
රෝමානුවන් ඔවුනගේ බැටළුවන් එංගලන්තයට රැගෙන ගොස් එහි මහා පරිමාණ ලොම් කර්මාන්තයක් ඇති කළහ. මින් කෙටි කලකට පසුව ස්පාඤ්ඤය සහ එංගලන්තය ලොව බැටළුවන් ඇතිකරන රටවල් අතුරෙන් ප්‍රමුඛයන් බවට පත් විය. ස්පාඤ්ඤය වටිනා ලොම් සඳහා ප්‍රසිද්ධ මරිනෝ බැටළුවන් බෝ කළ අතර මෙම බැටළු පට්ටි ධනවතුන් විසින් පාලනය කළේ සිය රට පුරා ව්‍යාප්ත වන අයුරිනි. මෙම සතුන් හට නිදහසේ සැරිසරමින් තණ උළා කෑමට අවකාශ සලසන ලද අතරතුර එයට බාධා පැමිණ වූ ගොවි ජනතාව, පුද්ගලික විනිශ්චය සභා වෙත කැඳවන ලදී.