![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5a/NGC6543.jpg/640px-NGC6543.jpg&w=640&q=50)
ග්‍රහ නිහාරිකා
From Wikipedia, the free encyclopedia
ග්‍රහ නිහාරිකාවක් යනු විමෝචක නිහාරිකාවකි,බොහෝ අවස්ථාවන් වලදී PN හෝ PNe යන කෙටි යෙදුමෙන් හැදින්වෙන එය රතු යොධ ග්‍රහයන්ගෙන් අවසන් කාලයේ නිකුත් වන අයනික වයුවන්ගෙන් සැදුන බබලන ප්‍රසරණය වෙමින් පවතින කවරයකින් සමන්විත වේ. 'නෙබියුලා'(nebula) යන වචනය ලතින් භාෂාවේ මීදුම හෝ වලාකුළ යන්නයි. එමෙන්ම 'ග්‍රහ නිහාරිකාව/ ග්‍රහ නෙබියුලාව' යන වැරදි ව්‍යවහාරික වචනය මුලින්ම පටබැඳුනේ 1780 වර්ෂයේ, විලියම් හර්ෂල් නැමති තාරකා විද්‍යාඥයා විසින් ඔහුගේ දුරදක්නයෙන් මුලින් බලන විට මෙම වස්තූන් මුලින් පෙනී ඇත්තේ අලුතින් සැදුන ග්‍රහ මණ්ඩල ලෙසින් ය. මෙම වස්තූන් සඳහා හර්ෂල් යෙදූ නාමය තාරකා විද්‍යාඥයන් විසින් යොදා ගැනුනු අතර දැනටත් එය වෙනස් වී නොමැත. සාමාන්‍ය තාරකා ජීව කාලයක් වන වසර බිලියන ගණනක් සමඟ සංසන්දනය කර බැලීමේ දී අවුරුදු දස දහසක් පමණක් වන හෙයින් සාපේක්ෂව කෙටි කාලයක් තුළ පවතින සංසිද්දීන් ලෙස හැඳින්විය හැකිය.
![The image's organization is similar to that of a cat's eye. A bright almost pinpoint white circle in the center depicts the central star. The central star is encapsulated by a purple and red irregularly edged, elliptically shaped area that suggests a three dimensional shell. This is surrounded by a pair of superimposed circular regions of red with yellow and green edges, suggesting another three dimensional shell.](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5a/NGC6543.jpg/640px-NGC6543.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a6/NGC_6326_by_Hubble_Space_Telescope.jpg/640px-NGC_6326_by_Hubble_Space_Telescope.jpg)
බොහෝ ග්‍රහ නිහාරිකා නිර්මාණය වන ආකාරය පිළිබඳ වන මතයක් වන්නේ : තරුවක අවසාන සමයේ එහි රතු යෝධ අවධියේ, අනාවෟත සංදීප්ත ගර්භය මඟින් නිකුත් කරන පාරජම්බුල විකිරණ, නෙරපීමට ලක් වූ බාහිර ස්ථරය අයනීකරණයට ලක් කරනු ලබනවා. මෙම ශක්ත්යායනයට ලක් වූ නිහාරිකා වායූන්ගෙන් සැදුම් ලත් කවරය මඟින් උරාගත් පාරජම්බුල ශක්තීන් දෘශ්‍යමාන පරාස ලෙසින් නැවත විකිරණය වී ග්‍රහ නිහාරිකා ලෙස දෘශ්‍යමාන වේ. තීරණාත්මක භූමිකාවක් මන්දාකිණියේ රසායනික පරිනණාමය පිලිබඳ ඉටුකරයි. එය තාරකාවන්ගෙන් නැවත ද්‍රව්‍යයන් අන්තර් තාරකා මධ්‍ය යොමු කිරීමෙන් මූලද්‍රව්‍ය, න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වල නිපැයුමක් (කාබන්,නයිට්රජන්,ඔක්සිජන් සහ කැල්සියම් ආදිය) ඈත මන්දාකිනි වල වැදගත් තොරතුරු ග්‍රහ නිහාරිකා මගින් සොයා ගැනීමට මෙන්ම විසඳාගැනීමටද හැකියාව ඇත.