From Wikipedia, the free encyclopedia
ඛොන්සු,චොන්සු,කොන්සු, කොන්ෂු යන නාමයන්ගෙන් හදුන්වන්නේ මෙම දෙවියන් මය.පුරාණ මිසර වැසියා ඇදහූ චන්ද්‍ර දෙවිවරු අතරින් ප්‍රසිද්ධ දෙවියෙකු වන මේ දෙවියන් හට වේෂ දෙකක් ඇත. එකක් හිරු දෙවි රා මෙන් උකුසු හිසක් ඇති දෙවියෙකුය.අනෙක ඔසිරිස් දෙවියන් මෙන් මමියක් වැනි වේෂයකි.මෙලෙස වේෂ දෙකක් පැවතීමට හේතුවක් ඇත.
රා විසින් ලෝකය මැවීමේ යුගයේ දී ඛොන්සු දෙවියන් ද හිරු මෙන් දීප්තිමත් ලොව බලගතුම දෙවියෙකි. එකල රා දෙවියන් සහ ඛොන්සු දෙවියන් තරගයට පෘථිවිය ආලෝකමත් කර ඇත. එහෙත් ඛොන්සු දෙවියන් තොත් දෙවියන් සමග සූදු ක්‍රීඩාවක යෙදී පැරදුණි. එම සූදූ ක්‍රීඩාවෙදි ඛොන්සු දෙවියන් ඔට්ටු තබා තිබුනේ තමාගේ ආලෝකයයි. පැරදුනු පසු ඛොන්සු දෙවියන්ගේ බලය අඩු වූ අතර තොත් දෙවියන්ගේ බලය වැඩි වී අලුත් චන්ද්‍ර දෙවියෙකු බවට විය.එතැන් පටන් ඛොන්සු දෙවියන් මමී ආකාර දෙවියෙක් ලෙස පෙනී සිටියි.
තරුණ බව පෙන්වන ලෙස කේශ කලාපය ගොතා සිටින මේ දෙවියන්ගේ හිස මත අඩ සද පිහිටා ඇත.අත් දෙකෙහි හෙන්ඩුව සහ කසය සමග තවත් යෂ්ටියක් ය. අමෙන් දෙවිගේ සහ මුට් දෙවගනගේ පුත්‍රයා වන ඛොන්සු දෙවියන් හට කැප කල දෙවොල කාර්නැක් වල පිහිටා ඇත. පුරාණ ඊජිප්තු බසින් ඛොන්සු යන වදනේ අර්ථය _ඉබාගාතේ යන,සංචාරකයා_ යන්නයි.මේ දෙවියන් රාත්‍රී කාලයේ ගමනට අධිපති ද වේ.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.