කොමඩු
From Wikipedia, the free encyclopedia
කොමඩු කුකර්බිටේසි කුලයට අයත් වැල් ආකරයේ සපුෂ්ප ශාකයකි. එය මුලින්ම දකුණු අප්‍රිකාවෙන් සොයාගන්නා ලද අතර කහ/සුදු මල් සහ ගොරෝසු, බූව සහිත පාක්ෂිකව බෙදුනු පත්‍ර ඇති, විශාල වශයෙන් පොළොව මතුපිට පැතිරෙන වාර්ෂික ශාකයකි. pepo නමින් උද්භිදවිද්යාාත්මකව හදුන්වන මෙම ශාකය බෙරි වර්ගයේ ශාකයකි. මෙම පළතුර සාමාන්‍යයෙන් තද කොල පැහැති වයිරම් සහ කහ පැහැති තිත් වලින් සමන්විත ඝනකම් පොත්තකින් සෑදී ඇති අතර එය සාමාන්‍යයෙන් බොහො බීජ දරන ඉස්ම සහිත තද රතු පහැති මදයකින් සමන්විත වේ. නමුත් සමහර අවස්තා වලදී තැඹිලි, කහ හෝ සුදු පැහයන්ගෙන්ද දැකිය හැක.
එමෙන්ම රෝග ප්‍රතිරොධී ප්‍රභේද සහ බීජ රහිත මාදිලියේ සංවර්ධනයට සැලකිය යුතු ප්‍රමාණයේ පරිශ්‍රමයක් දරා ඇත.බෝග වගා ප්‍රභේද සිටුවීමෙන් දින 100ක් අතුලත ඵල ලබා ගත හැකි වේ.ඵල අමුවෙන් හෝ පිසින ලද අහාර ලෙස ආහාරයට ගත හැක.