කෙවින් ක්ලාශ්
From Wikipedia, the free encyclopedia
කෙවින් ජෙෆ්රි ක්ලාශ් (උපත සැප්තැම්බර් 17, 1960) යනු ඇමරිකානු රූකඩ ශිල්පියෙක් සහ හඞ නළුවෙකු වන අතර ඔහු විසින් පණ පෙවූ චරිත අතර එල්මෝ, ක්ලිෆඩ්, සහ හූට්ස් දි අවුල් වෙති. ජීවිතයේ මුල් අවදියෙහිම රූකඩ ශිල්පය පිළිබඳ රුචිකත්වයක් දැක්වූ ක්ලාශ්, ඔහු ජීවත්වූ නගරය මේරිලන්ඩ්හී බැල්ටිමෝර්හී ප්රාදේශීය ළමා රූපවාහිනී වැඩසටහන් වල අභිවාහනය ඇරඹුවේ ගැටවරයෙක්ව සිටියදීය. 1980 ගණන් වල මුල් අවදියෙහිදී , ඔහු කැප්ටන් කැන්ගරුහී අභිවාහනය අරඹා, 1984දී සෙසමි ස්ට්රීට්හී අභිවාහනය ඇරඹීය. එල්මෝ අභිවාහනය කල තෙවන රූකඩ ශිල්පියා වූ හෙතෙම, එම චරිතය නිසා මහත් ජනප්රියත්වයට පත්ව, වැඩ සටහන සඳහා විධායක නිෂ්පාදකවරයෙකු සහ අධ්යක්ෂකවරයෙකු බවට පත් විය. ක්ලාශ් විවිධ ඉදිරිපත් කිරීම් වල ක්රීයාකළ අතර ඔහු සෙසමි ස්ට්රීට් යන රුකඩ චරිතය 2012 වර්ශය අග භාගයේදී අත්හැර දමන ලදී. මන්ද ඔහුට බාල වයස්කරුවන් හා ලිංගික හැසිරීම් පිළිබඳ චෝදනා එල්ල වීම නිසාය. නමුත් ඔහු ඒවාට පිළිතුරු නොදුන්නේය.
2006 දී ක්ලාශ් "My Life as a Furry Red Monster" නමින් ස්වයං චරිතාපදානයක් ලියන ලදී. 2011 වර්ශයේදී "Being Elmo: A Puppeteer's Journey" යන වාර්ථා ච්ත්රපටය සඳහාද අදහස දක්වන ලදී.