කෙල්ටික් කලා යනු කෙල්ට් යැයි හඳුන්වාගත් ගත් විවිධ පුද්ගලයන් හා බැඳුනු කලාවකි. ඔවූන් කෙල්ටික් භාෂාවන් කතාකරන එම පුද්ගලයන් ප්‍රාග්ඵෙතිහාසික යුරෝපීයන්ගේ සිට වර්තමාන කාලය දක්වා වෙසේ. එමෙන්ම භාෂාව කුමක් දැයි නොදන්නා ඵෙතිහාසික මිනිසුන් පිරිසකගේ කලාවයි. නමුත් ඔවුන්ගේ සංස්කෘතික හා ශෛලයට සමානත්වයෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් කෙල්ට්වරුන්ට නෑකම් කියන බවයි. 18 වන සියවසහි සිට වර්තමානය දක්වා පවතින කෙල්ටික් පුනරුද කලාව, සවිඥානක පරිශ්‍රමයක් දරමින් ආරම්භ කරන ලද්දේ කෙල්ට් වරුන් විසින් තම සගයන් හඳුනා ගැනීම හා ජාත්‍යාලය පෙන්නුම් කිරීමටයි.

Thumb

කෙල්ටික් කලා අලංකාරයෙන් තුයු සෘජුව රේඛාවන්ගෙන් තොරව සමමිතිය භාවිතා කරමින් ස්වාභාවයේ ප්‍රතිමුර්ත ගත නොකරමින් හෝ පරමාදර්ශී අලංකාරයට මැදි නොවු ආදී සම්භාව්‍ය සම්ප්‍රදායික නොවන්නකි. නමුත් අපට වටහා ගත හැකි මෝස්තර අඩංගුය. එමෙන්ම වෙනත් සංස්කාතික වලින් තරමක් වෙනස් කරන ලද අංගයක් සියුම්ව බොහෝ විට ඒකාබද්ධ කරයි. උදාහරණයක් ලෙස ගත් කල්හි නෛසර්ගික උඩු හා යටි ගෙතීමේ ගෙත්තම් 6 වන සියවසේ දී හඳුන්වා දුන් නමුදු එය එවිටත් විශාල වශයෙන් අසල්වැසි ජර්මන් වැසියන් භාවිතා කරමින් සිටියේය.


කෙල්ටික් සම්ප්‍රදායන් තුනකි. පළමුවැන්න මහද්වීපික අයිස් යුගයේ හි කලාවයි. ප්‍රධාන වශයෙන් ලා ටී නේ (La T ne) සම්ප්‍රදායට සම්බන්ධ වු ස්වදේශීය ආදී සම්භාව්‍ය හා (සමහර විට මෙඩිටරෙනියාව ඔස්සේ) පෙරදිග මූලයන්ගෙන් ද ආභාෂය ලබාගෙන ඇත. දෙවනුව අයිස් යුගයේ බ්‍රිතාන්‍ය හා අයර්න්තය කලාව ආභාෂය ලබා ගන්නේ මහද්වීපික සම්ප්‍රදායෙන් නොවුවද එයට අනන්‍ය වූ ප්‍රාදේශීය මෝස්තර එක්විණි. තුන්වැන්න වන්නේ මධ්‍යම යුගයේ මුල භාගයේ දී අයර්ලන්තයේ හා බ්‍රිතාන්‍යයේ කල්ටික් පුනරුදයයි. මෙය ඉන්සියුලර් (Insular) කලාව ලෙසද හඳුන්වයි. මෙම තුන්වන සම්ප්‍රදාය 18 වන ශතවර්ෂයේ අග භාගයේ හටගන්නා ලද කෙල්ටික් පුනරුදයට අඩිතාලම නිර්මාණය කළේය.

මධ්‍යතන යුගයේ මුල්කාලීන කෙල්ටික් කලාව

Thumb
8 වැනි සියවසේ අයර්ලන්තයට අයත් සිලවර් සහ මයිල්ෆියොරි වීදුරුවකි.

අයර්ලන්තිකයන්ගේ කෙල්ටික් උරුමය, බ්‍රිතාන්‍යයේ හා සම්පූර්ණ රෝම සමය තුළත්, ඊට පෙරත් අඛන්ඩව පැවතුනි. 7 වන හා 8 වන සියවස් වලදී අයර්ලන්තයට අයත් කලාව ජර්මන් සම්ප්‍රදාය සමඟ මිශ්‍රවිය. පසු කාල සීමාවේදී ස්කැනේඩියානු ආභාශයද මෙයට එක් වු අතර මුල් කෙල්ටික් කලාව අවසානවී 1169-1170 තුළ 7 වන සහ 9 වන සියවස් වල අයර්ලන්ත කෙල්ටික් මිශනාරීන් බ්‍රිතාන්‍යයේ නෝර්තම්බ්‍රියාවට ගමන් කරන අතර ඔවුන් සමඟ අයර්ලන්ත සම්ප්‍රදාය ගෙන යන ලදී. (ලෝහ කර්මාන්තය පිළිබඳ දැනුම සහ මෝස්තර අංග) එහි තිබූ පන්සල් වල මෙම හැකියාවන් සංයෝජනය කර ක්‍රියාවට නංවා නැවත ඒවා ස්කොට්ලන්තයට හා අයර්ලන්තට යවන ලදී. මෙම කෙල්ටික් හා ජර්මන් සංයෝජනය Insular කලාව ලෙස හඳුන්වයි. අලුත් ශිල්ප ක්‍රම භාවිතා කර රන් රිදී භාණ්ඩ වැඩ හා කැටයම් සෑදීමේ නියුක්ත විය. අලුත් මෝස්තර අංග ලෙස සත්ව අලංකරණය සහ ගෙතුම් රටා ඇතුලත් විය. මෙම අගතිගාමී කලාත්මක මෝස්තර මහද්වීපය පුරා ප්‍රචාරක ස්ථාන වලට ගෙනගිය අතර මධ්‍යතන යුගයේ ඉතිරි කාලය තුළද රෝමානු ගෝත්‍රික සහ කැරොලින් ආභාශය ලබමින් තිබුණි.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.