![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/74/Insect_collage.png/640px-Insect_collage.png&w=640&q=50)
කෘමියෝ
From Wikipedia, the free encyclopedia
කෘමියෝ යනු සන්ධිපාදක,බාහිර අස්ථිවලින් සැදි අපෘෂ්ඨ වංශික ගණයට අයත් ජීවීන් කොටසකි.කෘමි සිරුර හිස,උරස හා උදරය ලෙස කොටස් තුනකින්ද,එක් පසෙකට තුන බැගින් වූ එක්ව තැනුන පාද යුගල් දෙකකින්ද,සංයුක්ත ඇස් හා ස්පර්ශක යුගලකින්ද සමන්විත වෙයි.පෘථිවිය මත වඩාත් වර්ගීකරණයට ලක්වූ සත්ව කොට්ථාශයන් අතරට කෘමීන් ද අයත් වේ.එයට මිලියනයකට අධික වූ හඳුනාගත් කෘමි කුලයන් අයත් වන අතර මෙම අගය ලොව හඳුනාගත් සියලු ජීවීන්ගෙන් අඩකටත් වඩා නියෝජනය කරයි.දැනට මිහිමත ජීවත් වෙන ඇස්තමේන්තු ගත කෘමි කුලක ප්‍රමාණය මිලියන 6-10 ත් අතර පවතියි.කෘමීන් බොහෝ දුරට සියලුම පරිසරයන් තුලින් හමුවන අතර සුළු කුලකයන් ප්‍රමාණයක් සාගරය තුල ජීවත් වෙයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/74/Insect_collage.png/640px-Insect_collage.png)
කෘමීන්ගේ ජීවන චක්‍රය එකිනෙකට වෙනස් වෙයි.නමුත් බොහෝ කෘමීන් බිජු මඟින් ජීවය ලබයි.කෘමීන්ගේ වැඩීම කෙරෙහි අනම්‍ය බාහිර අස්ථි බලපාන අතර වර්ධන ක්‍රියාවලිය කෝෂයක් තුල සිදුවෙයි.කෘමීන්ගේ නොමේරූ අවධිය හා සන්සන්දනය කරන විට සුහුඹුල් අවධියේදී කෘමීන්ගේ සැකිල්ල,හැසිරීම හා වාසස්ථාන වෙනස් වෙයි.සමහර කෘමීන්ට අකර්මණ්‍ය වූ පිලවා අවස්ථාවක්ද සම්පූර්ණ රූපාන්තරණයට ඇතුලත් වේ.අසම්පූර්ණ රූපාන්තරණයක් එනම් පිලවා අවස්ථාවක් නොමැති කෘමීන් සුහුඹුලා දක්වා වර්ධනය වන්නේ nymphal අවධිය හරහාය.Paleozoic යුගයට අයත් අති විශාල කෘමි පොසිල මේ වන විට හමුවී ඇත.මෙයට පියාපත් විහිදවූ කල පරතරය සෙ.මි.55 -සෙ.මි.77 දක්වා වන විශාල කූරන්ද අයත් වෙයි.කෘමීන් සංචරනය සඳහා ඇවිදීම,පියඹා යෑම හා සමහර විටෙක පිහිනා යෑමද භාවිතා කරයි.ශ්රීඝ්ර නමුත් ස්ථාවර චලනයන්ට ඇති හැකියාව නිසා බොහෝ කෘමීන් පාද තුනක් පමණක් භාවිතා වන ගමන් විලාශයක් උපයෝගී කර ගනී.ඔවුන් පොළොව මත ගමන් කරන විට පාද පොළොව මත පිහිටන්නේ ප්‍රත්‍යාවර්ත ත්‍රිකෝණ ආකාරයකටයි.පියාසර කිරීම සඳහා පරිණාමනය වූ එකම අපෘෂ්ඨවංශිකයන් වර්ගය කෘමීන් වේ.බොහෝ කෘමීන් ඔවුන්ගේ ජීවිතයෙන් කොටසක් හෝ ජලය තුල ගත කරයි.
සමහර පරිණත වූ කෘමීන් ජලචර වන අතර පිහිනායාම සඳහා අනුවර්තනය වී ඇත. water slider වැනි සමහර කෘමීන්ට දිය මතුපිට ඇවිද යෑමේ හැකියාව ඇත. කෘමීන් බොහෝ දුරට ඒකචාරී වන නමුත් මී මැස්සන්,කූඹින් හා වේයන් වැනි කෘමි සතුන් සමාජයීක හා සමූහ ලෙස ජීවත් වේ.ඔවුන් සතුව හොඳින් සංවිධාන ගත වූ ජනපද ඇත.කනවෑයා වැනි කෘමීන් මාතෘ දයාව ප්‍රදර්ශනය කරමින් ඔවුන්ගේ බිජු රකින අතර නොමේරූ කනවෑයන් රැකබලා ගනී.කෘමීන්ට නොයෙකුත් ආකාර වලින් එකිනෙකා හා සන්නිවේදනය කල හැකිය.පිරිමි සලබයන්ට බොහෝ ඈතින් සිටින ගැහැණු සලබයෙකුගේ පවා පැරමොන් ස්රාවය සංවේදනය වේ.අනෙකුත් කෘමි කුලකයන් ශබ්දය මඟින් හෝ පියාපත් පිරිමැදීමෙන් සහකාරියන් ආකර්ශණය කරගන්නා අතර අනෙකුත් පිරිමි සතුන් විකර්ශනය කරගනී.විකර්ශනයකලාමැදිරියන් ආලෝකය යොදා ගනිමින් සන්නිවේදනය කරයි.