කුරුඳු
කුරුඳු / From Wikipedia, the free encyclopedia
කුරුඳු (/ˈsɪnəmən//ˈsɪnəmən/ SIN-ə-mənSIN-ə-mən) යනු සිනමෝමම් (Cinnamomum) කුලයට අයත් ශාක විශේෂ කිහිපයක අභ්‍යන්තර පොත්තෙන් ලබා ගන්නා කුළුබඩුවකි. පැණි රසැති මෙන්ම සැරැති ආහාර සඳහා ද කුරුඳු භාවිතා කරනු ලැබේ. “cinamon” යන පදය එහි මද දුඹුරු පැහැය ද අදහස් කරනු ලැබේ.
ඇතැම් විට, සිනමෝමම් වේරම් (Cinnamomum verum) සත්‍ය කුරුඳු ලෙස සලකන නමුදු ජාත්‍යන්තර වානිජයෙහි භාවිතා වන කුරුඳු ව්‍යුත්පන්න වනුයේ "සත්‍ය කුරුඳු" වලින් වෙනස් වන, එවැනි විශේෂයක් වන කැෂියා වලිනි.[1]
ඇතැම් විට, කුරුඳු යනු ශාක විශේෂ ගණනාවක් සහ ඒ මඟින් නිපදවනු ලබන වාණිජ කුළුබඩු නිෂ්පාදන සඳහා යෙදෙන නාමය වේ. සියල්ලම Lauraceae වර්ගයේ, Cinnamomum කුලයෙහි සාමාජිකයන් වෙයි. සිනමෝමම් (Cinnamomum) විශේෂ කිහිපයක් පමණක් වාණිජ වශයෙන් කුළුබඩු සඳහා වගා කරනු ලැබේ.[2]