From Wikipedia, the free encyclopedia
කිරුළහිමි සදෝ කුමරු (13 පෙබරවාරි 1735 - 12 ජූලි 1762) යනු ජංහොන් කුමරු යනුවෙන් උපත ලැබූ, යොංජෝ රජුගේ (1694 – 1776) දෙවන පුත්‍රයායි. ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ හ්යෝජං කුමරුගේ (1728) මරණයත් සමග, නව කුමරු රාජකීය අනුප්‍රාප්තිකයා බවට පත් විය. කෙසේනමුත් සදෝ කුමරුට රාජ්‍යත්වයට පත්වීමට අවස්ථාව නොලැබිණි. 27වැනි වියේ දී, සිය පියාගේ අණින් ඔහුට දඬුවම් පමුණුවන ලද අතර, සහල් බහාලුමක සිරකරනු ලදුව, කුසගින්න හේතුවෙන් ඔහු මියගියේ ය.[1] ඔහුගේ පියා විසින් ඔහුට "දැඩි ශෝකයක් සමග සිහිකැඳවන" යන අරුතැති සදෝ යන මරණාපර නාමය ලබාදෙන ලදී.
කිරුළ හිමි සදෝ කුමරු | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 장조 |
හන්ජා | 莊祖 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ජංජෝ |
මැකූන්–රයිෂවර් | චංජෝ |
මරණාපර නාමය | |
හංගුල් | 사도 세자 |
හන්ජා | 思悼 世子 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | සදෝ සේජා |
මැකූන්–රයිෂවර් | සදෝ සේජා |
ඉතිහාසයේ සඳහන් වන්නේ සදෝ මානසික ආබාධයකින් පෙළුණු බවයි; අත්තනෝමතිකව මාලිගයේ ජනතාව ඝාතනය කළ ඔහු ස්ත්‍රී දූෂකයකු ලෙස සැලකේ. මාලිගයේ නීති අනුව, රාජකීයයකු සාමාන්‍ය මහජන දඬුවම් ක්‍රම අනුව දඬුවම් පැමිණවිය නොහැකි වූ නිසා, සදෝගේ බිරිඳ සහ පුත්‍රයාව ද (පවුලේ එකම පිරිමි අනුප්‍රාප්තිකයා) මරණ දඬුවමට ලක්කිරීමේ හෝ පිටුවහල් කිරීමේ හැකියාව තිබිණි.[2] එහි ප්‍රතිඵලයක් ලෙස යොංජෝ රජු, සදෝගේ මව වූ යි බිසවගේ අනුමැතිය ඇතිව 1762 උණුසුම් ජූලි දිනෙක සදෝව දැවයෙන් තැනූ සහල් බහාලුමක (දළ වශයෙන් අඩි 4x4x4) සිරකිරීමට රාජකීය නියෝගයක් නිකුත්කළේ ය. ඉන් දින අටකට පසු, සදෝ මියගියේ ය.[3]
19වන සියවසේ දී, සදෝ කුමරුට මානිසක රෝගයක් නොතිබූ බවටත්, ඔහුව වැරදිවලට හසුකළ බවටත් කටකතා පැතිරගියේ ය. කෙසේනමුත්, ඔහුගේ බිරිඳ වූ හ්යේග්යොං ආර්යාව සිය හ්යේග්යොං ආර්යාවගේ මතක සටහන් ග්‍රන්ථය තුළ මේවා ප්‍රතික්ෂේප කොට ඇත. සදෝගේ මරණය ඔහුගේ අපචාරී කියවලට දුන් දඬවමක් නිසා සිදු වී ද, නැතහොත් ඔහුව ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණයකට හසුවීමෙන් සිදුවූවවක් ද යන්න පිළිබඳ නොයෙකුත් වාදවිවාද පවතී.
කිරුළහිමි සදෝ කුමරුගේ දේහය යංජුහි බේබොංසන් කන්දේ භූමදාන කරන ලදී. පසුව ඔහුගේ පුත්‍රයා වූ ජොංජෝ රජු විසින් 1789දී එය දැන් පවතින ස්ථානය වන සෝල්වලට කිලෝමීටර් 30ක් දකුණින් පිහිටි සුවොන් අසල, හ්යොල්ල්යුංවොන් වෙත රැගෙන යන ලදී. විශේෂයෙන්ම වසර පහකට පසු ජොංජෝ රජු විසින් ඔහුව අනුස්මරණය කොට සිය පියාගේ සොහොනට ගෞරව දැක්වීම සඳහා සුවොන්හි හ්වාසොං බලකොටුව ඉදිකරන ලදී. (මෙය ඉදිකිරීම 1794-1796 කාලයේ සිදු වූ අතර, නිල වශයෙන් පිළිගැනෙන්නේ 1795දී බවයි) 1816දී හ්යේග්යොං ආර්යාව ද මියගිය අතර, ඇයව ද ඇගේ සැමියා අසලින් මිහිදන් කරන ලදී.
සදෝ කුමරු සහ හ්යේග්යොං ආර්යාව මරණින් පසු නිලයෙන් ඉහළට ඔසවන ලද අතර, ඔවුනට 1899දී යැංජෝ අධිරාජයා සහ හොන්යොං අධිරාජිනිය යන නාමයන් ප්රදානය කරන ලදී. ඔවුන්ගේ සොහොන් සහ ඔවුනට යාබද පිහිටි ඔවුන්ගේ පුත්‍රයා වූ ජොංජෝ රජුගේ සහ හ්යෝයී අගබිසවගේ සොහොන් පසුව යුංන්යොං ලෙස නම්කරන ලදී.
සදෝ කුමරුගේ මරණින් වසර පහළොවකට පසුව, ඔහුව නැවත තනතුරෙහි පිහිටුවන ලදී. යොංජෝ රජු සිය රාජ්‍ය සමයේ දී, සදෝ යන නාමය පවා තහනම් කොට තිබූ බව පැවසේ. මේ තීරණය හේතුවෙන්, යොංජෝගෙන් පසුව රාජ්‍යත්වයට පත් වූ සදෝ කුමරුගේ පුත්‍රයා වූ ජොංජෝගේ නම ඔහුගේ මියගිය මාමණ්ඩියගේ (හ්යෝජං කුමරුගේ) පවුලේ නාමලේඛනයට ඇතුළත් කරන ලදී. රජ බවට පත්වීමෙන් අනතුරුව, ජොංජෝ රජුගේ පළමු කාර්යයන් අතරින් එකක් වූයේ, "මමා සදෝ කුමරුගේ පුතණුවන් වෙමි"යි යනුවෙන් සඳහන් කරන ලදී. ජොංජෝ සෑඹවිටම සිය පියාණන් වූ සදෝ කුමරුට දැඩි සෙනෙහසක් දැක් වූ අතර, ඔහුගේ සැබෑ නාමය සහ තනතුර වූ ජංහොන් කුමරු යන නාමය නැවත පිහිටුවන ලදී.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.