![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/23/Cyclotron_motion_smaller_view.jpg/640px-Cyclotron_motion_smaller_view.jpg&w=640&q=50)
කැතෝඩ කිරණ
රික්ත නළ තුළ නිරීක්ෂිත ඉලෙක්ට්‍රෝන ධාරාවකි / From Wikipedia, the free encyclopedia
කැතෝඩ කිරණ (ඉලෙක්ට්‍රෝන කදම්භ හෝ ඊ-කදම්භ ලෙස ද හැඳින්වේ) යනු රික්ත නළ තුළ නිරීක්ෂණය කළ හැකි ඉලෙක්ට්‍රෝන ධාරවකි. වාතය ඉවත් කළ විදුරු නළයකට ඉලෙක්ට්‍රෝඩ දෙකක් සම්බන්ධ කර ඉහල විභව අන්තරයක් හා පහල පීඩන යටතේ ඇති නම්, වීදුරුවේ ඍණ ඉලෙක්ට්‍රෝඩයට විරුද්ධ පැත්ත දිලිසෙන අයුරු නිරීක්ෂණය කළ හැකි අතර ඒ කැතෝඩයෙන් (විදුලි සැපයුමේ ඍණ අග්‍රයට සම්බන්ධ කර ඇති ඉලෙක්ට්‍රෝඩය) විමෝචනය වී ඊට ලම්බාකාරව ගමන් කරන ඉලෙක්ට්‍රෝන හේතුවෙනි. මේවා 1869 දී ජර්මානු ජාතික භෞතික විද්‍යාඥ විලියම් හිටෝෆ් විසින් මුල් වරට නිරීක්ෂණය කරන ලද අතර, 1876 දී ඉයුජින් ගෝල්ඩ්ස්ටයින් විසින් Kathodenstrahlen (කැටෝඩන්ශ්ත්‍රෛලන්) හෙවත් කැතෝඩ කිරණ ලෙස නම් කරන ලදී. [1][2]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/23/Cyclotron_motion_smaller_view.jpg/640px-Cyclotron_motion_smaller_view.jpg)
ඉලෙක්ට්‍රෝන සොයාගනු ලැබුවේ කැතෝඩ කිරණවල සංඝටක ලෙසිනි. 1897 දී බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥ ජේ. ජේ. තොම්සන් විසින් කැතෝඩ කිරණ තැනී තිබුණේ පෙර හඳුනාගෙන නොතිබූ ඍණ ආරෝපිත අංශුවකින් බව සොයාගත් අතර එය පසුකලෙක ජී.ජේ ස්ටෝනි "ඉලෙක්ට්‍රෝනය" ලෙස නම් කෙරිණි. කැතෝඩ කිරණ නළ (CRT) වල දී නාභිගත කළ ඉලෙක්ට්‍රෝන ධාරාවක්, විද්‍යුත් හෝ චුම්භක ධාරාවක් මගින් උත්ක්රමය කර පැරණි රූපවාහිනී වල රූප තැනීමට යොදාගනියි. කැතෝඩ කිරණ සැදී ඇත්තේ ඍණ ආරෝපිත අංශුවලිනි.