![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/90/Copper_cathode_2.svg/langsi-640px-Copper_cathode_2.svg.png&w=640&q=50)
කැතෝඩය
From Wikipedia, the free encyclopedia
එය හරහා ධ්‍රැවිත විදුලි උපකරණයක් තුලින් ඉවතට විද්‍යුත් ධාරාව ගමන් කරවීමට භාවිතා කරන ඉලෙක්ට්‍රෝඩයක් කැතෝඩයක් නම් වෙයි. සම්මතය ප්‍රකාර, විද්‍යුත් ධාරාවෙහි දිශාව, ඉලෙක්ට්‍රෝන ගැලීමේ දිශාවට ප්‍රතිවිරුද්ධ වෙයි —එනයින්, කැතෝඩ ඉලෙක්ට්‍රෝඩය වෙතට ඉලෙක්ට්‍රෝන ගමන් කරන බවට සැලකෙන අතර ධාරාව එය වෙතින් ඉවතට ගලයි. සමහරවිට මෙම සම්මතය ධාරණය කර ගැනුම සඳහා, “කැතෝඩ ධාරාව ඉවතට ගලයි” යන අර්ථය ඉංග්‍රීසි බසින් දෙන cathode current departs හෙවත් “කැතෝඩ් කරන්ට් ඩිපාට්ස්” යන්නෙහි ඉංග්‍රීසි මුලකුරු තුලින් සැදි CCD යන ස්මෘති උපක්‍රමයක් පොදු වහරෙහි භාවිතයෙහි පවතියි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/90/Copper_cathode_2.svg/320px-Copper_cathode_2.svg.png)