කාලතුවක්කු
From Wikipedia, the free encyclopedia
thumb|ඇමරිකානු විප්ලවයෙන් ආ මහද්වීපික කාලතුවක්කු කාර්ය මණ්ඩලය
ඓතිහාසිකව කාල තුවක්කු යන්න භාවිතා වන්නේ යුද්ධයේ දී විශාල ප්රක්ෂේපණ නිදහස් කිරීම සඳහා යොදා ගන්නා ඕනෑම ආකාරයේ එන්ජිමකි. මෙම වදන මූලිකවම එවැනි ආයුධ ක්‍රියාත්මක කරන සෙබළුන් දැක්වීමට හා යම් ජාතියක ආයුධ හසුරවන භූමි ඒකක හැඳින්වීමට යොදා ගනී. මෙම වදනට මුහුදු කාල තුවක්කු ඇතුලත් වන අතර සාම්ප්‍රදායිකව ඒවා වෙරළාශ්‍රිත ප්‍රදේශ මුහුදෙන් සිදුවන පහර දීම්වලින් ආරක්ෂා කර ගැනීම සඳහා හා නැව් ගමන් පාලනය සඳහා යොදා ගනී. 20 වන සියවසේ දී ගුවන් යානා හඳුන්වාදීමත් සමඟ කාලතුවක්කුවලට ද භූමියේ සවි කර ඇති ගුවන් යානා නාශක උපාංග ඇතුළත් විය. යුධමය ව්‍යවහාරයේ දී කාල තුවක්කු ඒකකයක් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ බැටරි (Battery) ලෙසය.