කාන්හෙරී ලෙන්
ඉන්දියාවේ මුම්බායි හි පුරාතන ලෙන් / From Wikipedia, the free encyclopedia
කාණ්හෙරී ලෙන් (කාණ්හෙරී-ගුහා) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මුම්බායි හි බටහිර පෙදෙසේ පැරණි සල්සෙට් දිවයිනේ සංජේ ගාන්ධි ජාතික උද්‍යානයෙහි වූ විශාල බැසෝල්ට් කඳු ගැටයක පිහිටි ලෙන් සමූහයකි. මෙහි ක්‍රි.ව. 1වන සියවසේ සිට 10වන සියවස දක්වා කාලයට අයත් බෞද්ධ ප්‍රතිමා, කැටයම්, සිතුවම් සහ අභිලේඛන හමුවේ.[1] කාණ්හෙරී යන වදන සම්භවය වී ඇත්තේ "කළු කන්ද" යන අරුතැති කෘෂ්ණගිරි නම් සංස්කෘත වදනෙනි.[2]
Quick Facts කාන්හෙරී ලෙන්, පිහිටුම ...
කාන්හෙරී ලෙන් | |
---|---|
කාණ්හෙරී-ගුහා | |
චෛත්‍යා ශාලවක් සහ ස්තූපය, ලෙන් අංක 3 | |
පිහිටුම | සංජේ ගාන්ධි ජාතික උද්‍යානය |
ඛණ්ඩාංක | 19°12′30″N 72°54′23″E |
භූවිද්‍යාව | බැසෝල්ට් |
ඇතුළුවීම් | 109 |
Close