ක්‍රි.පූ. අවසන් සියවස ලෙසින්ද හැඳින්වෙන, ක්‍රි.පූ. 1 වන සියවස, ඇරඹුනේ ක්‍රිපූ 100 වසරෙහි පළමු දිනයෙහි වන අතර එය අවසන් වූයේ ක්‍රිපූ 1 වසරෙහි අවසන් දිනයෙහිය. ක්‍රිව/ක්‍රිපූ අංකනය විසින් ශුන්‍යය වසරක් භාවිතා නොකෙරේ; කෙසේවෙතත්, තාරකා විද්‍යාත්මක වසර අංකනය විසින් සෘණ ලකුණ භාවිතා කෙරෙන බැවින්, "ක්‍රිපූ 2" සමාන වන්නේ "වසර -1" වෙතය. හොලසීන් දින දසුනේ 100 වන සියවසයි; එය පරායණය කරනුයේ වසර 9,901 සිට 10,000 දක්වාය. මෙයින් පසුව පැමිණෙන්නේ ක්‍රිව 1 වන සියවස (ක්‍රිස්තු වර්ෂ) වෙයි.

Quick Facts සහශ්‍රය:, සියවස්: ...
සහශ්‍රය: ක්‍රිපූ  1 වන සහස්‍රවර්ෂය
සියවස්:
දශක: ක්‍රිපූ  90ගණන් ක්‍රිපූ  80ගණන් ක්‍රිපූ  70ගණන් ක්‍රිපූ  60ගණන් ක්‍රිපූ  50ගණන්
ක්‍රිපූ  40ගණන් ක්‍රිපූ  30ගණන් ක්‍රිපූ  20ගණන් ක්‍රිපූ  10ගණන් ක්‍රිපූ  0ගණන්
ප්‍රවර්ග: උපත්මරණ
සංස්ථාපනයන්විසංස්ථාපනයන්
Close
ක්‍රිපූ 1 වන සියවස ඇරඹුමෙහිදී නැගෙනහිර අර්ධගෝලය.
ක්‍රිපූ 1 වන සියවස අවසනදී නැගෙනහිර අර්ධගෝලය.

සමාලෝචනය

සියවස තුලදී, මධ්‍යධරණී මුහුද වටා පිහිටි ඉතිරි සියළු නිදහස් භූමි ප්‍රදේශ, ක්‍රමයෙන් රෝමානු පාලනය යටතට නතු කරගනිමින්, ආණ්ඩුකාරවරුන් යටතේ සෘජු පාලනයට හෝ රෝමය විසින් පත් කරන ලද රූකඩ රජුන් යටතේ පාලනයට හෝ ලක් විය. රෝමානු රාජ්‍යය පවා අවස්ථා කිහිපයකදී සිවිල් යුද්ධයට ඇද දමනු ලැබුණු අතර, අවසනදී මෙම හේතුව නිසා, වසර 500 පැරණි ජනරජය ආන්තික කිරීම සිදු කෙරෙමින්, සමස්ත රාජ්‍ය බලය තනි පුද්ගලයෙකුට - අධිරාජයාට - පැවරිණි.

රෝමානු ජනරජය අවසන් මර ලතෝනි දෙමින්, ජූලියස් සීසර්, මාර්ක් ඇන්ටනී සහ ඔක්ටේවියන් වැනි බලවත් පුද්ගයන්ගේ ඒකාධිපති පරමාර්ථ වලට ඉඩ දීම, එකල රෝමය වටා දැවෙමින් තිබූ අභ්‍යන්තර අරගලය මොනවට විදහා පෑය. අධිරාජ ඔගස්ටස් අධිරාජයා ලෙසින් ඔක්ටේවියන්ගේ බලයට පත් වීම, ඉතිසාහයේ සන්ධිස්ථානයක් වෙමින්, රෝමානු ජනරජය කෙළවර කරමින් රෝමානු අධිරාජ්‍යය ඇරඹීමට හේතු කාරක වූ බවට සැලකෙයි. සමහර ප්‍රාඥයින් මෙම සිද්ධිය හඳුන්වන්නේ රෝමානු විප්ලවය ලෙසිනි. ක්‍රිස්තියානි ආගමෙහි මධ්‍ය චරිතයක් වන ජේසුස් වහන්සේගේ උපත සිදුවූයේද, මෙම සියවස අවසන හා සමග බව විශ්වාස කෙරෙයි.

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.