ක්ෂමතාව (භෞතික විද්‍යාව)
From Wikipedia, the free encyclopedia
භෞතික විද්‍යාවෙහි, ක්ෂමතාව යනු කාර්යය කිරීමේ සීඝ්‍රතාවය වේ. එය ඒකක කාලයකදී පරිභෝජනය කරන ශක්තියට සමාන වේ. කිසිදු දිශාවක් රහිත, එය අදිශ රාශියක් වේ. , SI ක්‍රමයේදී, ක්ෂමතාවයේ ඒකක තත්පරයට ජූල්(J / s) වන අතර වොට් ලෙසද හදුන්වන්නේ දහඅට වන සියවසේ වාෂ්ප එන්ජිමේ සංවර්ධක ලෙස ජේම්ස් වොට් මහතාට ගෞරවයක් ලෙසයි. අශ්වබල (අශ්වයෙකුගේ බලයට සාපේක්ෂව) යනු තවත් පොදු සහ සාම්ප්‍රදායික මිනුමක් වන අතර ක්ෂමතාවය සදහා සමීකරණය පහත පරිදි ලිවිය හැක:
ක්ෂමතාවය කාලය විෂයෙන් අනුකලනය කල විට කරන ලද කාර්යය ප්‍රමණය ලැබේ. මක් නිසාද යත් මෙම අනුකලනය, බලය යෙදෙන වස්තුවෙහි ලක්ෂයක ගමන් මග සහ ව්‍යාවර්තය මත රදා පවතී. එම නිසා මෙම කාර්යයෙහි ගණනය මාර්ගය මත රදා පවතී යැයි කියනු ලැබේ.
භෞතික සංකල්පයක් ලෙස, ක්ෂමතාව භෞතික විශ්වය සහ වෙනස සිදු වන විශේෂිත කාලය යන දෙකම තෘප්ත කල යුතුය. බලය භෞතික විශ්වය තුළ වෙනසක් හා වෙනස සිදුවන නියමිත කාලය යන දෙකම අවශ්‍ය වේ. මෙය මිනුම් කරන ලද භෞතික විශ්වයේ තත්වයේ සාමාන්‍ය වෙනස යන පදය හෙවත් කාර්යය යන සංකල්පය පැහැදිළි කල යුතුය. යම් බරක් ඉහලට පඩිපෙලක ඔසවාගෙන යන විට කෙරෙන කාර්යය ප්‍රමාණය එම පුද්ගලයා එම බර ඔසවාගෙන පයින් ඇවිදින විට සහ දුවන විට කරන කාර්යය ප්‍රමණය සැලකූ විට එකම අගයක් ගත හැකි නමුත් වඩා වැඩි ක්ෂමතාවයක් දුවමින් කරන ලද කාර්යය කරන විට අවශ්‍ය වේ. මක් නිසාද යත් එහිදී අඩු කාලයක් ගත වන බැවිනි.
විදුලි මෝටරයක ක්ෂමතාව යනු මෝටරය ජනනය කරන ව්‍යාවර්තය සහ ප්‍රතිදාන දණ්ඩේ කෝණික ප්‍රවේගයයි. රථයක චලිතය හා සම්බන්ද ක්ෂමතාව යනු රෝද වල ඇද ගෙන යාමේ බලය සහ රථයේ ප්‍රවේගය අතර ගුණිතයයි. ආලෝක බල්බයක් විදුලි ශක්තිය ආලෝක ශක්තිය සහ තාප ශක්තිය බවට පත් කරන සීඝ්‍රතාවය මනිනු ලබන්නේ වොට් වලිනි. වොට් ප්‍රමානයට වඩා වැඩියෙන් තවත් ක්ෂමතාව හෝ ඒ හා සමනව තවත් විදුලි ශක්තිය භාවිතා කරනු ලබන්නේ ඒකක කාලයකදීය.[1][2]