කලා සහ අත්කම් ව්‍යාපාරය
From Wikipedia, the free encyclopedia
කලා සහ අත්කම් ව්‍යාපාරය 19 වැනි සියවසේ අවසන් වසර කිහිපය සහ 20 වැනි සියවසේ මුල් කාලය තුළ බිහිවූ බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු සෞන්දර්යවාදී ව්‍යාපාරයකි. ජෝන් රස්කින්ගේ ලිවීම් තුළ අන්තර්ගත වූ රෝමාන්තික පරිමාදර්ශීකරණයෙන් ප්රබෝධයට පත්වූ ශිල්පීහු සිය පුද්ගලික අත්කම් සම්බන්ධයෙන් අභිමානයට පත්ව මෙම ව්‍යාපාරය ආරම්භ කරන ලදී. එහි උච්චතම කාලය 1880 සිට 1910 දක්වා විය.
එහි බලපෑම බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ගෘහනිර්මාණ ශිල්පය, සැරසිලි කලාවන්, කැබිනෙට්ටු සෑදීම සහ විලියම් රොබින්සන් හා ගර්ට්රූඞ් ජැකිල් ආදීන්ගේ උද්‍යාන අලංකරණය දක්වා ව්‍යාප්ත විය. එහි කැපී පෙනණු චරිත අතර විලියම් මොරිස්, චාල්ස් රොබට් ඈෂ්බි, ටී. ජේ. කෝබන්, සැන්ඩර්සන් වෝල්ටර් කේන්, නෙල්සන් ඩෝසන්, ෆීබි ඇනා ට්රැක්වියර්, හර්බට් ටියුඩර්, බක්ලෑන්ඞ් චාල්ස්, රෙනේ මැකින්ටොෂ්, ක්‍රිස්ටෝපර් ඩ්‍රෝසර්, අර්නස්ට් ජිම්සන්, එඞ්වඞ් ෂ්රූඩර් පියර්, ෆ්රෑන්ක් ලොයිඞ් වේට්, ගුස්ටාව් ස්ටික්ලි, චාල්ස් වෝසෙ, ක්‍රිස්ටෝපර් වෝහෝල් ආදීන් විය. එක්සත් ජනපදය ඇමරිකානු අත්කම් හෝ අත්කම් ශෛලිය හෝ යනුවෙන් යොදාගන්නා විට බොහෝවිට අදහස් කෙරුණේ ආට් නුවෝ ආධිපත්‍ය දැරූ කාළ පරිච්ඡේදය සහ ආට් ඩෙකෝ ප්රබලව පැවති කාල පරිච්ඡේදය අතර කාලයේ පැවැති ගෘහනිර්මාණ ශිල්පය, අභ්‍යන්තර අලංකරණය සහ සැරසිලි කලාවයි. මෙම කාලය දළ වශයෙන් 1910 සිට 1925 දක්වා විය.