ඉන්දියාවේ උපන් ප්‍රංශ නිළිය සහ ලේඛිකාව From Wikipedia, the free encyclopedia
කල්කි කේක්ලන් (i/ˈkʌlki keɪˈklæ̃/; උපත 1982 ජනවාරි 10) යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රංශ-ඉන්දියානු නිළියක සහ ලේඛිකාවකි. හින්දී චිත්‍රපට ක්ෂේත්රයේ ගතානුගතිකත්වයෙන් තොර වූ රංගන දායකත්වය හේතුවෙන් ප්‍රසිද්ධියට පත් ඇය, ජාතික චිත්‍රපට සම්මානයක්, ෆිල්ම්ෆෙයාර් සම්මානයක්, සහ ස්ක්‍රීන් සම්මාන ද්විත්වයක් ඇතුළු සම්මාන ගණනාවක් හිමිකරගෙන තිබේ. ප්‍රංශ පුරවැසියකු වුව ද, ඇය සිය ජීවිත කාලයෙන් වැඩි කලක් වාසය කොට තිබෙන්නේ ඉන්දියාවේ ය.
ඉන්දියාවේ පොණ්ඩිචෙරියෙහි දී ප්‍රංශ මාපියන්ට දාව උපන් කේක්ලන්, කුඩා කල සිටම රංගනයට යොමුවූවා ය. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ගොල්ල්ඩ්ස්මිත්ස් වෙතින් නාට්‍යකරණය හැදෑරූවා ය. ඉන්දියාවට නැවත පැමිණීමෙන් පසුව, ඇය සිය ප්‍රථම සිනමා නිර්මාණයට දායක වූයේ චන්දා ලෙසින් 2009 දේව්.ඩී චිත්‍රපටය හරහා ය. එහි රංගනය වෙනුවෙන් ඇයට හොඳම සහාය නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය. අනතුරුව ඇය, සින්දගී නා මිලේගී දෝබරා (2011) සහ යේ ජවානී හේ දීවානී (2013) නම් වූ සාර්ථක ප්‍රහසන චිත්‍රපට ද්විත්වයට දායක වූ අතර, ඒ අවස්ථා දෙකෙහි දී ම ඇය හොඳම සහාය නිළිය සඳහා වූ ෆිල්ම්ෆෙයාර් සම්මානය උදෙසා නිර්දේශ විය. කේක්ලන් තිර රචන ක්ෂේත්රය වෙත පිවිසියේ 2011 අපරාධ සංත්‍රාස චිත්‍රපටයක් වූ දැට් ගර්ල් ඉන් යෙලෝ බූට්ස් හරහා ය. එහි ප්‍රධාන චරිතය ද නිරූපණය කළේ ඇය විසිනි.
ඒක් ථී දායන් (2013) නම් අධිස්වාභාවික සංත්‍රාස චිත්‍රපටය සහ ගලී බෝයි (2019) වැනි වානිජමය චිත්‍රපටවලට තවදුරටත් සිය දායකත්වය ලබාදුන්නා ය. එසේම වේටිං (2015) සහ රිබන් (2017) වැනි ස්වාධීන චිත්‍රපටවල ඇය පෙන්වූ රංගන ප්‍රතිභාව වර්ණනාවට පාත්‍ර විය. මාර්ගරිටා විත් අ ස්ට්‍රෝ (2014) නම් යොවුන් චිත්‍රපටය තුළ මස්තිෂ්ක අංශභාගයෙන් පෙළෙන යුවතියකගේ චරිතය නිරූපණය වෙනුවෙන් ඇයට ජාතික චිත්‍රපට සම්මානයක් ද හිමි විය.
මෙමඟින් මෙතෙක් මුදානොහළ චිත්‍රපට නිරූපණය වේ |
වර්ෂය | තේමාව | චරිතය | සටහන් |
---|---|---|---|
2007 | Laaga Chunari Mein Daag | Unknown | Cameo appearance[1] |
2009 | දේව්.ඩී | චන්ද්‍රමුඛී | හොඳම සහාය නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය |
2010 | The Film Emotional Atyachar | Sophie | |
2011 | That Girl in Yellow Boots | Ruth Edscer | |
2011 | Shaitan | Amrita "Amy" Jayshankar | |
2011 | Zindagi Na Milegi Dobara | Natasha | Nominated—Filmfare Award for Best Supporting Actress |
2011 | My Friend Pinto | Maggie | |
2011 | තෘෂ්ණා | ඇය ලෙසම | පසුබිම් නිරූපණය[2] |
2012 | Shanghai | Shalini Sahay | |
2013 | Ek Thi Daayan | Lisa Dutt | |
2013 | යේ ජවානී හේ දීවානී | ආදිති මේහ්රා | නිර්දේශිත—හොඳම සහාය නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය |
2014 | Happy Ending | Vishakha | |
2015 | මාර්ගරිටා විත් අ ස්ට්‍රෝ | ලයිලා | National Film Award – Special Jury Award |
2015 | Waiting | Tara Deshpande | |
2015 | Un plus une | Herself | Cameo appearance[3] |
2015 | Kaash | Elsbeth | Cameo appearance[4] |
2016 | Freedom Matters | Herself | Documentary film |
2016 | Living Shakespeare | Herself | BBC Documentary film |
2016 | A Death in the Gunj | Mimi | |
2016 | Mantra | Piya Kapoor | |
2017 | Naked | Sandy | Short film[5] |
2017 | Jia Aur Jia | Jia | |
2017 | Ribbon | Sahana Mehra | |
2017 | The Thought of You | Ayesha | Short film |
2017 | Azmaish: A Journey Through the Subcontinent | Herself | Documentary film[6] |
2018 | The Job | Christina | Nominated—Filmfare Award for Best Short Film |
2019 | ගලී බෝයි | ශ්වේතා/ස්කයි | |
2019 | CandyFlip | Emily | |
2019 | නේර්කොණ්ඩ පාර්වෛ | ඇය ලෙසම | දෙමළැ චිත්‍රපට ප්‍රවේශය; පසුබිම් රංගනය |
2020 | පාව කදෛගල් | පිනොලොපි | දෙමළ ඇන්තොලොජි චිත්‍රපට ප්‍රවේශය Segment:Love Panna Uttranum[7] |
2020 | Scholarship | Emily Johnson | Filming |
Year | Title | Role | Notes |
---|---|---|---|
2015 | Man's World | Cameo appearance | |
2016 | Kalki's Great Escape | Herself/ Host[8] | 8 episodes[9] |
2016 | Shockers | Episode:"Home At Last"[10] | |
2018 | Smoke | Tara | Main cast; 11 episodes |
2019 | Made in Heaven | Faiza | Main cast; 9 episodes |
2019 | Sacred Games | Batya | Main cast; season 2 |
2019 | Bhram | Alisa | Web series by ZEE5 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.