කරන් පටෙල්
From Wikipedia, the free encyclopedia
ඉන්දියානු ක්රිකට් ක්රීඩකයා සඳහා, කරන් පටෙල් (ක්රිකට් ක්රීඩකයා) බලන්න
මෙම ඉන්දියානු නමෙහි, පටෙල් යන නම පීතෘනාමික කොටසක් වන අතර, එය පවුල් නාමයක් නොවේ. පුද්ගලයාව හඳුන්වනු ලබන්නේ දෙනලද නාමය වන කරන් අනුව ය.
කරන් පටෙල් (උපත 23 නොවැම්බර් 1983) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නළුවෙකි. කරන් පටෙල් සිය රංගන වෘත්තිය ආරම්භ කළේ 2000දී කහානි ඝාර් ඝාර් කි වැඩසටහන ඔස්සේ ය. වර්තමානයේ ඔහු ඒක්තා කපූර්ගේ රූපවාහිනී කතාමාලාවක් වන යේ හේ මොහබ්බතයින් කතාමාලවේ දිව්යංකා ත්රීපති සමග ප්රධාන චරිත නිරූපණයෙහි නියැළෙමින් සිටියි. මෙම කතාමාලාවේ රමන් කුමාර් භල්ලා ලෙස ඔහු නිරූපණය කළ චරිතය හේතුවෙන් සී ස්වර්ණ සම්මාන උළෙලේ දී හොඳම නළුවා (ජනප්රිය) සම්මානය පිට පිට වසර තුනක්ම (2014-2016) හිමි කරගැනීමට ඔහු සමත් විය. එසේම 2015 හොඳම සරාගී නළුවා සඳහා ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය සහ ප්රධාන චරිතයක හොඳම නළුවා සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය ද ඔහුට හිමි විය.
Quick Facts කරන් පටෙල්, උපත ...
කරන් පටෙල් | |
---|---|
![]() කරන් පටෙල් 2015 ITA සම්මාන උළෙලේ රතු පලස මත දී | |
උපත | 23 නොවැම්බර් 1983 (1983-11-23) (වයස 40) |
රැකියාව | නළුවකු, නිවේදකයකු |
සක්රීය වසර | 2005–වර්තමානය |
කලත්රයා(යන්) | අංකිතා කරන් පටෙල් (2015–වර්තමානය) |
Close
2015 මැයි 3 මුම්බායිහි දී කරන් අංකිතා භාර්ගවා සමග විවාහ විය.[1][2]