කරණවෑමියා
From Wikipedia, the free encyclopedia
කරණවෑමියෙකු යනු (මේ සඳහා ඉංග්‍රීසි නාමය Barber වන අතර මෙම පදය රැවුල හැඳින්වීම සඳහා භාවිතා වන ලතින් වචනය වන Barba යන්නෙන් නිර්මාණය වී යැයි සැලකිය හැක.) ඕනෑම වර්ගයක හිසකෙස් කැපීම , රැවුල කැපීම හෝ කොට කිරීම තම වෘත්තිය කරගත් පුද්ගලයෙකි. අතීතයේදී මොවුන් ශෛල්‍ය කර්ම සහ දත් ආශ්‍රීත කටයුතුද සිදු කිරීමට පුරුදුව සිටියහ. කෙසේ නමුත් නූතන කාලයේදී ආරක්ෂිත රේසර් නිපදවීමත් රැවුල් වැවීම අඩු වීමත් හේතුවෙන් කරණවෑමියන් ප්‍රධාන වශයෙන්ම හිසකේ කැපීම සිදු කරති.
කරණවෑමියා, කොණ්ඩා සකසන්නා | |
---|---|
නිකොලවොස් ගයිසිස්, "ද බාබ" | |
රැකියාව | |
නම් | බාබර්, කරණවෑමියා |
වර්ගය | වෘත්තිය |
විස්තරය | |
සේවාදායක ක්ෂේත්රයන් | කෙස් කැපුම්හල, බාබර් සාප්පු, කොණ්ඩාසකසන සාප්පු |
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
මේ හේතුවෙන් ප්‍රධාන වශයෙන්ම කරණවෑමියන් පිරිමින්ගේ හිසකේ කැපීම සම්බන්ධව විශේෂණය වූ වෘත්තිකයන් වේ. මෙය ඇමරිකානු සහ පොදු රාජ්‍යය මණ්ඩලීය රටවල සංස්කෘතීන්ගේ ප්‍රධාන වෙනස්කමක් වේ. මේ හැරුණු විට කරණවෑමියන් අදටද අවශ්‍යතාවය පරිදි රැවුල සම්බන්ධ කටයුතුද සිදු කිරීමේ හැකියාවෙන් යුක්ත වේ. කෙසේ නමුත් කරණවෑමියන් කැපී පෙනෙන කොණ්ඩා මෝස්තර සහ විශේෂ ආකාරයට හිසකේ කැපීම සම්බන්ධයෙන් හිසකේ විලාසිතාගාර තුළ ක්‍රියාකරන කොණ්ඩා මෝස්තර ශිල්පීන් තරම් දක්ෂතාවයක් නොදක්වති.
කරණවෑමියෙකු විසින් පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානය සරළව කොණ්ඩා කපන ස්ථානය ලෙස හැඳින්වේ.
ඇතැම් කරණවෑමියන් තමන්ව කොණ්ඩා මෝස්තර ශිල්පීන් හෝ හිසකේ අලංකරණය කරන්නන් ලෙස හඳුන්වා ගැනීමට කැමැත්තක් දක්වති. පොදු ව්‍යවහාරයේ පවතින දුර්මතයක් වන්නේ කරණවෑමියන් කොණ්ඩා කැපීමට අමතරව වෙනත් කිසිදු සේවාවක් සපයන්නේ නැති බවයි. මෙය අසත්‍යයක් වන අතර විලේපනවේදීන් පමණක් හිසකේ වර්ණ ගැන්වීම සහ රැලි ගැන්වීම සිදු කරන බවට පවතින මතයද නිවැරදි එකක් නොවේ. කරණවෑමියෙකුට සැපයිය හැකි සේවාවන් අතරට හිසකේ කැපීම , රැවුල කැපීම හෝ කොට කිරීම , හිසකේ වර්ණ ගැන්වීම සහ රැළි ගැන්වීම , මුහුණු අලංකරණය ආදිය ඇතුළත් වේ. මේ හැරුණු විට කරණවෑමියන්ට කෘත්‍රීම හිසකේ ප්රතිස්ථාපක නිෂ්පාදන (බොරු කොණ්ඩා වැනි) සමග කටයුතු කිරීමට නෛතික අවසරය පවතී. බොහෝ කොණ්ඩා මෝස්තර ශිල්පීන්ද නෛතික වශයෙන් ගත් කළ කරණවෑමියන් වේ. තවද, කරණවෑමියන් සහ විලේපන ශිල්පීන් අතර යම් ප්‍රමාණයක තරගයක් පවතී. මෙම වෘත්තිකයන් දෙකොට්ඨාසයම නෛතික වශයෙන් පාලනයට යටත් වේ. අතීතයේ එක් කලෙක මෙම වෘත්තිකයන් දෙකොට්ඨාසයටම හිසකේ කැපීමට අවසර තිබූ අතර රැවුල කැපීම සහ කොට කිරීම සම්බන්ධ අවසරය හිමිවූයේ කරණවෑමියන්ට පමණි. ඊට හේතුව වූයේ මෙම දෙවැනි කාර්ය සඳහා දැලි පිහිය භාවිතය පිළිබඳව පුහුණුවක් අවශ්‍ය වීමයි.