![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7d/TOMS_Global_Ozone_65N-65S.png/640px-TOMS_Global_Ozone_65N-65S.png&w=640&q=50)
ඕසෝන් ක්ෂයවීම
From Wikipedia, the free encyclopedia
ඕසෝන් ස්ථරයේ ක්ෂය වීම(Destruction of Ozone layer) වෙනස්කම් දෙකක් මත විස්තර කරන අතර නිරීක්ෂණ වලින් පැවසෙන්නේ ඉතා සෙමින්, 1970 පටන් පෘථිවි අපරිවර්තී ගෝලයේ මුළු ඕසෝන ප්‍රමාණය දශකයකට 4% බැගින් ස්ථායි අවපාතයකට ලක් වී ඇති බවයි. මෙම කාලය තුළ දී ම මෙයට වඩා මඳක් වැඩියෙන් වාරිකව (සෘතුමයව) අපරිවර්තී ගෝලයේ ඕසෝන අවපාතනය පෘථිවියේ ධ්රැව ප්රදේශවලද සිදු වී ඇත. මෑත කාලීනවම එය බොහෝ විට ඕසෝන සිදුර ලෙසට හැඳින්වේ.
![]() | මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. |
![]() | ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. (2015 ජනවාරි) |
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7d/TOMS_Global_Ozone_65N-65S.png/640px-TOMS_Global_Ozone_65N-65S.png)
මෙම අපවර්තී ගෝලීය ඕසෝන අවපාතනයට (බොහෝ දෙනා දන්නා) එකතු කිරීමක් දැක්විය හැකිය.ඒ වසන්ත සෘතුවේ දී ධ්රැව ප්‍රදේශවල පෘෂ්ට ආසන්නයේ සිදුවන පරිවර්තී ගෝලීය ඕසෝන අවපාතනයයි.
ධ්‍රැවීය ඕසෝන සිදුරුවීමේ සවිස්තරාත්මක යාන්ත්‍රණය, මධ්‍ය අක්ෂාංශවල සිහින් වීමෙන් වෙනස් වෙයි. මෙම නැඹුරුවීම් දෙකෙන් වඩා වැදගත් වන්නේ එම ක්‍රියාවලියේ දී ඕසෝන විඝටනයේ උත්ප්‍රේරක ලෙස පරමාණුක ක්ලෝරීන් සහ බ්‍රෝමින් ක්‍රියා කිරීමයි. පරිවර්තී ගෝලය තුළ ඇති මෙම හැලජන පරමාණුවල ප්‍රධාන ප්රභවය වන්නේ ක්ලෝරෝෆ්ලෝරෝකාබන් සංයෝගවල ඇති ආලෝක විඝටන භාවයයි. එය බොහෝ දෙනා ෆ්‍රියෝන ලෙස හදුන්වයි. ක්ලෝරෝෆ්ලෝරෝකාබන (CFC) හැලෝන ලෙසද හදුන්වයි. මේ වායු පරිවර්තී ගෝලය තුළට ගමන් කරන්නේ පෘෂ්ටයට විමෝචනය වූවාට පසුවයි. ඕසෝන ක්ෂය වීමේ යාන්ත්‍රණ දෙක ශක්තිමත් වන්නේ CFC සහ හැලෝනවල විමෝචනය වීම ඉහළ ගිය විටයි.
CFC සහ මීට දායක වන අනෙක් ද්‍රව්‍යයන් ඕසෝන් ක්ෂය කරවන ද්‍රව්‍යයන් ලෙස හදුන්වයි. (ODS) පෘථිවි වායු ගෝලය තුළින් ගමන් කරන පාරජම්බූල කිරණ වල ඇති UVB සංඛ්‍යාතය (270 – 315 mm) ඉතා අහිතකර වන අතර ඉන් ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීමට පියවර ගැනිණි. ඕසෝන අඩුවීම නිරීක්ෂණය කර ව්‍යාපෘතියක් සකසා මොන්ට්‍රියොල් සම්මුතියට අනුව CFC සහ හැලෝන නිපදවීමද, ඕසෝන ක්ෂය කරන රසායන ද්‍රව්‍යයක් වන කාබන්ටෙට්රා ක්ලෝරයිඩ් සහ ට්රෝයික්ලෝරෝඊතේන් නිපදවීමද තහනම් කරන ලදී. මෙම ක්ෂය වීම හේතුවෙන් වායුගෝලයේ ඇති පාරජම්බූල කිරණවලට විවෘත වීම (අනාවරණය වීම නිසා) ජීව විද්‍යාත්මක විපාකයන් වන චර්ම පිළිකා වලට ගොදුරුවීම,ශාක වලට හානි වීම සහ සාගරයේ ආලෝකමත් කලාපයේ ජලවාංග ගහනයේ අඩුවීම සිදුවේයැයි සැක කෙරේ.